IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මහ බැංකුවේ මුදල් හොරකමට පරීක්ෂණ දෙකක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිකුතු නිෂ්කාශනාගාරයේ ලක්ෂ පනහේ මුදල් බණ්ඩලයක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  පරීක්ෂණ දෙකක් පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.

මේ එකක්  අභ්‍යන්තර පරීක්ෂණයක් බවද සහකාර අධිපතිවරයකුගේ ප්‍රධානත්වයෙන් ඒ පරීක්ෂණය පැවැත්වෙන බවත් ඔහු සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමග ජන බලවේගයේ  පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී  නිරෝෂන් පෙරේරා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

නිරෝෂන් පෙරේරා මහතා:

පරීක්ෂණ දෙකක් කරනවා කියන්නේ තවම හොරා අල්ලලා නැහැ. තවම හොරා ඉන්නවා කියන එක තමයි අපිට නිගමනය කරන්න වෙන්නේ. මෙච්චර කල් මහ බැංකුව ඇතුළේ  ඉන්න හොරා අල්ලගන්න බැරි වුණේ ඇයි. සීසීටීවී කැමරාවලින් හඳුනාගන්න බැරි වුණේ ඇයි කියලා ප්‍රශ්න කරන්න වෙනවා.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා:

මහ බැංකුව මේ ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් කරනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් පරීක්ෂණයක්  කරනවා. මේ විමර්ශන  අවසානයේ තමයි පැහැදිලිවම මොකක්ද වෙලා තියෙන්නෙ කියලා දැකබලා ගන්න පුළුවන් වෙන්නේ. විමර්ශන කටයුතු ඉක්මන්  කරන්න කියලා මහ බැංකු අධිපතිතුමා පොලිස්පතිට කියලා  තියෙනවා. විමර්ශන අවසන් වුණාම ඒ පිළිබඳව දැනුම් දෙන්නම්.

නිරෝෂන් පෙරේරා මහතා

අර්ජුන මහේන්ද්‍රන් දැන් හොයනවා. අජිත් නිවාඩ් කබ්රාල් සහ ඩබ්ලිව් ඩී  ලක්ෂ්මන් හිටපු මහ බැංකු අධිපතිවරුන්  සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තියෙනවා. කබ්බ්‍රාල් එයාගේ වැටුප ලක්ෂ 4 දක්වා වැඩි කරගත්තා. එතුමා ලක්ෂ හැත්තෑවක් හිඟ වැටුප් විදියට අරගෙන තියෙනවද. ශ්‍රේෂ්ඨාධිකරණය  ඔවුන්ට  විරුද්ධව තීරණයක් ගෙන තියෙන නිසා  ඒවා අත්හිටුවීමට කටයුතු කරනවාද

සෙහාන් සේමසිංහ මහතා

ඔබතුමා ඇහුවේ මහ බැංකුවේ මුදල් සිද්ධියක් ගැන. ඔබතුමා මේ ප්‍රශ්නය ගැන  නැවත ප්‍රශ්නයක්  යොමු කළොත් උත්තර දෙන්නම්.  මම සූදානම් වෙලාවේ මුදල්  ප්‍රශ්නයට විතරයි.



අදහස් (2)

මහ බැංකුවේ මුදල් හොරකමට පරීක්ෂණ දෙකක්

නිමල් Tuesday, 28 November 2023 03:50 PM

මහ බංකුව ලජ්ජා විය යුතුයි හොරු ඇල්ලීමට මෙපමණ කල් ගැනීම ගැන. වාණිජ බැංකුවක් නම් දවසෙන් දෙකෙන් හොරු අල්ලා සේවයෙන් පහ කරලා ඉවරයි. අනෙකුත් මුල්‍ය ආයතනවලට නීති දාන ඔබගේ මුදල් සම්බන්ධ පාලන විදි ක්‍රම නැති ගානයි.

:       0       1

Perera Tuesday, 28 November 2023 06:51 PM

මහබැංකුව කඩලා කෝටි ගණන් හොරාකාපු ලොකුහොරුත් නිදැල්ලේ ලක්ෂ 50ක් ගත්තු පොඩි හොරුත් නිදැල්ලේ... කඩනවා නම් ඔන්න බැංකුව..

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 0 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 117 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 27 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 286 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 808 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 886 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25751 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site