IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මහ වැස්සේ බසයකට ඉඩ දෙන්න ගිය සිසුවා බෝක්කුවක හිර වෙයි

( පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල ප්‍රදේශයට අද දවසපුරා ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජලයෙන් පිරී ගිය බෝක්කුවකට ඇද වැටීමෙන් එහි සිරවී සිටි 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු අනතුරට ලක්ව ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කුරුණෑගල මලිය⁣දේව ආදර්ශ මහා විද්‍යාලයේ නවය වසරෙහි අධ්‍යාපනය ලැබූ කුරුණෑගල ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයෙකි. ඔහු තමන් පදිංචි නිවස ආසන්නයේදීම මෙම අනතුරට ලක්වී ඇත.

පාසල නිම වීමෙන් අනතුරුව නිවසට යාම සඳහා පාසලේ සිට ජයන්තිපුර ප්‍රදේශයට පිවිසෙන අතුරු මාර්ගයක ගමන් කරමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණපා ඇති බව පොලීසිය කියයි.

කුරුණෑගල බණ්ඩාරනායක විදුහලේ සිට සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථයකට ඉඩ දීම සඳහා මාර්ගය අයිනට වීමේදී ලිස්සා ගොස් ඔහු ඇල මාර්ගයට ඇද වැටී ඇති බව කියයි. ජල මාර්ගයේ ගසාගෙන ගොස් ඔහු බෝක්කුව තුළ සිරවී ඇත.

අඛණ්ඩව කුරුණෑගල ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇද හැළෙන අතර මේ හේතුවෙන් එම මාර්ගයේ ගලා බසින ඇල මාර්ගය පිටාර යමින් ජලය ගලාගෙන ගොස් ඇත. මේ හේතුවෙන් මාර්ගය ඇතුළු අවට ප්‍රදේශයම සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසී ගොස් තිබූ බව කියයි.

පසුව කුරුණෑගල පොලීසියේ සහ ඒ ආසන්නයේම පිහිටි වැහැර යුද හමුදා කඳවුරේ සෙබළුන් එක්ව බැකෝ යන්ත්‍රයක් යොදා බෝක්කුව කඩා ඉවත් කර ඉමහත් වෙහෙසක් දරා  බෝක්කුව තුළ සිරවී සිටි ශිෂ්‍යයා පැයකට පමණ පසුව මුදාගෙන ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත.

අනතුරට ලක්ව සිටින ශිෂ්‍යයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් දරමින් සිටින බව වාර්තා විය.

 



අදහස් (2)

මහ වැස්සේ බසයකට ඉඩ දෙන්න ගිය සිසුවා බෝක්කුවක හිර වෙයි

පුරවැසියෙක්.... Monday, 05 September 2022 04:45 PM

මෙවන් තත්වයන්ට මාර්ග සංවර්ධන අධිකාරිය සහ කුරුණෑගල මහ නගර සභාව වගකිව යුතුයි...

:       0       25

PereraTuesday, 06 September 2022 01:44 AM

ලංකාවේ කිසිම අයහපත් දේකට වගකීමක් ගන්න කෙනෙක් නැහැ. ලංකාව වලපල්ලට වැටිලා තියෙන එක හේතුවකුත් එයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 1183 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1877 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 680 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1929 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 218 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1262 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site