(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත මුහුදු වෙරළෙහි රළ පාගමින් විනෝදවෙමින් සිටි මවක හා දරු තිදෙනෙකු මුහුදට ගසා ගෙන ගියත් ඉන් දරු දෙදෙනෙකු හා මවගේ ජීවිතය බේරා ගත හැකිවූ අතර ඔවුන් අතර සිටි සිඟිති දැරියක් මුහුදෙහි ගිලි මිය ගිය බව හලාවත පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මහනුවර දංතුරේ ප්‍රදේශයේ විසු ඖෂධි සෞම්‍යා නෙත්සරා (අවුරුද්දක් සහ මාස 2ක් වයසැති) දියණියකි.
මියගිය දියණිය සහ මාපියන් හා තවත් පිරිසක් සමග අද (13) අළුයමින් වෑන් රථයකින් හලාවත මුන්නේශ්වරම් පුද බිම වෙත පැමිණ ඇතිබව කියයි.
පසුව ඔවුන් හලාවත මුහුදු වෙරළ කරා පෙරවරු 11 ට පමණ ඇති බවත්, මිය ගිය දරුවාගේ මව හා තවත් දරු දෙදෙනෙකු වෙරළේ රළ පාගමින් සිටිනා විට යෝධ මාරියාවක් පැමිණ මෙම සිව්දෙනාව මහ මුහුද කරා ඇදගෙන ගොස් ඇති බවත් එම අවස්ථාවේ එම ස්ථානයෙහි සිටි වැල්ල ගම්මානයේ ධීවර තරුණයටන් පිරිසක් වහා මුහුදට පැන මව හා දරු දෙදෙනෙකු ගේ දිවි ගලවා ගෙන ඇතත් මිය ගිය දරුවා බේරා ගැනීම පමාවී ඇති බවත් කියයි.
පසුව එම දරුවාද ගොඩගෙන ඇතත් ඒ වනවිට දරුවාගේ තත්ත්වය අසාධ්‍යව පැවැති අතර පසුව ගිලන් රියකින් සිව් දෙනාම හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.
මව හා දරු දෙදෙනාගේ තත්වය අසාධ්‍ය නොවන අතර බිළිඳා මියගොස් ඇති බව කියයි.
හලාවත පොලිසිය පරික්ෂණ සිදුකරයි.
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි
නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මුහුදු රළට හසුවී දැරියක් මරුට
d.upul Saturday, 13 July 2019 07:44 AM
"උදම් රළ නුඹ උදම් විය යුතු නෑ" - අමරසිරි පීරිස්
isurandi Saturday, 13 July 2019 07:50 AM
අයියෝ අවාසනාවන්ත සිදුවීමක්. නොදන්නා ස්ථානවලට දිය පාගන්න යාමෙන් වළකින්න ඕනේ නේද මේ උදවිය?
Raveendra Saturday, 13 July 2019 08:50 AM
අනේ හරිම කණගාටුදායක සිදුවීමක්. රත්තරන් දු පැටියාට නිවන්සුව අත්වේවා !!!
තුෂා Saturday, 13 July 2019 10:31 AM
ජන මාධ්‍යවලින් මොනතරම් දැනුවත් කළත්, හැදෙන ජාතියක් නොවෙයි අපේ අය නම්... පත්තර වලින්, රූපවාහිනී නාලිකා වලින් මොනතරම් මේ වාගේ දේවල් දකින්න ලැබෙනවද? එයින් පාඩමක් ඉගෙනගෙන තියෙනවාද? පව් අසරණ නොදරුවන්...
sa.path Saturday, 13 July 2019 12:07 PM
හය හතර නොදත් පුංචි අය අරන් නොදන්න තැන්වල යන මහ මිනිසුන්ට මොනවා වුණත් කමක් නැහැ.ඒත් අපරාදේ මේ දරුවා..
ගිහාන් Saturday, 13 July 2019 12:22 PM
ඔය මරණයට හලාවත නගර සභාව වගකිව යුතුයි. හලාවත මුහුදු වෙරළ මර උගුලක් බව ඔය පැත්තේ හැමෝම දන්නවා. වෙරල දිගටම තියෙන්නේ ගල් පරයක්... ඒකේ පාසි බැඳිලා තියෙනවා. රැල්ල ගොඩට ගහලා ආපහු යනකොට නිකන්ම කකුල් ලිස්සලා යනවා. ගල් පරයෙන් පස්සේ තියෙන්නේ ගැඹුරු මුහුද... පීනන්න බැරි අය ගිලිලා මැරෙනවා. නමුත් පිටින් එන අය ඒක දන්නේ නෑ. කිසිම අනතුරු ඇඟවීමේ පුවරුවක්වත් සවි කරලා නෑ. ඔය ඔතන වෙච්ච පලවෙනි මරණය නෙමෙයි.
athulaSaturday, 13 July 2019 12:59 PM
මේ කතාව ඇත්ත. විශේෂයෙන්ම පිට පළාත්වලින් පැමිණෙන අයගේ දැනගැනීම සඳහා අනතුරු ඇඟවීමේ දැන්වීම් පුවරු සවි කළ යුතුයි.
සනත් වීරකෝන් Saturday, 13 July 2019 06:53 PM
මුහුද පාගන්න යනකොට ජීවිතාරක්ෂක කබායක් පැළඳීම අනිවාර්ය කරන නීතියක් ගෙනෙන්නේ නම් මෙවන් කණගාටුදායක මරණ අවම කලහැකියි.
chinthaka Monday, 15 July 2019 09:52 PM
චූටි දුවට නිවන් සැප ලැබේවා.