IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මහින්දට ගෝඨාට කැනඩාවෙන් සම්බාධක

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම් පැවති 1983 සිට 2009 දක්වා කාලයේ සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට සහ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ට කැනඩා රජය සම්බාධක පනවන බව කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළාය.

ඒ අනුව කැනඩාවේ විශේෂ ආර්ථික රෙගුලාසි පනතට අනුව මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ, මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ කැනඩාවේ තිබෙන වත්කම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලබන බවත් ආගමන හා සරණාගත ආරක්ෂණ පනත ප්‍රකාරව මින් පසු කැනඩාවට ඇතුළු විය නොහැකි බවත් එම නිවේදනයේ දැක්වේ,

කැනඩාව සහ ජාත්‍යන්තර ප්‍රජාව මානව හිමිකම් කඩවීම පිළිබඳ වගවීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියත් ශ්‍රී ලංකා රජය වගවීම සම්බන්ධයෙන් ගෙන ඇත්තේ අර්ථවත් සීමිත ක්‍රියාමාර්ග කිහිපයක් පමණක් බවත් එම නිසාවෙන් මෙසේ සම්බාධක පනවන බවත් එම නිවේදනයේ දැක්වේ.

මානව හිමිකම් කඩ වූවන්ට යුක්තිය ලබාදිය යුතු බවත් මෙම සම්බාධක පැනවීම මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සිදු කළ පුද්ගලයන්ට අඛණ්ඩව දණ්ඩමුක්තිය ලබා දීම කැනඩාව පිළි නොගන්නා බවත් පැහැදිලි පණිවිඩයක් ලබා දෙන බව කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී මහත්මිය ප්‍රකාශ කර ඇත.

 

 



අදහස් (50)

මහින්දට ගෝඨාට කැනඩාවෙන් සම්බාධක

ganegoda Tuesday, 10 January 2023 10:01 PM

නියමයි, එයාගේ නම ජොලි කියන්නේ විහිලුවට නෙමෙයිනේ.

:       7       28

Nandalal DE SILVA - France Tuesday, 10 January 2023 10:46 PM

මේ සංවේදී කාරණා සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීති කඩ කළ අයට දඬුවම් දීමට ශ්‍රී ලංකාව මෙතෙක් යන්නේ ගොළුබෙල්ලාගේ වේගයෙනි. අවම වශයෙන් දඬුවම් කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ රටවලට ප්‍රශංසා කළ යුතුය. තවත් රටවල් කැනඩාවට එක්විය හැක.....

:       86       47

කසුන්Thursday, 12 January 2023 06:48 AM

රටේ ජනතා මුදල් මෙහෙම නාස්ති කිරීමට විරුද්ධ වියයුතු වුනත් කැනඩාව ගත් තීරණය වෙනුවෙන් ලංකාව ප්‍රශාදය පලකිරීමට කටයුතු කලයුතු වුනත් කරල තියෙන්නෙ තානාපති අමාත්‍යාංශයට කැදවා කැනඩාවට අප්‍රසාදය පලකිරීම තමයි ඉතින් කොහොමද රට හදන්නෙ කරන්න තිබුනෙ රාජසංතක කලා කියපු සම්පත් ලංකාවට ගෙන්වා ගැනිම නොවෙයිද

:       24       3

siri Wednesday, 11 January 2023 12:04 AM

අප්පට සිරි. එහෙත් තැන්පත් කරලද ? අපි හිතාගෙන හිටියේ සී ෂෙල්ස්, කෙන්යා, ලිච්ටන්ස්ට්ටයින් වගේ රටවල් වල විතරයි කියලයි.

:       69       61

sisil Wednesday, 11 January 2023 03:19 AM

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් කැනඩාවෙන් සම්බාධක පැනවීම සම්බන්දව නිකුත්කල නිවේදනයත් නිකුත් කර තිබේ. 1983 සිට 2009 යුද්දයෙන් පසු ද්‍රවිඩ ජාතීන්ගේ මුලික අවශ්‍ය තත්වයන් ඉටු නොවීම පිලිබදව පාර්ලිමේන්තුවේ සිටින ද්‍රවිඩ දේශපාලන නායකයන්ගෙන් ජාත්‍යන්තර ප්‍රජාව කරුණු විමසිය යුතුවේ.

:       16       36

ගුණවර්ධන Wednesday, 11 January 2023 05:48 AM

අහන්න ලැබුණු සතුටුදායක ආරංචියක් කියන්න පුළුවන් මෙයිනුත් පේනවා 1983 සිට 2009 දක්වා රටේ ජනතාව පීඩාවට පත්කිරීම කලේ කවුද කියලා මම එහෙම පීඩාවට පත්වූ පවුලක කෙනෙක් ලෙසට විශ්වාස කලේම 1988-1989 කාලයේ බොහෝවිට මිනීමැරුම් කලේ ජනතා විමුක්තිකාමීන් නොවෙයි මොවුන් කියලමයි මොකද ඒ කාලයේ රජයේ කාර්‍යාල වල අපිත් සමග සිටි මහින්ගේ පක්ෂයේ සමහරක් අය එවැනි දේවල් කලා කියලා කතා කාර්‍යාලවල තිබුනා ලංකාවෙ මිනිස්සු මේවා විශ්වාස නොකලත් කවදාහෝ සත්‍ය හෙලිවෙනවා කියමන දැන් පේනවා සත්‍ය හෙලිකල කැනඩාවට ප්‍රනාමය ලැබේවා

:       66       38

Bamunuarachchi Wednesday, 11 January 2023 07:30 AM

ඝෝටා මහින්ද කැනඩා එන්නේ නැහැ බොලව්. කැනඩාව ගැන හරියට නොදන්නා මිනිසුන්ට කැනඩාව ලොකුයි.

:       70       104

C.K.Lankaputhra Wednesday, 11 January 2023 07:45 AM

කරලා තියන හින්දා අපට එක දවසට එක වේලක් වත් බඩ පිරෙන්න බත් ටික කන්න බැරිවෙන තැනට කරපු වැඩ වලට ලංකාවෙනුත් සම්බාදක පනවන්න බැරිද?

:       50       68

මැක්ස් Wednesday, 11 January 2023 08:48 AM

රාජපක්ෂ කඳවුරට මාර සපෝට් එකක්නෙ කැනඩාව දෙන්නෙ.

:       31       33

Shashika519 Wednesday, 11 January 2023 08:50 AM

එකෙන්ම රෙස්පෙක්ට් කැනඩා රජයට.. ලංකාවේ තරාදියෙන් කිරන ඇස් වැහිච්ච ගෑණි සල්ලිවලට ඕනි දෙයක් කරාවි

:       51       50

රනා Wednesday, 11 January 2023 09:02 AM

මර බිය නැති කරලා රට සංවර්ධනය කරපු ඒ් විශීෂ්ට නායකයන් රැක ගැනීම විෙශ්ෂෙයන් රටට ආදරය කරන සිංහලයන්ගේ යුතුකමක්.

:       87       110

kamalWednesday, 11 January 2023 12:45 PM

ෆොන්සේකා මත්තයා ගැන නේද කිව්වේ?

:       61       25

දනිත්Wednesday, 11 January 2023 02:13 PM

මහින්ද නැත්නම් ෆොන්සේකා නැහැ යුද්ධෙත් ඉවර නැහැ.

:       23       53

kamalWednesday, 11 January 2023 03:33 PM

ෆොන්සේකා නැත්නම් මහින්දත් නැහැ... යුද්දෙත් ඉවර නැහැ. ෆොන්සේකාට බයට, ෆොන්සේකා කියන විදියට එයාට ඕනෑ විදියට යුද්ධ කරන්න ඉඩ ලබාගත්තු නිසයි යුද්දේ දින්නේ...!

:       47       19

BamunuarachchiWednesday, 11 January 2023 06:00 PM

ඉතින් කමල් ෆොන්සේකාට තිබුණනේ රනිල්ගේ කාලේ යුද්දේ දිනන්න. මොකද බැරි වුනේ?. ඒ කාලේ ඔබ ෆොන්සේකා කෙනෙක් ගැන දැනගෙන හිටියද? රනිල් එක්ක යුද්දේ ගැන කතා කළානම් ෆොන්සේකා නවතින්නේ සැල්වේෂන් ආමිඑකේ...

:       10       36

Hafeel Wednesday, 11 January 2023 01:56 PM

ඔය කියන විශිෂ්ඨ නායකයින් දෙපළගේ කෙරුවාව නිසා තමයි අද රට බංකළොත් වෙලා, මිනුස්සු පාරේ, පොලිමේ, මන්දපෝෂණ වැඩිවෙලා තියන්නේ. සංවර්ධන කොහොම වුණත්, කොහොමද පවුල් පිටින් ගහපු ගැහිල්ල...? එහෙත් වත්කම්, ලොව පුරා වත්කම්, මෙහේ ඡන්ද දීපු මිනිස්සු පාරේ...

:       54       28

sharm warn Wednesday, 11 January 2023 09:05 AM

මේක අපි කිව්වම වැරදි පිලි අරන් හදා ගත්තේ නැහැනේ. දැන් හරිනේ.

:       90       41

BamunuarachchiWednesday, 11 January 2023 11:51 AM

ඝෝඨාභයට මොනවද ඔහේ කිව්වේ? ජනාධිපති උපදේශක ලැබුනේ නැද්ද? ඝෝඨාභය කඩකලේ කාගේ මානව හිමිකම්ද? ඝෝඨාභය මානව හිමිකම් කඩ කලානම් ඒ සිංහල අපේ මානව නැති කල හා නැතිකරන කරන්න උත්සාහ කල එවුන්ගේ මානව හිමිකම් . ඒ ගොඩට සිංහල කොටිත් අයිතී.

:       29       71

achini Wednesday, 11 January 2023 09:39 AM

සම්බාධක විතරක් නෙමේ හොරාකපු එව්ව ආපහු අරගෙන ජිවිත කලයටම හිරගත කරන්න ඔන.

:       63       45

යෝගා Wednesday, 11 January 2023 09:45 AM

ඔය කාගෙවත් දේපල කැනඩාවේ ඇත්තෙත් නෑ ඔය මිනිස්සු කැනඩාවට යන්නෙත් නෑ. එහෙ දෙමල චන්ද ගන්න කැනඩා ආණ්ඩුව කරන පොඩි සංදර්ශනයක්...!

:       22       81

Bunny Preena Wednesday, 11 January 2023 09:47 AM

අනුන්නට මානව හිමිකම් ගැන දේශලා කරන්ට ඉස්සෙල්ලා කැනඩාව තමා රටේ ඉන්නා වූ සහ හිටිය අහිංසාක ආදි වාසීන්ට කරපු සහ දැනටත් කරන මහ පොළොව නුහුලන අපරාධ , අඩත්තේට්ටම් ළමයින් පැහැරගෙන යෑම්, මානුෂ්‍ය ඝාතන ගැන තියන චෝදනාවලට පිළිතුරු දුන්නොත් හොදයි. අනිත් රටවල්වල මානව හිමිකම් කඩවීම් ගැන කතා කරන්න ඉස්සලේලා.

:       25       82

ජනීWednesday, 11 January 2023 10:22 AM

බයියෙක් එළි බැහැලා...

:       56       24

JagathSWednesday, 11 January 2023 10:49 AM

ඒ ගැන වද වෙන්න එපා ඉදිරියට එන්නේ ලෝකය බටහිරට වැඳගෙන සිටීම නවතින කාලයක් බටහිරට දැනටම ඉස්සර වගේ ලෝකයට බණ දේශනා කිරීමේ හැකියාව අඩු වෙලා ඒව පැත්තකින් තියල රටක් හැටියට අපි සතුටු විය යුත්තේ රාජපක්ශ පවුලට කල දේ ගැන

:       15       33

BamunuarachchiWednesday, 11 January 2023 05:48 PM

බටහිරට වඳින එක නවත්තන්තේ කොහොමද? අනුර අධිරාජ්‍යවාදී කියලා පට්ට ගහන ස්විට්සර්ලන්තේ එයාගේ ළමයි ඉන්නේ. ඔහේ බණ කතාකරනවා.

:       4       17

වත්සි Wednesday, 11 January 2023 10:15 AM

මේ ගැන කැනඩා ආණ්ඩුවට හුරේ දාන අය මිනිස්සු වෙන්න බෑ. එල්ටීටීඊ අවතාර වෙන්න ඕනෑ.

:       31       124

කිරිපුතා Wednesday, 11 January 2023 10:38 AM

කැනඩාව කියන්නෙ ලෝකෙ ඉන්න ඕනම ත්‍රස්තවාදීයෙකුට රැකවරණය දෙන තැනක්නෙ. කොටි ත්‍රස්තවාදීන්ගේ ක්ශේම භූමිය කැනඩාව. මෙව්වා අමුතු දේවල් නෙවෙයි. මෙච්චර කල් පරක්කු වෙච්ච එකයි පුදුමය

:       16       119

සුද්දා Wednesday, 11 January 2023 12:22 PM

ඕකට තමයි කියන්නෙ කට බොරු කිව්වට දිව බොරු කියන්නෙ නැහැ කියලා ඉතින් ලංකාවෙ දේපොළ කැනඩාවට නොගියත් එහි තැන්පත් කලේ සැකයක් ඇතිනොවීමට තමයි

:       53       5

achiniWednesday, 11 January 2023 04:15 PM

ලංකාවෙ මොකද්ද වෙනස සල්ලි තියනව නම් මහින්ද රාජපක්ශත් පක්ශ නම් ( කරපු කරුම)

:       13       1

චුටිපුතා Wednesday, 11 January 2023 10:48 AM

කැනඩාවේ පාලක මහත්වරුනේ, මේ අයට සම්භාධක දැම්මාට වැඩක් නැහැ , උන් මෙහෙට වෙලා හොරකම් කරමින්, දේශපාලනේ කරනවා.

:       32       13

sam Wednesday, 11 January 2023 11:11 AM

ජය වේවා .කැනඩාව හරියට හරි.මේ ජරාපක්ෂලා හරිනම් දැන් ඉන්න ඕනේ හිරේ.මුන් ඒ තරම්ම නීති විරෝධී ලෙස මානව හිමිකම් කඩ කල කාලකන්නි සෙට් එකක්.මුන්ව අල්ලලා හිරේ දාන්න

:       29       17

uk ran Wednesday, 11 January 2023 11:12 AM

කැනඩාව කරන දේවල් නොදන්නා අපේ රටේ මෝඩයන්ට මේක ලොකු දෙයක්.කැනඩා ,යූ එස් ඒ ,එංගලන්තය සහ යුරෝපීය රටවල් ඔක්කොම එකතුවෙලා කොටින්ට උදවු කරනවා.ලෝකේ ඉන්න ලොකුම ත්‍රස්තවාදියෝ උන්.ලංකාවේ මෝඩයෝ උන්ට හුරේ දානවා .කාලකන්නි තමයි මේක හරි කියලා හුරේ දාන්නේ

:       12       62

ලුම්බිණි Wednesday, 11 January 2023 11:29 AM

හොඳ දෙයක්.

:       33       12

Rata Perata Wednesday, 11 January 2023 01:01 PM

නියමයි. අපේ රටෙ නම් ඔන හොරෙක්ට කිසි ප්‍රශ්නයක් නතුව ඉන්න පුලුවන්. මොඩ කාලකන්නි රැලක් මුන් පස්සෙ ඉන්නවනෙ.

:       36       6

Prabha Wednesday, 11 January 2023 02:04 PM

ඒ අය ඕවා කරන්නේ අපිට ඇති ආදරයට නෙවෙයි... දෙමළ ඡන්ද ටික බාගන්න.

:       3       45

Priyantha Wednesday, 11 January 2023 02:12 PM

තුන්මුල්ලෙ විමලේ කොහේද?

:       25       5

Kamal Wednesday, 11 January 2023 02:23 PM

මේ බටහිර කුමන්ත්‍රන ඉදිරියේ රට වෙනුවෙන් නොසැලෙමු. හෙලයිනි අවදිවව්. මෙවර මැතිවරනයේදී ඉහලින්ම පොහොට්ටුව දිනවමු.

:       28       8

BamunuarachchiThursday, 12 January 2023 09:53 AM

නැතුව පුතේ නැතුව. පොහොට්ටුව නැතුව සජබයෝ දිනවන්නද? ජෙප්පෝ දිනවන්නද?

:       4       5

amila Wednesday, 11 January 2023 02:23 PM

කොහොමහරි කමක් නෑ රටින් පන්නපු ඩොලර් බිලියන ගාන අපහු ගෙන්න ගන්න ක්‍රමයක් අපිට හදල දෙනවනම් මෙ රටවල් එකතු වෙලා. මහින්ද ගෝට හිරේ යන්න ඔන නැහැ අපිට දැන් ඔන හොරාකාපු කරපු සල්ලි විතරයි

:       37       6

SL Wednesday, 11 January 2023 02:29 PM

කොටි ත්‍රස්තයෝ රෙද්ද අස්සෙ දාගෙන චන්ද ගන්න ගහන ගේම් මහින්ද හොරා කාපුවට දඩුවම් දුන්නත් රට ත්‍රස්තයින්ගෙන් මුදවන්න ඔහු ගොටා. නායකත්වයදුන්න

:       2       29

fairoos Wednesday, 11 January 2023 02:32 PM

දැන් අපේ බයි වහල්ලු සෙට් එක කියයි මේ දෙන්නා නිසා තමයි යුද්දේ දිනුවේ කියලා.. ඔව් යුද්දේ දින්නා තමයි.. ඒත් දැන් අද රට මේ තත්වෙට වැට්ටෙව්වේ මේ දෙන්නා කියලා මතක තියාගන්න...

:       59       8

ජනිත්Wednesday, 11 January 2023 03:55 PM

රට අගාධයට දැම්මේ ධබලාගේ යහපාලන ලොක්කෝ තමයි.

:       4       36

BamunuarachchiWednesday, 11 January 2023 05:52 PM

රට මේ තත්වයට වැටුනේ 2014 බලයට ආපු ආණ්ඩුව හම්බයින්ට අමාත්‍යංශ 43 දීපු නිසා. එළුවෝ බලපු මස්කඩ කරපු අයට පුළුවන්ද අමාත්‍යංශ කරන්න? අකුරණ මස්කඩ දුන්නා නම් හරියට කරයි.

:       2       32

kamal Wednesday, 11 January 2023 03:27 PM

කැනඩාව කොහොමටත් ලංකාවට වඩා ලොකුයි බමුණෝ...

:       42       3

BamunuarachchiWednesday, 11 January 2023 05:54 PM

මම අවුරුදු 27ක් කැනඩාවේ ... මට කැනඩාව ගැන කියලා දෙන්න එපා.

:       1       33

SUNIL MILANO Wednesday, 11 January 2023 03:28 PM

ශ්‍රී ලංකාවේ ඉන්න සමහරක් ලෝකයා කියන ඕනම බොරුවක් ඉස්මුදුනින්ම පිළිගෙන... ගරහන අමුතුම ජාතියේ සත්ව කොට්ඨාශයක් සිටින රටක්. සෝල්හයිම් වගේ කෙනෙක් අපේ මව්බිමට සේන්දුවෙනකොටම මම දැනගෙන සිටිය අනතුරක් අතළඟ බව.. කණගාටුවට කරුණ මේ ත්‍රස්තවාදී රටවලට අපේ සමහරක් ත්‍රස්තවාදියෝ අනුබල දීමයි...

:       2       52

podoekaa Wednesday, 11 January 2023 05:20 PM

රාජපක්ශල කියන්නෙ යුද්ද අපරාද කාරයො .. මොවුන්ව අල්ලලා ජාත්යන්තර උසාවියකට දාල ... අර ස්දාම් හුසෙන්ට දීපු දඩුවම දෙදෙ ඔනෙ .

:       43       9

sampath Wednesday, 11 January 2023 06:44 PM

ඕකත් එහෙ කට්ටිය ලවා කරවාගන්න ඡන්ද කැම්පේන් එකක්. ඔක මීට කළින් නොකළේ ඇයි... ඩයස්පෝරාවත් සල්ලිවලට අරන් වගේ මෙහෙ අය... අනික මහින්ද ලංකාව දාලා කොහේවත් යන කෙනෙක් නෙවෙයි. ඔය හදිසියකට දවසකට, දෙකකට ගියාට...

:       3       33

Yamuna Ranaweera Wednesday, 11 January 2023 07:29 PM

දැන් අපි පටන් ගමු බටහිර මාෆියාවට ඕනේ විදියට අපේ රට පාලනය කරන්න ගෝටා මහින්ද නිසා තමයි මේ රට මේ විදියටවත් ඉතුරු වෙලා තියෙන්නේ

:       1       23

wimal Sunday, 15 January 2023 03:08 PM

කැනඩාවේ රාජපක්ෂලාට කියන්නේ ‘‘ග්‍රේට් හෙරොයින් ඩීලර්.. ‘‘ කියලනේ..!

:       0       0

සිහ නද Wednesday, 11 January 2023 08:30 PM

මම ඉන්නෙත් කැනඩාවේ . මොන ලබ්බක්ද තියෙන්නේ කැනඩාවේ ස්නොව් හැර . මිනිස්සු එල්ලෙන්න වැල් නැතිව ඉන්නේ වියදම දරාගන්න බැරුව . පෙට්රෝල් මිල , ගෙවල් මිල , භාණ්ඩ මිල අහස උසට නැගල . යකෝ ඒවා විසදපල්ලා රාජපක්ෂලාට සම්බාදක දාන්න කලින් . ඉගෙන ගන්න කියලා ආපු සිසුන් දහ දුක් විදිනවා , ඒ මාර්ගයෙන් ලෝකේ රටවල්වල සල්ලි ටික කැනඩාවට ඇදල ගන්නවා . ඔය බලු වැඩ නවත්තල කැනඩාවේ මිනිස්සුන්ට ජිවත් වෙන්න පුළුවන් වැඩපිළිවෙලක් හදපල්ලා .දේපල බද්ද, පුද්ගලික බද්ද, මෝටර් රථ රක්ෂණය අහස උසට නැගලා ,උකස් අනුපාතය අහස උසට , ඒවා තියෙද්දී රාජපක්ෂලාට සම්බාදක . රාජපක්ෂලා මොන ඇට බිජ්ජක් ගන්නද කැනඩාවෙන්

:       0       38

ඔබේ අදහස් එවන්න

දියත

බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 201 0

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 529 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 989 2

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 59 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 506 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල



වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 20304 24


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18833 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 358 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 636 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1817 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site