(බී.ජී. චතුරංග)
මහනුවර - යාපනය ඒ 9 මාර්ගයේ දී එළවළු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවත් එක් අයෙකුගේ තත්ත්වය බර පතල බව මිහින්තලේ පොලිසිය පවසයි.
එම මාර්ගයේ, මිහින්තලය - පලුගස්වැව ප්‍රදේශයේදී අද (20) අලුයම 3.00 ට පමණ අනතුර සිදුව ඇති තිබේ.
අනතුරින් මෙලෙස රෝහල ගත කර ඇත්තේ, එළවළු ලොරියේ ගමන් ගත් රියදුරු සහ ලොරි සහායකයා වන බව පොලිසිය කියයි.
තුවාල ලැබු ලොරි රථ රියදුරා සහ රිය සහයක යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
එළවළු ලොරි රථය, යාපනය ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී මාර්ගයේ නවතා තිබූ ඉන්ධන බවුසරයක පිටු පස ගැටීමෙන් එළවළු ලොරි රථය මාර්ගය හරහා පෙරලි ගොස් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කලේය.
එළවළු ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කරන බව අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන පොලිසිය කියයි.
මෙම අනතුර සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත රථ වාහන අංශය වැඩි දුර විමර්ශන සිදු කරති.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක
වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.
සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.
නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මිහින්තලේ ලොකු අනතුරක්
අසේල Friday, 21 June 2024 05:21 PM
උතුම් පොසොන් පෝය දවසේ, කිසිවකුට කරදරයක් නොවේවා! දෙදෙනාටම ඉක්මන් සුවයම ලැබේවා..!
Akila Weerasakara Friday, 21 June 2024 05:22 PM
හොද වේලාවට තෙල් බවුසරේ පිපිරුවේ නැත්තේ?