IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


‘‘මහා භාණ්ඩාගාරයෙන් අමතර මුදල් ඉල්ලන්න එපා‘‘

(අජන්ත කුමාර අගලකඩ)

මහා භාණ්ඩාගාරයෙන් අමතර මුදල් ප්‍රතිපාදන ඉල්ලිමෙන් වළකින්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත .

ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ  පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.

ගතවූ කාලයේදී රැකියා විශාල ප්‍රමාණයක් ලබා දී ඇති බැවින් අලුතින් කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි පවසා ඇති ඇමතිවරයා සිටින කාර්ය මණ්ඩල යොදාගෙන කටයුතු කරගෙන යන ලෙස සඳහන් කර ඇත.

විදේශ සංචිතවල යම් අඩුවීමක් තිබෙන නමුත් එය කළමනාකරණය කර ගත හැකි මට්ටමක පවතින බව පවසා ඇති ඇමතිවරයා විදේශ සංචිතය ඩොලර් බිලියන 1.2 ට අඩු අවස්ථා පවා තිබුණු බව පවසා ඇත .

මහ බැංකුවේ හා පෞද්ගලික බැංකු වල කිහිප දෙනකු එක් වී ඩොලර් මගඩියක් කරගෙන යන බව කී ඇමති රාජපක්ෂ මහතා කළු කඩේ ඩොලරයක මිල රුපියල් 235 ක් දක්වා ඉහළ ගියේ ඒ නිසා බවද පවසා ඇත . කළු කඩේ ඩොලරයක මිල මේවන විට රුපියල් දෙසිය පහළොවක් පමණ දක්වා අඩු වී ඇතැයි ඔහු එහිදී පවසා ඇත

සහල් මිල රුපියල් 20 කින් පමණ අඩු කිරීමට හැකියාව තිබියදී ව්‍යාපාරිකයන් හතරදෙනකු සහල් වලින් අධික ලාභයක් ලබන බවද ඇමතිවරයා සඳහන් කර ඇත.

 



අදහස් (14)

‘‘මහා භාණ්ඩාගාරයෙන් අමතර මුදල් ඉල්ලන්න එපා‘‘

Rohana Monday, 19 July 2021 04:32 PM

භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලන්න එපා කීමෙන්ම මූල්‍ය අර්බුදයේ බරපතල බව පෙන්වන්න වෙන සාක්ෂි කුමකටද?

:       2       264

sharm warn Monday, 19 July 2021 04:39 PM

හරියට තියනවා වගෙ නේද

:       0       128

Kumara Monday, 19 July 2021 05:13 PM

අමතරව ඉල්ලන්නේ බූරුවා ගහන්නද?

:       1       234

සිරිබිරිස් Monday, 19 July 2021 05:33 PM

සහල් වලින් අධික ලාභ ලබන 4 දෙනා කවුද කියලා කියන්න බයද?

:       0       267

විපරමා Monday, 19 July 2021 05:47 PM

අමතරව ඉල්ලන්න එපා කියන්නේ පවුලේ හතර වරිගයම ඉන්න අයගේ වුවමනාවන් පිරිමහගන්න වෙන්න ඇති. මාර ආර්ථික ඔස්තාර් කෙනෙක්නේ. මොනවද දන්නේ නැහැ තියෙන සුදුසුකම්?

:       37       171

ශාලින්ද්‍ර Monday, 19 July 2021 06:10 PM

සර් , ටිකක් නම් ගන්න ඕන..

:       0       8

Jude perera Monday, 19 July 2021 06:28 PM

භාණ්ඩාගාරෙත් ඉවරයි...!!!

:       0       15

සෙනෙවිරත්න Monday, 19 July 2021 06:52 PM

අනේ ඒ වුණාට එයාර් ලංකා එකට මුදල් දෙන්න. මොකද ඒකෙ ඉන්නේ තමුන්නැහැලාගේ පවුලේ අය. ඒ අයට වැටුප් නැති වුනොත් අපි කොහොම වාවන්නද?

:       0       46

සෙනෙවිරත්න Monday, 19 July 2021 06:54 PM

මහ බැංකුව ගැන කියපු කතාවට කියන්න තියෙන්නේ, ගමරාල තමාගේ අමුඩේ කැතකලේ කවුද කියලා අහනව වගේ.... කතාවක්...

:       0       28

Ruhunu Monday, 19 July 2021 08:07 PM

මෙලහකට ඒකත් සුද්ද කරලද දන්නැහැ..

:       0       38

sharm warnTuesday, 20 July 2021 08:49 AM

මෙයා දාපු සුද්දේ තරම නිසා නේ අනිත් එක්කෙනා ගිහින් ජනේලේ එල්ලිලා හිටියේ... තව මොනවා සුද්ද කරන්නද? දැන් මකුළු දැල් තමයි ඇත්තේ...

:       0       0

Don perera Monday, 19 July 2021 08:50 PM

අපේ 10% ගන්න බැරිද?

:       1       32

chandana Monday, 19 July 2021 10:38 PM

ඇමතිතුමණි, රාජ්‍ය සේවයේ සියළුම තනතුරුවලට බඳවාගෙන ඇත්තේත්, බැඳී ඇත්තේත් ඒ ඒ රැකියාවලට ආවේනික අවධානම හඳුනාගෙනයි. ත්‍රස්තවාදී අවදානම කාලේ තරුණයින් හමුදාවට බැඳුනේ මැරෙන්න වෙන බව දැනදැනම රටට ආදරේ නිසයි. තරුණයින් විතරක් නෙවෙයි වෙනත් රජයේ වෘත්තින්වල හිටපු රටට ආදරේ කරපු නිලධාරින් ස්වේච්ඡා හමුදාවට බැඳුනෙත් ඒක නිසයි. සෞඛ්‍ය සේවයට බැඳෙනකොටම දන්නවා තමන්ට සේවය කරන්න වෙන්නේ විවිධාකාර ලෙඩ්ඩු එක්ක කියලා. දැනදැනම ඔවුන් සේවයට එන්නේ රැකියාව වැදගත් නිසා. හැබැයි එහෙම සෞඛ්‍ය අවදානමක් නැති වෘත්තීන්වල සේවය කරන අයටත් මේ වගේ කාලෙක සේවය කරන්න වෙන්නේ සෞඛ්‍ය අවදානම සමගමයි. ඒකනිසා කිසිම හේතුවකට, කිසිම වෘත්තියකට විශේෂ කරලා අපේ බදු මුදලින් වැටුප් නම් කිසිසේත්ම වැඩි කරන්න භාණ්ඩාගාරයෙන් නම් මුදල් වෙන් කරන්න එපා...

:       0       0

න ච දසනායක Tuesday, 20 July 2021 10:01 AM

කවුද සල්ලි මහ භාණ්ඩාගාරයෙන් ඉල්ලන්නේ? රටේ අහිංසක දුප්පත් මිනිස්සුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 1 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 7 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 184 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මස්සිනා දොස්තර බිරිය මරයි
2024 නොවැම්බර් මස 05 460 0

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)


ජපුර සිසුන් විරෝධතාවක
2024 නොවැම්බර් මස 05 265 0

ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට සහ කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනමට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම


තැපැල් ඡන්දය දෙන්න තවත් දින දෙකක්
2024 නොවැම්බර් මස 05 66 0

තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 413 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1320 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 695 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site