(ඩයනා උදයංගනී)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අද (18) ට යෙදී ඇති අතර, ඒ නිමිත්තෙන් සංවිධානය කළ කිරිඅම්මාවරුන්ගේ දානමය පිංකමක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අද අළුයම පැවැත්විණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම අවස්ථාවේදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර හිටපු ජනාධිපතිවරයාට සෙත් පැතීම ද සිදුවිය.
නාරාහේන්පිට අභයාරාමාධිපති සහ කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිති කරගනිමින් වාර්ෂිකව මෙම පිංකම සංවිධානය නරනු ලැබේ.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහින්දගේ උපන් දිනේට කිරිඅම්මාවරුන්ට දානයක්
අතුල සෞදි Friday, 18 November 2022 11:50 AM
ජාතියටම අභයදානය දුන් ඔබතුමාට "චිරං ජයතු"
මැක්ස් Friday, 18 November 2022 12:07 PM
සුබ උපන් දිනක් වේවා...! මධ්‍යම පංතියේ සමහර බකපණ්ඩිත කොමෙන්ටුකරුවන් කුමක් කීවද ඔබ මේ රටේ පොදු මහජනතා හදවත් තුළ සදා ජීවමාන චරිතයකි. රටට අභයදානය දුන් තැනැත්තෙකි. ඍණ ආර්ථිකයක්, ධන ආර්ථිකයක් බවට පත් කළ අයෙකි. චිරං ජයතු හිටපු ජනාධිපතිතුමනි..!
AsangaFriday, 18 November 2022 02:59 PM
එතකොට දැන් සෘණ ආර්ථිකයක් වෙලා තියෙන්නේ මොකද දන්නේ නැහැ.. හලෝ, කඩේ යන හරක් දකිනවනේ අපි...
NimalFriday, 18 November 2022 06:18 PM
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් මෙසේ සදහන් කරමි. අප්පච්චී රටට කල හොද සියල්ල සහ කල සියලු වැරදින්හා /- සමානවන නිසා අප්පච්චි රට වෙනුවෙන් කිසිවක් නොකළ දේශපාලකයකු බවට පත්ව තිබේ. නමුත් අප්පච්ච්චි කලක් සිංහල ජනතව අතර ජනප්‍රිය චරිතයක්ව සිටියේය
රටවැසියෙක් Friday, 18 November 2022 12:50 PM
ඔබතුමාට සුබම සුබ උපන්දිනයක් වේවා... ඔබතුමා ඉතිහාසගතවන දුර්ලබ නායකයෙකි... දැන් ඔබතුමා නිදහසේ ගෙදරට වෙන නිදහසේ ඉන්න. දරුවන් වෙනුවෙන් යුතුකම් කල දැන් ඇති. ඒ අයගේ හැකියාවක් ඇත්නම් නැතක් ලැබෙයි...... ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා.
සමන්තා Friday, 18 November 2022 12:58 PM
කිරි අම්මා නොවෙයි කිරි අප්පට දුන්නත් රටට කරපු /කරවපු මෝඩයින්ට නොපෙනෙන විනාශයට සසරින් එතෙරවීමට තවත් කල්ප ගණනක් සසර ගමන දිගුවෙනවාමයි තන්හාය ජායතී සෝකෝ තන්හාය ජායතී භයං
උපාසක Saturday, 19 November 2022 07:55 AM
දැන හෝ නොදැන යම් අකුසලයක් කෙරුනනම් එතුමා අතින් ඒ අකුසල්වල බලය අඩුවෙනවා සඳ හිරු සෑය හදපු පිනෙන්. රටක් මොන තරම් කව්රු හෝ කෙනෙක් දියුණු කෙරුවත් මේ වගේ බලවත් දුර්ලබ පුණ්‍ය කර්මයක් කරන්න වාසනාව හැමෝටම නෑ.ඒ පින හැමෝටම අනුමෝදන් වෙන්නත් බෑ.එකේ අඩුපාඩුම දකිනවා. සෑ මළුවට වැලි ටිකක් ඇතුරුවත් එකේ ආනිසංශ මේ පිනවතුන් දන්නවා. එතුමාට සුගතියක්ම ලැබේ බොහෝදුරට. එතුමාට ලොකු පෞරෂයක් තියෙනවා බොහෝ දෙනෙකුට නැති. 48 නිදහසින් පසු ලංකාවට සෙතක් කරපු නායකයෙක්. මිනිස්සුන්ගේ මරණ බය නැති කරපු නායකයෙක්. වැරදි සහෝදරයෝ, දරුවෝ ලැබුනෙත් පෙර අකුසලයකට වෙන්න ඇති. පසු කාලෙක ඔබතුමාගේ වටිනානකම මේ බනින පිරිසට වැටහේවි. ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා.තෙරුවන්සරණයි සරණයි.
sharm warnMonday, 21 November 2022 02:45 PM
දැන හෝ නොදැන .අනේ එයා බබා නේ .සඳ හිරු සෑයෙන් ගහපු ගැහිල්ල දන්නවා නම් .ඔයා මොනවා ලියයිද දන්නේ නෑ මෙතන
C.K.Lankaputhra Friday, 18 November 2022 01:10 PM
මතක වස්ත්‍ර පූජාවක් ඉක්මනින් සිදු කිරීමට 69 ලක්ෂයක ජනතාවකට බලවත් ආශාවක්ද නැත්තේම නොවේ.
Sahara pereraWednesday, 23 November 2022 07:50 AM
මතක වස්ත්‍ර පූජාව ඉක්මනින්ම සිද්ධ වේවායි කියා පතමි.
SUNIL MILANO Friday, 18 November 2022 01:24 PM
ඔබතුමා තමා මවුබිම වෙනුවෙන් කල සේවයට හිස නමා ගෞරව කරන අතර නිදුක් නිරෝගී දිර්ගායුෂ ගෙනෙන සුබම සුබ උපන්දිනයක් වේවා , බුදු සරණයි.
නිමේෂ් Friday, 18 November 2022 01:55 PM
ඒ වගේම අවුරදු 3 කට කලින් අද වගේ දවසක තමයි, අපේ බත්කන ජනතාව ආර්ථියක් හසුරුවීම ගැන කිසිම දැනුමක් නැති මැදමුලන ලීක්වාන්යූ සහ මහතීර් මොහොමඩ්ට ලංකාවත්, සිංගප්පූරුවක් කරන්න මුළු රටම බාරදුන්නේ... ඊට පස්සේ වෙච්චි දේ ඉතින් හැමෝම දන්නවානේ....
ranjith Friday, 18 November 2022 02:15 PM
රටේ අවසානෙට යහපත් මිනිස්සු අකාලයේ මැරෙනවා... ධර්මසිරි සේනානායක වැනි කිසිඳු චෝදනාවක් නැති යහපත් මිනිස්සු අද අප අතර නැහැ.
බද්රානි Friday, 18 November 2022 02:32 PM
තමන්ගේ මඩිය තරකර ගැනීමේ අරමුණෙන් සුදු අලි ව්‍යාපෘති රැසක් කරමින් මේ රට හිඟමනට ඇද දැමූ තක්කඩි පාලකයින්ට ආවඩන නිවට වහල් මනසකින් යුත් අඥානයින් රැලක් තවමත් සිටින බව තමයි පෙනෙන්න තිබෙන්නේ. උස කුළුණු, වී වේලන මහා මාර්ග සම්මන්ත්රණ ශාලා, හා වනාන්තරයේ ඉදිකළ ගුවන් තොටුපොළවල්, විනෝදෙට උඩ ඇරපු රොකට් මේවා මේ රටේ ජනතාවගේ මුදල් කියලාවත් තේරුම් ගන්න බැරිද මෝඩ මිනිසුනේ..දැන් ඒ ණය ගෙවන්න වෙලා තියෙන්නේ කාටද? කඹුරාපල්ලා ජීවිත කාලය පුරාවටම, එක අතකට, කරුමය මුල්කරගත් උඹලගේ උරුමයට ගරහලා තේරුමක් නැහැ. ඔය කාටවත් උපන්දින ශුභ පැතුම් පතන්න අපට නම් රුදාවක් නැහැ. එක අතකට ඔහොම වෙලා මදි උඹලට!!
එම්.රාජපක්ෂ Friday, 18 November 2022 07:21 PM
බද්රානි ඔබට මම ආදරෙයි වස්තුවේ.
මහින්ද රාජපක්ෂSaturday, 19 November 2022 12:31 AM
ඉවසන්න භද්‍රා, ඔයා ඔය කිව හැමදේම මම කලේ මහා චිනාට තියෙන බය නිසයි වස්තුවේ.ඒකා තමයි කිවේ කැලෑවේ එයාර්පෝට් එකක් හදන්න කියලා.දැන් ඔයා ඕවා පත්තරවල දැම්මම මගේ තත්වය මොකක්ද..? සාමාන්‍ය මිනිස්සු මාව බල්ලටම දමනවානේ. හැබැයි කියලා වැඩක් නැහැ අපේ බයියෝනම් මට එදාවගේම අදත් පන ඇරලා. ඒ ඉතින් උන්ට මොලයක් නැතිනිසා බව ඔයා දන්නවානේ සුදු.මිට පස්සේ මාව විවේචනය කරලා මේ ලංකාදීපයේ ඒවා මේවා දමන්න එපා.මම ඔයාට ෂෝයි වී - 8 එකක් දෙන්නම්.
Kumara Friday, 18 November 2022 02:34 PM
අම්බරුවන්ට මොන උපන්දිනද ....
Perera Friday, 18 November 2022 02:34 PM
මෙය ඔබේ අවසාන උපන්දිනය වේවා!!!!
Santhu Friday, 18 November 2022 02:46 PM
ඖ, දැන් රාඡපක්ෂ නාමය මහඡනයාට එපා වෙලා ආයෙ රටේ බලය ලැබෙන්නෑ කියනව. නමුත් බලාන යද්දි දවසින් දවස දෙන කියන දෙස් සාප වල තරම ගැන දකිද්දි ආපසු ඒ අයටම ලැබෙනවද කියලත් හිතෙනවනෙ. කෙනෙක් වයසට යන එක සක්දෙවි යන්ටවත් නතර කරන්න බැහැ. අද ඡනපති තරඟයට ආවත් දිනන බවනෙ හැඟෙන්නෙ. ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා.!
Indika Friday, 18 November 2022 03:19 PM
සුබ උපන් දිනයක් වේවා මහින්ද රාජපක්ෂ මැතිඳුනි..
uk ran Friday, 18 November 2022 06:13 PM
ඡන්දෙන් බලය ගන්න බැරි කාලකණ්ණි ඔබතුමාට දොස් කිව්වට හැමෝම දන්නවා වෙච්චි දේ... රජයේ ඉන්න වංචාකාරී නිලධාරීන් ටිකයි, කූට ව්‍යාපාරිකයින් ටිකයි.., එකතු වෙලා රට විනාශ කරලා රට හැදූ ඔබතුමාලාට දොස් කියනවා. දෙවියෝ කියලා කෙනෙක් ඉන්නවා. ඒ අය දන්නවා ඇත්ත. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
ravinFriday, 18 November 2022 07:08 PM
දෙවියෝ කියලා කෙනෙක් ඉන්නවා, උන්වහන්සේ දැනටමත් යමරජ්ජුරුවන්ට මේ හාදයාගේ කැරැට්ටුව ඇතුළු මුළු වාර්තාවම යවලා තියෙන්නේ. ඒ වාර්තාවේ තියෙනවා " කවමදාකවත් අපායෙන් නිදහස් කරන්න එපා... !!! කියලා.
විපරමා Monday, 21 November 2022 05:26 PM
අවතැන් වූ අසරණයන්ට ලැබුණු පව්ම් මිලියන ගාණක සුනාමි ආදාර ගසාකාපු එකම මදිද? හිරේ යන්ඩ ඕන කෙනා රජ ගෙදරට යැව්වා කියලා හිටපු නිතිපති පවා ප්‍රකාශ කෙරුවා..
පිටරැටියා Tuesday, 22 November 2022 04:19 PM
UK ran කිව්වට මොල්‍රේ උඩ වගේ ඉන්නේ. බලතන්හාවෙන් ඉහවහා ගිය මහින්දයා කරපු දේවල් ගහපු ගේම් ලෝකෙම දන්නවා.ලියම් ෆොක්ස්ව රජයේ වියදමින් ගෙන්නුවේ අහවල් දේකටද?
ශ්‍රීලාන්කිකයෙක් Friday, 18 November 2022 11:51 PM
ඔබතුමාට සුබම සුබ උපන්දිනයක් වේවා ඔබතුමාට... මෙතන ඔබතුමාට බනින මිනිස්සු මෙලෝ හසරක් නොදැන ඔහේ රැල්ලට බනිනවා. රටට උනදේ මහබැංකු අධිපති තුමා පැහැදිලිවම තේරුම් කරලා දුන්න. ඔබතුමාගේ තේජසින්, පින් බලයෙන් බැබලෙන්න හදපු සහෝදරයෝයි, නූගත් දරුවොයි , ගෝටාභය ජනාධිපති තුමාගේ උද්දච්ච කමයි තමයි ඔබතුමාගේ ප්‍රතිරූපය විනාශ කෙරුවේ..... දීර්ගායු වේවා..!
AkilaSaturday, 19 November 2022 11:29 AM
කොයි එක්කෙනද කියුවේ ? කබ්රාල් ද ?
විජේ Saturday, 19 November 2022 03:17 AM
දැංවත් රගන්නැතුව ඉන්න ලොක්කා. මමත් මේ ලගක් වෙනකන් යුද්දෙ ඉවරකරපු එකට කඩේ ගියා. ඒත් දරුවෙක්ට කිරි උගුරක් බෙහෙත් පෙත්තක් නැති තැනට රට ගෙනිහින් දැන් නිකං තනේ එරෙන කිරිටිකත් විකුනං කන්න හදන්න එපා. දැන්නං අප්පිරියයි.
yurane Saturday, 19 November 2022 02:24 PM
ඉක්මනින්ම නිරයේ ඉපදේව, පව් කාරයා. රටේ අහිංසක දරුවන්ගෙ කිරි කඳුලත් නැති කල පාපතරයා
Mr. chin Saturday, 19 November 2022 03:42 PM
ලංකාවේ හිටපු හොඳම ජනපතිතුමා තමයි මේ ඉන්නේ...
siri Sunday, 20 November 2022 03:19 PM
එයාට ලැජ්ජත් නෑ. අනිත් එක්කෙනාට ලැජ්ජත් නෑ. අනිත් එක්කෙනා තමන්ගේ රටේ ඉඳලා මොළ හත රීචාර්ජ් කරගෙන ඇවිල්ලා මොනවද කරන්නේ කියලා අපි කටවල් ඇරගෙන බලන් ඉමු. අවුරුදු තුනකට කලින් "තුනෙන් දෙකක බලයක් දුන්නොත් මහ බැංකු මංකොල්ලකාරයා ගෝල්ෆේස් පිටියට ගෙනැල්ලා එල්ලලා මරනවා" කියලා පොරොන්දු වෙලා බලයට ඇවිත් අන්තිමේදී ඒ මනුස්සයාම ජනාධිපති පුටුවේ ඉන්දවපු මිනිස්සුනේ මේ අපිව ගොනාට අන්දන්න හිතාගෙන ආයෙත් වතාවක් පන්සල් ගානේ කරක් ගහන්න පටන් අරගෙන තියෙන්නේ.
බද්රානි Sunday, 20 November 2022 09:55 PM
ලංකාවේ ඉන්නවා පුජක ඇඳුම ඇඳගත් රැළක්. ඔය උපන්දින සමරන මහල්ලාගෙන් මේ රට ගලවා ගත්තත්, මේ අයගෙන් මේ රට, මේ ආත්මෙදී නම් ගලවා ගන්න ලැබෙන්නේ නැහැ. උප්පත්තියෙදී තියන ඇරියස් ඔක්කොම මේ චීවරය යොදාගෙන කවර් කර ගන්නවා. අත් හැරීම ගැන දම් දෙසුවට, මෙවුන් තමයි පෙරේත ආත්ම වල ඉපදිලා, කපුටෝ, බහිරවයෝ, මලපෙරේතයෝ, කුම්භාණ්ඩයෝ වෙලා මේ රටේම නැවත නැවත ඉපදිලා අපට පව් දෙන්නේ.
NelumMonday, 21 November 2022 01:57 PM
උඹ ඔය කියපු ටික ඇති උඹට අර කියපු ආත්මවල කල්ප ගානක් ඉපදෙන්න. ගින්දරත් එක්ක සෙල්ලම් එපා........බුද්ධිමතා පයගහන්න බය බිමේ මෝඩයා පිනුම් ගහනවලු....... උඹට කීවේ බද්ද රා.
බද්රානි Monday, 21 November 2022 03:06 PM
ඇත්ත කිව්වම කොහොමද බන් පෙරේත ආත්මවල උපදින්නේ. මේ ආත්මෙත් පෙරේතයෙක් වෙලා ඉපදිලා මදිවාට, ගින්දර පෙන්වලා මාව බය කරන්නද උඹ මේ දඟලන්නේ. අධම පාලකයින්ට ආවඩමින් රට ගිනි තියන උඹලා ගින්දරට බය උනාට, අපිට නම් ගින්දර කියන්නේ එදිනෙදා ප්‍රයෝජනයට ගන්න දෙයක්. අසරණ ජනතාව ගොනාට අන්දා කුසගිනි නිවාගෙන අධර්මිෂ්ඨ පාලකයින්ට ගැතිකම් කරන උඹල වැනි ආත්ම වංචනිකයින්ට යන්න වෙනම අපායක් නම් හදන්නවෙයි!!
K Perera Tuesday, 22 November 2022 12:39 AM
මෙක ජනදිපති වෙන්න ඉස්සෙර,මෙයාගෙ වටිනාකම ගැන කවුරුවත් දන්නවද? මෙ හොර සුනමි අරමුදලෙන් හොරාකෑව. හෙල්පින් හම්බන්තොටින් හොරාකෑව, පාරවල් හඩන වලින් කොමිස් ගැහුව, එතකොට මුගෙ පවුලෙ අයට දුන්න ගැහිලි? මෙව මෙ රටෙ දුප්පත් ජනතවගෙ මුදල් නේද! මෙක නම් අනිවාරෙම්ම හතර අපායෙ ඉපදෙනවමයි.