(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු එහි ප්‍රධානීහු පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට අද(5) උදේ කැඳවෙති.
මහ බැංකුවේ ප්‍රධානීන් පක්ෂ නායකයන් හමුවට කැඳවෙන්නේ අද උදේ 10.30ය.
ඉන් අනතුරුව මහ බැංකු ප්‍රධානීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට උදේ 11.30 ට කැඳවෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මහා බැංකු ප්‍රධානීන් මුදල් කාරක සභා රැස්වීමට කැඳවීමට පෙර පක්ෂ නායකයන්ගේ රැස්වීමට කැඳවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් දැඩි ලෙස විරෝධය පළ කර ඇත. විරෝධය පළ කළ පිරිසේ ඇමතිවරු පිරිසක්ද සිටිති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ මහ බැංකු නිලධාරින්ගේ වැටුප් වැඩි කිරීම පාර්ලිමේන්තුව මෙතෙක් අනුමත කර නැති බවයි.
ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මහ බැංකුවේ නිලධාරීන් මෙසේ ලොකු ප්‍රමාණයකින් වැටුප් වැඩි කර ගැනීම සදාචාරාත්මක නොවන බව හෙතෙම පෙන්වා දෙයි.
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහ බැංකු ලොක්කෝ හෙට මැතිසබයට
chandima Monday, 04 March 2024 10:54 PM
මේ දැන උගත් මහත්තුරු මොකට ඕකෙ ඉඳගෙන ඉන්නවද? පාර්ලිමේන්තුවේ ඉන්න අවුරුදු පහෙන් පෙන්ෂන් ගන්න අයට වැඩේ බාරදීලා පිටරට රස්සාවකට යනවා මිසක්...