(නිමන්ති රණසිංහ)
මහ බැංකුවේ ප්‍රධාන ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කාමරයක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ පනහක මුදලක් අඩුවීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා කොටුව පොලීසියට අද නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් කොටුව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් ඉදිරිපත් කළ බී වාර්තාව සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මහ බැංකුවේ අධි ආරක්ෂිත කාමරයක ගබඩාකර තිබූ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු දාහක බණ්ඩලයක ඌනතාවක් සිදුවී ඇතැයි සඳහන් කරමින් මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධිකාරි එස්.ආර්. දයානන්ද මහතා ඉකුත් 11 වැනිදා මෙම පැමිණීල්ල ඉදිරිපත් කළ බවට කොටුව පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
ඒ අනුව මෙම ඌනතාව පිළිබඳව විමර්ශනය ආරම්භ කළ බවත් ඒ සම්බන්ධයෙන් අදාළ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 06 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත් කොටුව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
මහ බැංකුවේ අධිආරක්ෂිත කාමරයේ ගබඩා කර තිබූ මෙම මුදල්වල අඩුවීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් කිහිප දෙනකුගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවත් එම ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව විමර්ශන ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන බවත් කොටුව පොලිසිය අධිකරණයට සිය බී වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කර ඇත.
දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.
හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක
හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
මහ බැංකුවේ හොරු අල්ලනු
rasika Tuesday, 18 April 2023 08:44 AM
ඕක බහිරවය ගිලල හොරු නේද හැමතැනම, මහ බැංකුවෙත්, මිනිසුන්ට සල්ලි දාන්න තැනක් ඇත්තෙම නැද්ද
Rohana Tuesday, 18 April 2023 10:02 AM
මහ හොරා ඇල්ලුවෙනැතිව මේවගෙ පොඩි හොරු අල්ලන්නත් උනන්දුවක් නැතිපාටයි.
fairoos Tuesday, 18 April 2023 12:41 PM
රනිල් පැත්තට ඇවිල්ලත් ගියාද?