අප්‍රිකාවේ සිට කැනේරි දූපත් බලා යාත්‍රා කරන්න වූ අනවසර සංක්‍රමණිකයන් රැගත් කුඩා ඩිංගි බෝට්ටුවක් තුළ දරු ප්‍රසූතියක් සිදුවිය. අලුත උපන් බිලිඳා, මව සහ බෝට්ටුවේ සිටි සෙසු පිරිස බේරා ගැනීමට, ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයෝ කටයුතු කළහ.
ඩිංගි බෝට්ටුව, පළමුවෙන් හමුවූයේ වෙනත් යාත්‍රාවකටය. ඒ, ස්පාඤ්ඤයට අයත් ලැන්සරෝට් කුඩා දූපතට ඔබ්බෙන් මුහුදෙනි. ඔවුන් ඒ බව ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයන්ට දුන්නේය. වෙරළාරක්ෂකයන් පැවැසුවේ, කුඩා ඩිංගි බෝට්ටුවේ ගැහැනු සහ පිරිමි පුද්ගලයන් 50 කට වැඩි පිරිසක් සිටි බවය.
අලුත උපන් බිලිඳා සහ මව තමන්ට හමුවෙද්දී, මව බෝට්ටුවේ පිරිස අතරේ වැතිර සිටි බවත්, බෝට්ටුවේ සිටි පුද්ගලයකු බිලිඳා වඩාගෙන සිටි බවත් ස්පාඤ්ඤ වෙරළාරක්ෂයෝ පැවැසූහ.
බිලිඳකු සිටින බව වෙරළාරක්ෂකයන්ට දැනුම් දුන් විගස, බිලිඳාටත්, බිලිඳාගේ මවටත් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයෝ පියවර ගත්හ. බිලිඳා සහ මව ලැන්සරෝට් දූපතේ වෛද්‍ය මධ්‍යස්ථානයකට හෙලිකොප්ටරයකින් යැවීම සිදුවිය.
ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයන්ට, බිලිඳා හමුවූයේ ස්පාඤ්ඤය, ක්‍රිස්තියානු නිවාඩු දිනය සමරද්දීය. ඒ වනවිට බිලිඳා උපත ලබා මිනිත්තු 10 ක් හෝ 15 ක් යද්දීය. ස්පාඤ්ඤ වැසියන්, ‘එපිෆනි’ නමැති මෙම නිවාඩු දිනය සමරන්නේ, ජේසු බිලිඳාට තෑගි රැගෙනා ආ රජ තුන්කට්ටුවට ගරු කිරීමක් වශයෙනි.
එපිෆනි නිවාඩු දිනය දා සංක්‍රමණික බෝට්ටුවෙන් අලුත උපන් බිලිඳකු හමුවීම සුවිශේෂී සිදුවීමක් බව ස්පාඤ්ඤ බලධාරීහු පසුව පැවැසූහ. එපිෆනි නිවාඩු දිනය සැමරෙන්නේ ස්පාඤ්ඤයේ කුඩා දරුවන්ට තෑගි බෝග ලබා දෙමිනි.
(ඒ.එෆ්.පී.)
ගුරු විද්‍යාල අවසාන විභාගය මෙම වසරේ මැයි මාසයේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ
මහත් ආන්දෝලනයකට තුඩු දුන් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබද සමාලෝචනය කිරීම සඳහා පත් කළ කමිටුව එහි වාර්තාව මුදල් අමාත්‍යාංශයට භ
බල්ලන් දෙදෙනකු සමග ලොරි රථයකින් සහල් කිලෝ 8,750 ක් ප්‍රවාහනය කර බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් වලට බෙදා හැරි ලොරි රථයේ රියදුරුට සහ සහල් මෝලේ හිමිකරුට එක
කෑම සහිත බාල්දියක සඟවා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි මිතුරෙකුට හෙරොයින් ග්‍රෑම් 25ක් දීමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගත් තරුණයකුට කොළඹ මහාධිකරණ
දිවයින පුරා මේ වන විට පවතින ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යය මහාචාර්ය චන්දන අබේරත්න මහත
පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිළධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් අශෝභන හා කලහාකාරි ලෙස හැසිරුණු භික්ෂුවක් හා තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව ප
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මුහුදේ උපන් කුමරා බේරා ගනිති