(පානදුර සුමිත් පොතුපිටිය)
නිවසේ මෙහෙකාර සේවය කළ 63 හැවිරිදි කාන්තාවක රවටා හෝටල් කාමරයකට කැටුව ගොස් රන්මාලය සහ ජංගම දුරකථනය සහිත අත්බෑගය සොරකම් කළ 42 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කියයි.
පැමිණිලිකාර කාන්තාවක කළුතර ප්‍රදේශයේ පදිංචි කාරියක බවත් ඇය කොළඹ ප්‍රදේශයේ නිවසක මෙහෙකාර කමට ගොස් දෛනිකව දුම්රියෙන් නිවස කරා යමින් සිටියදී එගොඩ උයන ප්‍රදේශයේ පදිංචි සැකකරුව හදුනාගෙන දෙදෙනා පෙම්වතුන් වී ඇති බවත් උසස් පොලිස් නිළධාරියකු කීය.
සැකකරු පසුගිය දිනක පැමිණිලිකාර කාන්තාව පානදුර දුම්රිය ස්ථානයෙන් බස්සවාගෙන පානදුර මුහුදු වෙරළ ආසන්නයේ කාමරයකට කැටුව ගොස් පැය කිහිපයක් එහි රැදී සිටීමෙන් පසු ඇය නාන කාමරයට ගිය අතරවාරයේ දී අත්බෑගය ද රැගෙන පලා ගොස් ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇති බව පොලිසිය කීය.
ඒ අනුව නවාතැන් පොලෙන් සැකකරුගේ විස්තර ලබාගෙන මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට රුපියල් 140,000 ක උකස් කර තිබූ රන්මාලයද, ජංගම දුරකථනය ද සොයා ගත් බව පොලිසිය කියයි.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මුලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය
අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මෙහෙකාර කත රැවටූ අයෙක් අත්අඩංගුවට
Pradeep Kumara Thursday, 20 February 2025 04:33 PM
අවුරුදු 63යි, ඒ වුනාට නොදන්නා එවුන් එක්ක කාමරවලට යනවා.
නිර්මාල් Friday, 21 February 2025 12:28 PM
රාගයට වයස කියලා දෙයක් නෑ. මෙච්චර රටේ හොරු, මංකොල්ල කාරයෝ ඉන්න එකේ ඔයාච්චි මොකට රත්තරන් මාල කරේ දාගෙන යනවාද? මෙයා නිසා හොඳයි. නැත්නම් ජීවිතෙත් නැතිවෙන්න ඉඩ තිබුණා..
rs Friday, 21 February 2025 02:55 PM
හැටතුනත් වයසක්ද නේ.