IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


මහාචාර්ය මෙත්තිකාට තවත් ලෝක සම්මානයක්

(සුජිත් හේවාජුලිගේ සහ කඔුරුපිටිය ප්‍රීති ජයවර්ධන)

ලෝකයේ හොඳම පර්යේෂකයන් 100 දෙනා අතරට තේරුණු ලංකාවේ 24 දෙනා අතර පළමු තැන සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ලෝක විද්‍යා ඇකඩමිය පිරිනමන ෆයාස් අල් කරාෆි සම්මානයද (2020) හිමි කරගෙන සිටින්නීය.

කසල ජෛවස්කන්ධ ජෛව අගුරු බවට පරිවර්තනය කිරීම සහ එය පරිසර දූෂණය අවම කර ගැනීම සඳහා යොදාගැනීමේ වැඩපිළිවෙළට අදාළ පර්යේෂණය වෙනුවෙන් ඇයට මෙම සම්මානය හිමිවී ඇත.

මෙම සම්මානය සෑම වර්ෂයකදීම පිරිනමනු ලබන්නේ ලෝකයෙන්ම එක් විද්‍යාඥවරියකට පමණි. විද්‍යා සහ තාක්ෂණය සඳහා අඩු පහසුකම් සහිත රටවල සිටින කාන්තා පර්යේෂිකාවන් අතුරින් අයෙක් මේ සම්මානය සඳහා තෝරා ගැනෙති.

නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු අයදුම්පත් ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව මෙම සම්මානය පිරිනමනු ලැබෙන අතර මේ සඳහා නාමයෝජනා ඉදිරිපත් කරනු ලබන්නේ අදාළ විද්‍යාඥවරියන් විසින් නොවීමද විශේෂත්වයකි.

මෙම සම්මානය සඳහා සලකා බැලුණු ජෛව අඟුරු මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය විසින් නිෂ්පාදනය කරනු ලැබ තිබුණේ කොම්පෝස්ට් සෑදීමේදී ශේෂවන සියයට 50ක් වන අපද්‍රව්‍යවලින්ද කුණු කඳුවලට බහාලන කසළවලින්, ලී කුඩු , බලශක්තිය සදහා ඇල්බීසියා ආදාහනය කළ පසු ඉතිරිවන අඟුරු, වී පොතු (දහයියා) සහ ආක්‍රමණික පැළෑටි වැනි විවිධ ජෛව ස්කන්ධ යොදාගෙනය.

පසෙහි සහ ජලයේ ඇති බැරලෝහ, ප්‍රතිජීවක වැනි ඖෂධ ද්‍රව්‍ය,ග්ලිෆොසේට්, කාබෝෆියුරාන් වැනි ද්‍රව්‍ය අහිතකර මට්ටමට අන්තර්ගතව ඇතිවිට මෙම ජෛව අඟුරු යොදා ගෙන ඒවා උරා උරාගැනීමට සැලැස්වීම මගින් අදාළ මාධ්‍යවලින් විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට හැකියාව ලැබෙන බව පවසන විතානගේ මහත්මිය මෙයට අමතරව සක්‍රිය කළ කාබන් වෙනුවට ජෛව අඟුරු යෙදූ පිරිසුදු කිරිමේ ඒකක සකසා ඒ හරහා අපවිත්‍ර ජලය ගලා යෑමට යෑමට සැලැස්වීමෙන්ද විෂ ඉවත් කිරීමට හැකියාව ලැබෙන බව සඳහන් කළාය .

 



අදහස් (17)

මහාචාර්ය මෙත්තිකාට තවත් ලෝක සම්මානයක්

කළු සුද්දා Sunday, 07 November 2021 06:15 PM

ඇයි ගස් කපන්න බලපත්‍රය ගන්නත් එහෙමයි. ගස් කපන්න වගේම ප්‍රවාහනයට වෙනම ලියවිලි හදන්න වෙනවා. මමත් එම කාර්යාලයක සුලු කලක් හිටි නිසා ඇහුවා ගොනු දෙකට වෙන වෙනම ඕනේ ඇයි කියලා... එකම කාරණය වවාගෙන කනවා. මෙහෙම වුනේ පසුගිය කාලේ තිබුණු එලදායිතාවය නම් විගඩම හා රැකියා දීමට පත්වීම් ලබාදීම ඉතින් එක කාරණය සදහා තුන් හතර දෙනෙක් ඉන්නවා. එකෙක් නැත්නම් වෙන දවසක එඑන්න කියනවා වැඩ බැලීමේ ක්‍රමයක් නැතත් නිවාඩු ඉල්ලුම් පත්‍රයේ වැඩ බලන්න අත්සන් කරනවා ලොක්කට කිව්වාම එයා නිවාඩු කියනවා අදාල චක්‍රලේඛය ලොක්කො සොක්කො කවුරුත් දන්නේ නැහැ... කරන්නන් වාලේ කරනවා.. මෙහෙමයි රටේ තත්වය...

:       19       5

Prabha Sunday, 07 November 2021 09:38 PM

යන්නෙ කොහෙද මල්ලෙ පොල්...!!! 

:       3       35

RaveendraMonday, 08 November 2021 05:37 AM

ඔබගේ අදහස් අදාළ සම්මානය හා බැදී කරුණුද යන්න ගැටලුවකි. ඒ කෙසේ වෙතත් අප මෙතුමියට අපගේ හදපිරි සතුට ප්‍රකාශ කරමු......

:       1       8

ක්‍රිෂ්Monday, 08 November 2021 08:00 AM

මොනවද මේ දොඩවන්නේ.. මෙච්චර වැදගත් පුවතක් අස්සේ විකාර දොඩවනවා.

:       0       9

දොලේවත්ත Sunday, 07 November 2021 06:24 PM

ශ්‍රී ලංකාවේ නාමය ලොවට රැගෙන ගිය ඔබට මගේ ආචාරය

:       1       8

දාස Sunday, 07 November 2021 06:42 PM

ඔබ තුමියගේ මෙම ජයග්‍රහනය මුලු ලංකාවටම ආඩම්භරයකි.

:       1       8

fairoos Sunday, 07 November 2021 06:46 PM

ෂා නියමයි, සුභ පැතුම්.!

:       1       7

කිරි පුතා Sunday, 07 November 2021 07:28 PM

මෙවැනි වටිනා සම්පත් මව්බිම අතහැර නොයා සිටීම සතුටට කාරනයක්.

:       0       7

ranjith Sunday, 07 November 2021 07:51 PM

ලෝකෙම පිළිගත් විද්වතුන් ලංකාවේ ඉන්නවා, අපි අපේ විද්වතුන් ගේ මත වලට ගරු කල යුතුය

:       0       6

Demuni Uduwara Monday, 08 November 2021 01:58 AM

අපි සම්මානය අගය කරනවා!

:       0       7

chandima Monday, 08 November 2021 03:50 AM

මහාචාර්යලා ටිකත් ඒ රටවල් වලටම ඇදලා ගනී වගේ ?ඉන්නෙත් ටික දෙනයි එක්කෙනාට පඩිය කෝටියක් ගානේ දුන්නත් පාඩු නැහැනේ ඒ පාඨමාලා වැහිලා ගියාම අපේ අතේ මිටේ යමක් ඇති කොල්ලෝ කෙල්ලෝ සිය ගානක් ඒ රටවලට යනවා .මාසෙට කෝටිය ගානේ ගෙවලා උපාධි කරන්න.ඒක ඒගොල්ලන්ට සල්ලි උල්පතක් .අන්තිමේ ඒ ළමයි ඉගෙන ගෙන ආපසු ආවහම මෙහෙ ඉන්න වෘර්තීය සංගම් ,කවුන්සිල් වල ඉන්න පඬිවරු ඒ උපාධිය මෙහෙ ප්‍රමිතියට නැහැ ,පිළිගන්න බහ කියලා ඒ ළමයි කුණු මල්ලට ඇදලා දානවා

:       0       5

M.B.Dissanayake Monday, 08 November 2021 05:19 AM

හරිම සතුටුයි. උණුසුම් සුභපැතුම්.!

:       0       5

karu dissanayake Monday, 08 November 2021 07:41 AM

ඇත්තටම මම ගොඩක් සතුටුයි. අපේ මහාචාර්ය මෙත්තිකාට ස්තුතියි.

:       0       6

Niroshan Jayasooriya Monday, 08 November 2021 08:10 AM

බොහෝ සුබ පැතුම්! !!! ඔබගේ නව නවෝත්පාදනය සහ සම්මානය සඳහා.

:       0       6

Sudath Monday, 08 November 2021 09:10 AM

ලංකාවට කීර්තියක් ගෙනා ඔබතුමියට සුබ පතමු...

:       0       6

sharm warn Monday, 08 November 2021 09:15 AM

විතානගේ මහත්මියනි, ඔබට අපේ උණුසුම් සුබපැතුම්... ලෝකය ඉදිරියේ සීඝ්‍රයෙන් අවමානයේ පල්ලමට වැටීගෙන යන අපේ රටට මෙච්චර ගෞරවයක් ලබාදීම ගැන ඔබට අපේ ප්‍රශංසාව... තවතවත් මෙවැනි ලොවට යහපතක් උදාකරන සොයාගැනීම් කරන්නට හැකිවේවා... ඒවායින් මේ රටට යහපතක්ම වේවා... ඔබටත් ඔබට සහාය දුන් කණ්ඩායමටත් දෙවිපිහිටයි.

:       0       8

klal Monday, 08 November 2021 11:20 AM

කොවිඩ් වලින් අපිට ලොකුම අපරාධය කළා බොරු මත ඉදිරිපත් කරලා. කිසිම වැඩකට නැති පර්යේෂණ. බහුජාතික සමාගම් වලට හොඳයි.

:       4       10

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2007 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 378 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 669 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1001 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 177 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 635 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 729 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site