(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් සියයට හැත්තෑවකින් පමණ වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් අද (21) ඇතිවිය.
මෙහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා පැවසුවේ සාමාන්‍ය මිනිස්සුන්ට රුපියල් සීයක් දෙසීයක් වැඩි කරන්න ගියාම මහා බැංකුවේ මුදල් අමාත්‍යාංශය අය පට්ට විදියට විරුද්ධ වෙන බවයි.
එහෙම කරන අය ඒගොල්ලන්ට ලක්ෂ ගණනින් බෙදාගෙන ඇති බවත් මෙය මහා අපරාධයක් බවත් ඔහු කීවේය.
පාර්ලිමේන්තු බලය පාවිච්චි කර සැමට සාධාරණයක් කරන්න යැයිද ඔහු සඳහන් කළේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
ඒ අයගේ පඩි වැඩි කරගන්න හැකියාව තියෙන්නෙ මොන පනතෙද. මට පෙන්නන්න වගන්තිය. සියයට 70 කින් පඩි වැඩිකරගෙන තියෙනවා. එම නිලධාරින් පාර්ලිමේන්තුවට කැඳවලා මේ ගැන අහන්න ඕන.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා.
මේ ගැන පාර්ලිමේන්තු බලතල අනුව කටයුතු කරන්න පුළුවන් මුදල් කාරක සභාවට කැඳවන්න පුළුවන්. ඒ ගැන කිසිදු ගැටළුවක් නැහැ
මේ ආර්ථික වැඩපිළිවෙලට මුදල් අමාත්‍යාංශය වගේම මහා බැංකුව විශාල දායකත්වයක් දැක්වූවා. මහා බැංකුවේ අනූ දෙනකු පිටරට ගිහිල්ලා. ඒ අය රඳවා ගන්න අපිට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න වෙනවා.
ජනතාවට අමාරුම යුගය අපි පහු කරනවා. රාජ්‍ය ආදායම වැඩිකර ගන්න වෙලා තියෙන්නෙ බදු වලින්. රාජ්‍ය ආදායම ශක්තිමත් කරන්නේ කවුරුන් වෙනුවෙන්ද. මළ ගෙදර සූදු කෙලින්න ලෑස්ති වෙන්න එපා.
උප්පැන්න සහතික නොමැති ළමුන්ට ඒවා ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.
තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්
කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.
වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය
ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහ බැංකුවේ වැටුප් වැඩි කළාට මන්ත්‍රීවරුන්ගේ විරෝධය
මැක්ස් Wednesday, 21 February 2024 04:45 PM
විලිලැජ්ජා නැති මහා බැංකුවට එරෙහිවවත් මේරටේ දේශපාලන පක්ෂ එකා වගේ විරෝධය පලකිරීම සුබ ලකුණක්. ඒත් කෝ මේ කොයි දේටත් කට දාන ජාජබයෝ තුන් දෙනා..? ඒ ගොල්ලන්ගේ සමාජ මාධ්‍ය ගෝල බාල රෑනත් ඒ ගැන නිශ්ශබ්දයි නේද?