IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


මිහින්තලේ ලයිට් නාට්‍යයට රාජ්‍ය සම්මාන දෙන්න වටිනවා

 

(අංජුල මහික වීරරත්න)

මිහින්තලේ විදුලි බිල නාටක පිටපත තව ටිකක් හොඳට බුද්ධිමත්ව සිතා ලිව්වා නම් රාජ්‍ය නාට්‍ය උළෙලේ දී සම්මාන පවා ලබන්නට තිබූ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

මිහින්තලේ ලයිට් කැපුවා යැයි හාමුදුරුවන් කියූ සැනින්ම නාට්ටියේ ඊළඟට සිදු වන්නේ සජිත් ප්‍රේමදාස නළුවා වහා ඉදිරියට පැන ලයිට් බිල ගෙවා දැමීමේ ජවනිකාව බව බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ට කලින්ම තේරුම් ගොස් තිබූ බවත් ප්‍රේක්ෂකයන් සිතූ පරිදිම සියල්ල සිදු වූ බවත් එජාප මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

හොඳ නාට්‍යයක ඊළඟ ජවනිකාව ගැන ප්‍රේක්ෂකයාට කුතුහලයක් තැබිය යුතු නමුත් "මිහින්තලේ ලයිට්" නාටකයේ දී සජිත් ප්‍රේමදාස නළුවා මෙන්ම සහාය නළුවා ද වෙනදා වගේම හොඳටම නාගත්තේ යැයි එජාප මහලේකම්වරයා කීය.

පන්සලේ ලයිට් බිල ගෙවන්නට කියා ටිකට් විකුණා සොයන මුදලට කළේ කුමක්දැයි වෙනම පරීක්ෂණයක් කරන ලෙස මිහින්තලේ පුදබිම වන්දනා කරන්නට රට වටින් එන අහිංසක දුප්පත් දායකයන් ඉල්ලීම් කර තිබෙන බවද එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. ලක්දිවට බුදු දහම රැගෙන මිහිඳු මාහිමියන් වැඩම කළ උතුම් මිහින්තලේ නාමය ජඩ දේශපාලන නාටක වලට යොදා ගන්නට එපා යැයි ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බවද එජාප මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (15)

මිහින්තලේ ලයිට් නාට්‍යයට රාජ්‍ය සම්මාන දෙන්න වටිනවා

Ruhunu Sunday, 06 August 2023 04:49 PM

එතකොට වොඩ්කා වතුර වෙච්චි පිටපත කොහොමෙයි..!

:       6       78

ravin Sunday, 06 August 2023 04:49 PM

මිහින්තලේ පමණක් නෙවෙයි, සියලු සිද්ධස්ථානවල පින් කැට සීල් තබා මහාභාරකාර දෙපාර්තමේන්තුව යටතට පැවරුවා නම් ආදායම් සහ වියදම් ගැන හොඳ හොඳ කරුණු හෙළිවේවි.

:       4       48

mangala Sunday, 06 August 2023 04:53 PM

හැබැයි අර කාලෙකට උඩදි ලිව්වා නේද නාට්‍යයක් වතුර බොතලේ වොඩ්කා දාගෙනද, වොඩ්කා බෝතලේ වතුර දාගෙනද කෙහෙද ගිය එකක්, ඒ නාට්‍යයට වඩා ටිකක් විතර මේක හොඳයි වගේ නේද..?

:       5       66

මහසෙන් Sunday, 06 August 2023 04:57 PM

ඔය කොයි කවුරුත් නළුවෝ වගේම එළුවෝ බවත් මිනිස්සු දන්නවා...!

:       1       59

Akila Sunday, 06 August 2023 05:40 PM

නාට්‍යය පටන් ගත්තේ අපි හරි බෞද්ධයි කියාගන්නා ආණ්ඩුවෙන් ලංකාවේ බුද්ධාගම ආරම්භ කරපු පුණ්‍ය භූමියේ ලයිට් කපලා...

:       5       54

චන්දිම ෆොන්සේකා Sunday, 06 August 2023 05:49 PM

අනේ මේ බණ්ඩයියේ ඔයා ඔය නොදන්නා කෙහෙම්මල් ගැන කතා කරන්න ගිහින් ඊළඟ ආත්මේ කොහොමටත් ඔයාට යන්න තියෙන අපායටත් එහා අවීචි මහා නරකාදියටම යන්න තමයි ඔය හදන්නේ ඔයාකාර පවු පුරෝගෙන...

:       7       35

ranjith Sunday, 06 August 2023 06:35 PM

මොවුන් ඡන්දයෙන් පැරදිලා නැට්ට පස්ස පැත්තේ ගහගෙන කාලයක් ඉඳලා දැන් පොරවල් වෙලා... !

:       5       56

Buddika Sunday, 06 August 2023 07:28 PM

අනේ ගොන් බන්ඩෝ ,හොදි යන්න පරාද වෙලා කෙලෝ ගෙන දැන් සජිත්ට බනිනවා .උඹලාගේ ආණ්ඩුවක් මේ යන්නේ .මොකද බැරි උනේ මිහින්තලා පුදබිමට ලයිට් දෙන්න ?උඹලා ඊගාව චන්දෙදිත් ගේ අස්සෙම තමයි .සජිත්ගේ මයිල් ගහක්වත් වටිනා එකෙක්ද මේ ?

:       0       1

C.K.Lankaputhra Sunday, 06 August 2023 08:19 PM

හාමුදුරුවන්ට පාඩම් උගන්නන ගුරුවරයාගෙ කොටස රගපාපු නලුවාගෙ රගපෑම නං ඉතා දුර්වලයි. එයාව අලුත් චිත්‍රපටි වලට කවුරුවත් ගන්න එකක් නැහැ.

:       0       2

nanda Sunday, 06 August 2023 09:56 PM

මෙයා පසුගිය මැතිවරණයෙන් මනාප ගත්ත ගැන මතක නැතුව වගේ පොර ටෝක් දෙන්නේ

:       0       3

don Monday, 07 August 2023 05:42 AM

මහින්ද හොරා ,ගෝටා හොරා ,මූ හොරා කියපු උන් දැන් බනින්නේ තමන්ගේ පැත්තේම හිටපු උන්ට .දැන් අර කලින් හොරු හරි හොඳයි

:       0       5

Kapila Monday, 07 August 2023 05:53 AM

නතාලිගේ මගුල් ගෙදර ලයිට් බිල් එක ගැන කතා නෑනේ

:       0       2

චන්දන Monday, 07 August 2023 07:56 AM

තමු‌සෙලාගෙ නාට්‍ය පෙන්නන හැටි දන්නවා ඡන්දයක් තිබ්බම. අනුන්ගෙ ඇහේ තියෙන දේ බලන්න එපා. අර වොඩ්කා බෝතලේ වතුර බවට පත්වුන නාටකය තමුන්ට අමතකද? මිහින්තලේ නාටකයක් නෙවි. එජාපයේ එදා ඉඳන් තිබුන ප්‍රතිපත්තිය. ජාතිය ආගම විනාශ කිරීම.

:       0       7

මහසෙන් Monday, 07 August 2023 08:14 AM

මෙයාල හොරකම් කරපු ඒවායින් 0.1% ක් තියෙනවා නම් ලංකාවෙ ඔක්කොම පන්සල් වලට නොමිලේ විදුලය දෙන්න පුලුවන් .

:       0       4

Surain Monday, 07 August 2023 10:49 AM

මෙයා දෙන ගොන් ආතල් එකෙන්ම හිතාගන්න පුළුවන් UNP කුණු ලොරිය දිරපු තරම්... පවු අනේ...!

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 408 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 456 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 953 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 2195 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 1818 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 267 1

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 413 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1418 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site