IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


මුහුදු මහා විහාරයේ හිමිනමකට පහරදුන් සිද්ධියට 8 ක් අල්ලයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොතුවිල් ඇති මුණේ කැලෑබද ප්‍රදේශයේ පිහිටි ගල් ලෙනක භාවනා කරමින්  සිටි පොතුවිල්  මුහුදු මහා විහාරයේ වැඩ වාසය කරන  හිමිනමකට හ්බලකින් පහර දී රුපියල් 57,000 මුදලක් සහ ජංගම දුරකථනයක් පැහැරගත් බව කියන  පුද්ගලයින් අට දෙදෙනෙකු  පොතුවිල් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අටදෙනාම පොතුවිල්  ප්‍රදේශයේ පදිංචි ධීවර රැකියාවේ නිරත වන අය බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම සැකකරුවන් අවුරුදු 34, 40 ,39, 34, 38, 43 ,සහ 56 හැවිරිදි වියේ පසු වන අය වෙති.

පොතුවිල්  මුහුදු  මහා විහාරයේ වැඩ වාසය කරන මෙම හිමියන් ගල්ලෙනේ භාවනානු යෝගීව සිටියදී පුද්ගලයින් කණ්ඩායමක් එම ගල්ලෙනට කඩාවැදී කබලකින් පහරදුන් අවස්ථාවේ ජීවිතය බේරා ගැනීම සඳහා එම හිමියන් දිවගොස් කොහොඹ ගසකට මුවා වී සැඟවසිට ඇතැයි පොලිසිය කියයි.

මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු  සහ පොතුවිල් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයෙකු පැමිණි අවස්ථාවේ ඔවුන්ට ද මෙම සිද්ධිය දැනුම් දී එම හිමියන් විසින් මේ බව පොලිසියට පැමිණිලි කර ඇත.

පැහැර ගත්තේ යැයි  කියන ඡංගම දුරකථනය ගල් ලෙන ආසන්නයේ තිබී පොලිසිය විසින් පසුව සොයා ගනු ලැබීය.

ගල්ලෙන තුළ තිබූ රුපියල් පනස් හත් දහසක මුදලක් දපහර දුන් පුද්ගලයින් විසින් පැහැරගෙන ගොස් ඇති බව එම හිමියන් කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි කියති.

භාවනානු යෝගීව  වැඩ වාසය කරන එම හිමියන් කළ පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා හෙළිවූ තොරතුරු මත මෙම සැකකරුවන් අටදෙනාඅත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

 

 

 



අදහස් (4)

මුහුදු මහා විහාරයේ හිමිනමකට පහරදුන් සිද්ධියට 8 ක් අල්ලයි

Lalla Wednesday, 02 August 2023 09:10 AM

57000 ක ජංගම දුරකථනය රැගෙන නිවනට කෙටිම පාර හොයනව වගේ. බුදුදහමේ මූලික අරමුණක් සියල්ල අතහැර දැමීම.මේ කියන චීවරධාරියා නැතිවූ දුරකථනය නැවත බදාගන්න උත්සාහ කරනව?

:       15       6

මැක්ස්Wednesday, 02 August 2023 01:17 PM

හාමුදුරුවන්ගේ ජංගම දුරකතනෙයි, මුදලයි ගැන උනන්දු වෙන අතරේ බුදු දහමේ මූලික අරමුණු ගැන නන් දොඩවන උපාසක පන්සිල් පද පහෙන් මොන එකද ආරක්ෂා කරන්නේ?

:       3       6

දිමුත් Wednesday, 02 August 2023 10:57 AM

ඔන්න බෞද්ධ රටේ අද තත්වය..!

:       0       5

ලුම්බිණි Wednesday, 02 August 2023 11:57 AM

අගක් මුලක් නැති ව්‍යාකුල කතාවක්.

:       2       4

ඔබේ අදහස් එවන්න

දියත

මහනුවරදී අත්අඩංගුවට පත් විදේශිකයන් ගැන විශේෂ විමර්ශනයක්
2024 ඔක්තෝබර් මස 15 53 0

කුණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පරිගණක මූල්‍ය වංචා සිදුකළ බවට සැකකරමින් අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයන් 130 දෙනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප


පානදුර නිවසක මළ සිරුරු දෙකක්
2024 ඔක්තෝබර් මස 15 277 0

පානදුර නිවසක පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක ගේ මළසිරුරු දෙකක් හමුවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කොටුව -මරදාන අතර දුම්රිය පීලි පැනීමක්
2024 ඔක්තෝබර් මස 15 113 0

මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර දුම්රිය අද (15) උදේ මරදාන හා කොටුව අතර පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


දුම්රිය එන්ජිමක ගින්නක්
2024 ඔක්තෝබර් මස 15 243 0

දකුණ කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ සීඝ්‍රගාමී දුම්රියක එන්ජිමේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය .


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 10 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


අද වැස්ස ගැන අනාවැකිය
2024 ඔක්තෝබර් මස 15 413 0

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල,මාතර මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 426 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 458 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1426 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site