(සුජිත් හේවාජුලිගේ)
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමග අද හෙටම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවසීය.
මැතිවරණ සමයේදී මැතිවරණයට බලපෑම් ඇති විය හැකි වෛරිය ප්‍රකාශ නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව ඔහු සඳහන් කළේය.
පසුගිය ජනාධිපතිවරණයේදී සමහරුන් සමාජ මාධ්‍ය වැරදි ආකාරයට භාවිත කළ බව හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මෙවර මහ මැතිවරණයට අපේක්ෂකයන් තුන් හාරදහසක පිරිසක් ඉදිරිපත් විය හැකි හෙයින් සමාජ මාධ්‍ය භාවිතයේ සාපේක්ෂ වැඩිවීමක් අපේක්ෂා කරන බව පැෆරල් සංවිධානය ප්‍රකාශ කරයි.
පසුගිය ජනාධිපතිවරණයේදී වැරදි සමාජ මාධ්‍ය භාවිතයන් වැළැක්වීමට මැතිවරණ කොමිෂන් සභාව විවිධ උපදෙස් දුන්නද ඒවා නිසි ආකාරයට ක්‍රියාත්මක නොවූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
A Monday, 07 October 2024 10:54 PM
රෝහණ හෙට්ටිආරච්චි දැන් විතරක් නැගිටලා ඉන්නේ ඇයි?
ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 08 October 2024 10:33 AM
ඇත්තටම හොඳ තීරණයක් මේක , හේතුව පසුගිය ජනාධිපතිවරණය සමයේ දුෂිතයින් හා හොරුන් තමන්ගේ බලය අහිමිවෙය් කියන බියට එක්තරා දේශපාලන පක්ෂයක් ඉලක්ක කරමින් අතීතයේ සිදුවුණු (මිනිසුන් නොදන්නා සත්‍ය දේවල් වසන් කරමින්) තරුණ ඡන්ද දායකයින්ව නොමඟ යවමින් අමූලික බොරු සමාජගත කරමින් දැවැන්ත මඩ ව්‍යාපාරයක් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙනගියා, නමුත් වාසනාවකට බුද්ධිමත් ජනතාව හා තරුණ පරපුර ඒවාට රැවටුනේ නෑ, එබැවින් එළබෙන මහමැතිවරණය සමයේ හා මින් ඉදරියට එවැනි බොරු හා මඩ ප්‍රචාර නොවෙන්න වග බලාගත යුතුයි