IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


මහනගර සභාවේ සේවකයකුගේ සිරුරක් පාලම යටින් හමුවෙයි

(ආර්.එෆ්.එම්.සුහෙල්) 

නුවරඑළිය මහ නගර සභාවේ ජල අංශයේ සේවය නියුතුව සිට රාජකාරී අවසන් කර නිවස බලා යමින් සිටි නුවරඑළිය මහ නගර සභා වතු නිවාසයේ පදිංචි සෙල්වරාජ් නඩරාජ් වයස (අවු:44) තිදරු පියෙකුගේ සිරුර අද (25) නුවරඑළිය ග්‍රෙගරි වැව අසර තලගල ඔයෙන් සොයා ගත් බව නුවරඑළිය පොලීසිය පවසයි. 

ඊයේ (24) සවස 06.00ට පමණ මිය ගිය පුද්ගලයා නුවරඑළිය මහ නගර සභාවට රාජකාරී සදහා පැමිණෙන යතුරුපැදිය ග්‍රෙගරි වැව අසල පාලමක් මත අනතුරට ලක්ව තිබී පොලිසියට හමුවී තිබුණ ද එම යතුරුපැදී ගමන් ගත් පුද්ගලයා පිළිබඳ කිසිත් තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබුණු බවද පොලිසිය කියයි.

ඥාතීන් හා පොලිසිය විවිධ ස්ථානවල මියගිය පුද්ගලයා පිළිබඳ සොයා බැලීමෙන් අනතුරුව අද (25) උදැසන 11.00ට පමණ ඊයේ දින අනතුරට ලක් වූ යතුරුපැදිය සොයාගත් පාලම යටින් ගලායන තලගල ඔයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ දේහය සොයා ගැනීමට හැකි වූ බවද නුවරඑළිය පොලිසිය වැඩිදුරටත් පැවසීය.

අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර මියගිය පුද්ගලයාගේ මරණය අනතුරක් ද ඝාතනයක්ද යන වග සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නුවරඑළිය පොලිසිය සිදු කරනු ලබයි .

 



අදහස් (0)

මහනගර සභාවේ සේවකයකුගේ සිරුරක් පාලම යටින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

නලින්දත් ලක්ෂ 74ක් රජයට ඉතිරි කරයි
2025 අප්‍රේල් මස 29 225 0

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය


’’ජනාධිපති මට බැණ බැණ රට වටේ යනවා’’
2025 අප්‍රේල් මස 29 354 0

ජනාධිපති බලන්නේ තමන්ගෙම කාලෙ ගැන ගමේ ඡන්දෙන් ජනමත විචාරණයක් කරගන්න යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී අද පැවසීය.


කතරගම ඉඩම් වංචාවට ලංගම හිටපු උප සභාපති අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 29 463 0

කතරගම මැණික් ගඟ ප්‍රදේශයේ ඉදිකර ඇති ජී. රාජපක්ෂ නැමැති නිවෙස තැනූ බව කියන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්



වැවිලි විෂයට නව නීති නවයක්
2025 අප්‍රේල් මස 29 191 0

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ විෂය පථයට අදාලව නව නීති හඳුන්වා දීම හා පවත්නා පනත් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පුංචි ඡන්දයේ ප්‍රචාරක වැඩ 3 වැනිදායින් අවසන්
2025 අප්‍රේල් මස 29 77 0

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ලබන 3 සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 11 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 11 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1048 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site