(මනෝප‍්‍රිය ගුණසේකර)
මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 1500 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහි චෝදනා පත‍්‍ර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (25) කොළඹ මහාධිකරණයේදී බාර දෙන ලදී.
මෙම බැඳුම්කර වංචා නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කරන ලද අමල් රණරාජා (සභාපති) නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල ඉදිරියේ එලෙස චෝදනා පත‍්‍ර බාරදීමෙන් අනතුරුව ඔවුන්ගේ ඇඟිලි සළකුණු ලබා ගන්නා ලෙස විනිසුරු මඩුල්ල නියම කළේය.
2016 මාර්තු මස 12 වැනිදාත් මාර්තු මස 03 වැනිදාත් අතර කාලයේ කොළඹදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී භාන්ඩාගාර බැඳුම්කර වංචා කිරීම සඳහා පොදු අරමුණක් සහිතව කටයුතු කිරීම ඒ අනුව 2016 මාර්තු 31 වනදා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැදුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15 ක් බැදුම්කර සාපරාධී සාවද්ය පරිහරණය කිරීම, එමඟින් රජයට පාඩු සිදු කිරීම, ඒ සඳහා අධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.
මෙලෙස චෝදනා නඟා ඇත්තේ පර්පචුවල් ටේරෂරීස් සමාගම, හිටපු මුදල් අමාත්‍ය රවීන්ද්‍ර සන්දේශ් කරුණානායක හෙවත් රවී කරුණානායක, ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති ලක්‍ෂමන් අර්ජුන් මහෙන්ද්‍රන්, එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පළිසේන, එම සමාගමේ සේවකයින් වන චිත‍්‍රා රංජන් හුලූගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා ශ‍්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරී ඉන්දික සමන් කුමාර නමැත්තන්ට එරෙහිවය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී නඩුවේ 03 වැනි විත්තිකරු ලෙස නම් කොට සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් සහ 09 වැනි විත්තිකරු ලෙස නම් කර සිටින අජාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන් විදේශගතව සැඟව සිටින හෙයින් ඔවුන්ට සිතාසි බාරදීමට නොහැකි වු බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප‍්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දැනුම් දුන්නාය.
මියන්මාර මිනිස් ජාවාරම් කඳවුරේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 27ක කණ්ඩායමක් මෙරටට ගෙන්වා ගැනීමට රජය සමත් වූ බව විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් මහතා අතර හමුවක් අද (16) පස්වරුවේ සිදු විය.
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ ප
නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිස් පයින් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (16)
අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (16) පැවසීය.
ඉන්දියාවේ ආරක්ෂාවට හෝ කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට ඉඩ දෙන්නේ නැතැයි තමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
මහ බැංකු විත්තිකරුවන්ට චෝදනා පත්‍ර බාර දෙයි