(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නවවෙනි පාර්ලිමේන්තුවේ තුන්වෙනි සභා වාරයේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා යළිත් තේරී පත්විය.
මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගිය 1 වැනිදා පැවැත්වුණු අතර මෙම පත්කිරීම කෙරුණේ එම රැස්වීමේදීය.
සභාපති තනතුර සඳහා ජගත් පුෂ්පකුමාර මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා විසින් යෝජනා කරනු ලැබූ අතර එය ස්ථිර කරන ලද්දේ වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා විසිනි.
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේද ජගත් පුෂ්පකුමාර මහතාය.
පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව විසින් ස්ථාවර නියෝග 120 (1) අනුව මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව සඳහා සාමාජිකයන් පසුගියදා පත් කරනු ලැබීය.
මේ අනුව එම කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ ගාමිණී වලේබොඩ, ඉම්තියාස් බාකීර් මාකාර්, පියංකර ජයරත්න, දිලිප් වෙදආරච්චි, වඩිවේල් සුරේෂ් , එස්. වියාලේන්ද්‍රන් , අශෝක ප්‍රියන්ත , අරවින්ද් කුමාර් , ගීතා සමන්මලී කුමාරසිංහ ,බී. වයි. ජී. රත්නසේකර , සාරතී දුෂ්මන්ත , ගෝවින්දන් කරුණාකරම්, ජයන්ත කැටගොඩ , මොහමඩ් මුසම්මිල්, තුෂාර ඉඳුනිල් අමරසේන,වේලු කුමාර් , වරුණ ලියනගේ , යූ. කේ. සුමිත් උඩුකුඹුර , මායාදුන්න චින්තක අමල් , නිපුණ රණවක , රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ය
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහජන පෙත්සම් සභාවේ සභාපති තනතුර යළිත් ජගත් පුෂ්පකුමාරට