IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


මුහුදෙන් ඇල්ලූ කුඩු ගාල්ලට

(ඩී.ජී.සුගතපාල)

රුපියල් කෝටි 350කට අධික වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 175ක් සමග දකුණු මුහුදු සිමාවේ සිට මුහුදු සැතපුම් 235ක් දුර ජාත්‍යන්තර මුහුදේදි අත් අඩංගුවට ගනු ලැබු බහුදින යාත්‍රාව සහ සැකකාර ධිවරයන් හය දෙනා අද ගාල්ල වරායට ගෙන එනු ලැබිය.

නාවික හමුදාව පොලිස් මත්ද්‍රව්‍ය කාරයංශය රාජ්‍ය බුද්ධි සේවය එක්ව සිදු කරනු ලැබු විශේෂ වැටලිමකදි හම්බන්තොට සිට නාවික සැතපුම් 235ක් ඈත මුහුදේදි මෙම බහුදින යාත්‍රාව පසුපස හඹාගොස් අත් අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි යාත්‍රාවේ තිබු හෙරොයින් කිලෝ ග්‍රෑම් 175ක තොගය සොයාගෙන ඇත.

දික්වැල්ල අලුත්ගොඩ කදුරුගොඩ පදිංචි ආර්.පී.සාලින් නදිර යන අයට අයත් “සලින් 02” නමැති මෙම බහුදින යාත්‍රාව මාරතු 20වනදින කුඩාවැල්ල ධිවර වරායෙන් ධිවරයින් හය දෙනෙකු සමග මුහුදු ගොස් ඇති අතර පකිස්ථානයේ සිට ගෙන එන ලද ‍හෙරොයින් තොගය ජාත්‍යන්තර මුහුදේදි ලබාගෙන ඇති බවද අනාවරණයවි ඇත.

හෙරොයින් සමග යාත්‍රාවද සැකකාර ධිවරයින්ද ගාල්ල වරායවෙත ගෙන එනු ලැබ ුඅවස්ථාවේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ඇතුලු නාවික හමුදාවේ උසස් නිලධාරිහුද පැමිණ සිටියහ.

 



අදහස් (8)

මුහුදෙන් ඇල්ලූ කුඩු ගාල්ලට

Anton Monday, 17 April 2023 05:12 PM

අන්තිමේදී නිදොස්කොට නිදහස් ... මුහුදේ ගැඹුර දන්නේ නැති ශ්‍රී ලංකා නාවික හමුදාව... ලැජ්ජයි.

:       3       17

Lalla Monday, 17 April 2023 05:21 PM

වෙන රටකවත් පොලිසියකට දීලා නඩු දාන්න වෙයි. නැතිනම් කලින් නඩුවට වුණුදේම වෙයි. කුඩු පිටිවෙයි.

:       0       21

prabath Monday, 17 April 2023 06:21 PM

මේකත් ඇල්ලුවේ නෑ කියයි. මතක නෑ කියලා ඔක්කොමලා නිදහස් කරයි. දූෂිත නිලධාරීන්...

:       1       21

සත්‍ය ගවේෂී. Monday, 17 April 2023 08:25 PM

දූපත වටේටම තිබෙන මුහුදේ සිටිනා මත්ස්‍ය සම්පත මුළු මහත් රටවාසීන්ටම අයිති දෙයක්.ඒත්,මේ රටේ ධීවරයන් එම මත්ස්‍ය සම්පත රටේ ජනතාවට අධික මිල ගණන් වලට විකුණනවා.මුහුදේ හැදෙන මාළු නිෂ්පාදනයට අල්ලා ගැනීමට යන මුදල් වලට අමතරව සත පහක්වත් ඒ වෙනුවෙන් වියදම් වෙන්නේ නැහැ.ඒත්,ධීවරයන් මාළු විකුනන්නේ, මත්ස්‍යයන්ව ඇතිදැඩි කොට ඉස්කෝලෙ යවා වියදම් කරා වගෙයි.ඊට අමතරව,රට වනසන කුඩු වසංගතය පතුරවා කෝටි ගණන් මුදල් උපයනවා.සෑම ධීවර බෝට්ටුවක් ගැනම දැඩි අවධානය යොමු කරනු වටී.එසේම,කුඩු ව්‍යාපාරය සඳහා ඇතැම් පොලිස් නිලධාරීන්ගේ සහාය ලැබිය හැකි බැවින් ඒගැනද දැඩි අවධානය යොමු කරනු වටී.

:       0       1

Rata Perata Monday, 17 April 2023 08:45 PM

ඕකටත් වෙන්නේ අර 2009දී අල්ලපු කෝටි 296 කුඩු නඩුවට වෙච්චි දේම තමයි. උසාවිය ඔක්කෝම නිදොස්කොට නිදහස් කරලා දායි. ඉන්න හිතෙන රටක්.. විධායකය, ව්‍යවස්ථාදායකය, ජනමාධ්‍යය, නීතිය මේ කිසිදෙයක් ජනතාව වෙනුවෙන් නෑ.

:       0       0

උපාලි Monday, 17 April 2023 11:09 PM

මේක නම් පොලිසියට දෙන්න එපා.... උන්ට හොද ජරාවක් කෑවම සේරම අමතක වෙනවා

:       0       3

Perakum Tuesday, 18 April 2023 10:26 AM

නියම පුවතක් පොලිසියෙ උන්ට රජ මගුල්…! ලොක්කන්ට වැඩියෙනුත් පොඩ්ඩන්ට අඩුවෙනුත් බෙදාගනීවි අපි නිකම් බලා ඉදල යවුත්තු වෙනව.

:       0       2

සෙනරත් Tuesday, 18 April 2023 11:25 AM

රජය් මැදිහත් වෙලා මේ කුඩු විකුනලා ඩොලර් හොයමු ...මාසෙන් නය වලින් නිදහස් වෙන්න පුලුවන් .

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දකුණුට ගිගුරුම් සහිත වැසි
2025 අප්‍රේල් මස 09 72 0

දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වෑන් රියට බිලි
2025 අප්‍රේල් මස 09 357 0

රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.


පුංචි ආණ්ඩු අපෙක්ෂක කතකට අතවර කරන්න හදලා
2025 අප්‍රේල් මස 09 431 0

හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක


‘‘සියපත් උදාන‘‘ අවුරුදු කුමරියට කෝටි 10ක ඔටුන්නක්
2025 අප්‍රේල් මස 08 1939 0

හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව


පිල්ලෙයාන් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 08 2730 0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ


ට්‍රම්ප් එක්ක කතා කරන්න ලංකාවෙන් කණ්ඩායමක් ඇමරිකාවට
2025 අප්‍රේල් මස 08 1223 0

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 735 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 594 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1044 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site