IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


මුහුණු පොතින් යාළු වී 15 දැරිය පන්නලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාල වයස්කාර දැරියක මුහුණු පොත මගින් හඳුනාගත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් පසුව කතරගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණ සිටියදී අතිශය අමානුෂික ලිංගික හිරිහැරවලට ලක් වූ බව කියමින් කතරගම පොලිසිය විසින් ඇය පෙරේදා (16) පොලිස් භාරයට ගනු ලැබුවාය.

බාලවයස්කාර දැරියට අමානුෂික ලෙස ලිංගික වශයෙන් හිරිහැර කළේ යැයි කියන 27 හැවිරිදි එම තරුණයා ද සැකපිට  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිස් භාරයට ගත් දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට කතරගම රෝහලට ඇතුළත් කරනු ලැබුවාය.

මෙම බාලවයස්කාර දැරියට අඹුසැමියන් ලෙස ගත කිරීමට සැකකරු යෝජනා කළ අවස්ථාවේ ඇය එය ප්‍රතික්ෂේප කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ලිංගිකව හැසිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් බලවත් ලෙස කෝපයට පත්වූ  බව කියන සැකකරු  හිස් බියර් බෝතලයක්  ඇයගේ සිරුරට ඇතුළු කර  පැය කාලකට ආසන්න කාලයක් තිස්සේ එය තබාගෙන  සිට  ඇතැයිද පොලිසිය කියයි.

මීට අමතරව සැකකරු දැරියගේ ගෙල මිරිකා ඇයගේ නහය තුළට කට දමාගෙන ලේ එන තුරු  විකාගෙන සිටි බව දැරිය පොලීසියට පවසා ඇතැයි කියති.

දැරිය පොලිසියට ප්‍රකාශයක් දෙමින් මෙම තොරතුරු අනාවරණය කර ඇතැයි දැන ගැනීමට ඇත.

පොලිස් 119 හදිසි ඇමතුම් අංශය මගින් කරන ලද දැනුම් දීමක් මත කතරගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් දැරිය රඳවා සිටි නිවෙස සොයා ගෙන ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන දැරියද පොලිස් බාරයට ගෙන තිබේ.

දඹුල්ල ප්‍රදේශයේ කනිෂ්ඨ විද්‍යාලයක දහවැනි වසර දක්වා පමණක් ඉගෙනුම ලබා ඇති මෙම දැරිය මුහුණුපොතෙන්  හඳුනාගත් සැකකරු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

තම මවුපියන්ට ද නොදන්වා කිසිදු දිනක සැබැවින් දැක නොතිබූ මෙම තැනැත්තා සමග මීට මාස කිහිපයකට ඉහතදී  හොර රහසේ පැන ආ බවද දැරිය වැඩිදුරටත්  පොලීසියට පවසා ඇති බව දැන ගැනීමට ඇත.



අදහස් (3)

මුහුණු පොතින් යාළු වී 15 දැරිය පන්නලා

fairoos Tuesday, 18 April 2023 12:40 PM

මෙහෙමත් නරුමයන්

:       0       4

පිටිගල මිලානෝ Tuesday, 18 April 2023 01:54 PM

අද සමාජය බොහෝ විකෘති වී ඇත. ප්‍රේමයේ සහ රාගයේ චමත්කාරය වෙනුවට සොයන්නේ ඉක්මන් කායික පිනවීමක් පමණය. ප්‍රේම සම්බන්ධ ලිංගික සම්බන්ධ මෙවන් වයස්වල ඇතිවීම ස්වභාවිකය. රහසේ කරන මෙවන් දේවල් රසවත් ආකාරයෙන් දැඩි අන්තයන්ට යන්න නොදී මතුපිටින්ම කලයුතුය. මුලු ජීවිත කාලය තුලම රස රහස් ලෙස මේ අත්දැකීම් අප සමග රැදෙනු ඇත.

:       1       4

BANDU MILAN Tuesday, 18 April 2023 07:28 PM

මේ පිටිගල මිලානෝගේ කතාව සම්පූර්ණ ඇත්ත. ඔහුටම ආවේණික වූ කතාවක් තමයි මොහු විසින්ම එළිදක්වා තියෙන්නේ. මොහුගේ පැටිකිරිය දන්නෝ දනිති. ලැජ්ජයි පිටිගල... ලැජ්ජයි ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දකුණුට ගිගුරුම් සහිත වැසි
2025 අප්‍රේල් මස 09 104 0

දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වෑන් රියට බිලි
2025 අප්‍රේල් මස 09 455 0

රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.


පුංචි ආණ්ඩු අපෙක්ෂක කතකට අතවර කරන්න හදලා
2025 අප්‍රේල් මස 09 543 0

හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක


‘‘සියපත් උදාන‘‘ අවුරුදු කුමරියට කෝටි 10ක ඔටුන්නක්
2025 අප්‍රේල් මස 08 2082 0

හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව


පිල්ලෙයාන් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 08 2859 0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ


ට්‍රම්ප් එක්ක කතා කරන්න ලංකාවෙන් කණ්ඩායමක් ඇමරිකාවට
2025 අප්‍රේල් මස 08 1285 0

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 737 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 598 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1045 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site