(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ යන මහත්වරුන් පාර්ලිමේන්තු රැස්වීමට අද (17) සහභාගි නොවීම විශේෂත්වයක් විය.
රට පුරා ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් වලින් පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයෝ විශේෂ ආරක්ෂක විධිවිධාන සහිතව ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රැඳී සිටිති.
අගමැතිවරයා සහභාගී නොවූවත් රාජපක්ෂ පවුලේ චමල් රාජපක්ෂ බැසිල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් පාර්ලිමේන්තු සභා ගර්භයේ ඊයේ රැඳී සිටිනු දැකගත හැකිවිය.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ සිවු වෙනි ආසනය වෙන් කරනු ලැබ තිබිණ.
ගාලු මුවදොර ප්‍රදේශයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද පාර්ලිමේන්තුවට අද (17) පැමිණියේය.
නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභාවේ කටයුතු ආරම්භයේදීම සභාවට පැමිණ ආණ්ඩු පක්ෂයේ සිය ආසනයේ ( අගමැති ආසනයේ) අසුන් ගත්තේය.
ඔහුගේ ළඟම ආසනයේ සිටින්නේ පාසල් මිත්‍රයකුවූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාය.
දෙදෙනා බොහෝ අවස්ථාවලදී ඉතා සුහදව කතා බස් කරමින් සිටිනු දැකගත හැකිවිය.
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහින්ද- නාමල් මැතිසබේ නෑ
Dharmatileke Tuesday, 17 May 2022 10:51 PM
නාවට කමක් නැහැ සදහටම...!
wahaldeepe Wednesday, 18 May 2022 12:32 AM
අම්මේ... පණ බේරගත්ත සතුට බලන්නකෝ.. හරි හිනා...!
Nandalal DE SILVA - France Wednesday, 18 May 2022 03:19 AM
අප්පච්චිටයි, පුතාටයි ජනතාවට මුහුණ දෙන්න බැරිව හැංගිලා නේ...! මව්බිමට ආදරය කරන හැටි දැන් පේනවානේ...!
Sunil Wednesday, 18 May 2022 06:03 AM
නැවතත් පාර්ලිමේන්තුව පැත්ත හරියේ එන්න එපා. මේ දෙදෙනා පාර්ලිමේන්තුවට තබා ගම් සභාවකටත් සුදුසු නැහැ...
Chathuri Wednesday, 18 May 2022 06:07 AM
රෙද්දක් ඇඳගෙන එන්න බැහැනේ කරපු විනාශයට...!
swene Wednesday, 18 May 2022 06:44 AM
අනුර කුමාර හිටි බවක් කියැවුනේ නැහැ...
chandrasiri Wednesday, 18 May 2022 10:38 AM
කරන්න පුළුවන් ඔක්කොම වැඩ කරලා තව ටික දවසකින් අපේ හාමුදුරුවනේ කියලා කියාගෙන ඒවි...!
sweneWednesday, 18 May 2022 01:33 PM
අට පිරිකර පූජාකරන දර්ශනත් පෙන්වාවි..!
Nandalal DE SILVA - France Wednesday, 18 May 2022 01:30 PM
පාර්ලිමේන්තුවට එන හැම දිනකටම මොවුන්ට ‘‘පැමිණීමේ විශේෂ දීමනාවක්‘‘ ලැබෙන නිසා හැංගිලා ඉන්න තැන්වලින් පිටවෙලා මැතිසබයට එනවා...!! මොවුන් දුප්පත්, අසරණයින් නේද?