(හිරාන් ප්රිකයංකර ජයසිංහ)
හලාවත අලුත්වත්ත ප්රසදේශයෙ පදිංචි විශ්රා මික ඉංජීනේරුවරයකුගේ නිවසක සේවයක කරමින් සිටි මෙහෙකාරියක් එම නිවසේ තිබු ලක්ෂ 14 ක රන් ආභරණ තොගයක් සොරා ගෙන තවත් පුද්ගයකු සමග එක්වි අෙලවි කර තිබියදි අත් අඩංගුවට ගැනිමට හලාවත මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශ අංශ නිළධාරින් සමත්ව තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හලාවත ලංසියාවත්ත ප්රටදේශයේ පදිංචි සැකකාර මෙහෙකාරිය හා ඇයට අනුබල දුන් බවට සැකකරන තවත් පුද්ගලයෙකී.
75 හැවිරිදි විශ්රානමික ඉංජීනේරුවරයා තම බිරිද හා දරුවෙකු සමග මෙම නිවසේ පදිංචිව ඇති බවත් එම නිවසේ සේවයට මෙම මෙහෙකාරිය මාස කිපයකට පෙර රැකියාව සදහා යොදා ගෙන තිබු බව කියයි.
නිවසේ සේවය කරන අතර තුර රන් ආභරණ තබන ස්ථාන පිළිබදව අවධානයෙන් සිට ඇති මෙම මෙහෙකාරිය අවස්ථා දෙකකදි ලක්ෂ 14 කට ආසන්න රන් ආභරණ තොගය සොරකම් කර ඇති බව පරික්ෂණ වලදි තහවුරු වී ඇති බව කියයි.
තම නිවසේ ආරක්ෂීතව තිබු රන් ආභරණ සොරකම් කර ඇති බවට විශ්රා මික ඉංජීනේරුවරයා හලාවත මුලස්ථාන පොලිසියට කල පැමිනිල්ල අනුව පරික්ෂණ පැවැත්විමේන් පසු මෙහෙකාරිය මෙම සොරකමට සම්බන්ධ බවට තොරතුරු අනාවර්ණය කර ගැනිමට පොලිස් නිළධාරින් සමත්ව තිබුනී.
පසුව මේ පිළිබදව පළමුව සැකකාර කාන්තාව අත් අඩංගුවට ගෙන ප්රොශ්න කිරීමේදි හෙළිව ඇත්තේ අවස්ථා දෙකකදී මෙම රන් ආභරණ තොගය සොරකම් කර තවත් පුද්ගලයකු සමග එක්වි හලාවත නගරයෙ රන් ආභරණ උගස් ගන්නා ස්ථානයකට විකුණා ඇති බවයි.
අත් අඩංගුවට ගත් සැකකාර මෙහෙකාරිය හා අනෙක් සැකකරු 17 දින හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනී.
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෙහෙකාරිය ලක්ෂ 14ක රන් බඩුවලට විදලා
APerera Friday, 17 March 2023 12:29 PM
ඒ උනාට ඩොලර් කෝටි ගානක් හොරකං කලානං නඩුත් නෑ. පොලිසිත් නෑ.