(ෂේන් සෙනෙවිරත්න)
දැඩි බෑවුම් ප්‍රදේශයක පවතින මහනුවර හෙද විදුහල මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නාය යාමේ දැඩි අවදානමකට ලක්වී ඇති බැවින් දැනට එහි අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන් නවතා දමා ඇති බව හෙද විදුහල් බලධාරීහු පවසති.
ශ්‍රී ලංකා රෝහල් පද්ධතියට හෙද හෙදියන් පුහුණු කරනු ලබන ප්‍රධානතම ආයතනයක් වශයෙන් සැලකෙන මෙම හෙද විදුහල මේ ආකාරයෙන් නාය යාමේ තර්ජනයකට ලක් වීම එහි අධ්‍යයන කටයුතුවල නියැලෙන හෙද හෙදියන්ගේ අධ්‍යන කටයුතු ඉදිරියට කරගෙන යාම විශාල ප්‍රශ්නයකට තුඩු දී ඇති බව එහි පාලන අධිකාරිය කියයි.
දැනට දින ගණනාවක් පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් හෙද විදුහලේ විදුහල්පතිවරයාගේ නිළ නිවස, හෙද පුහුණුව ආදර්ශ කාමරය හා විද්‍යාගාරය වැසිකිළි පද්ධතිය හා ගරාජය මෙන්ම දේශන ශාලාව සහිත ගොඩනැගිල්ල ද මේ හේතුවෙන් දැඩි අවදානමකට ලක්ව පවතින අයුරු දැකගත හැකිය.
හෙද විදුහලේ විශාල කොටසක් නායයාමට ලක්ව විනාශ වී ඇති බවද හෙද විදුහලේ ගුරුවරයෙක් වන අජිත් වර්ණසූරිය මහතා පැවසීය.
දකුණු ආසියාවේ විශාලතම මුළුතැන්ගෙය ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය පාලනය කරන කොළඹ වරාය කුස්සියේ අඹ මාළුවේ විශාල කැරපොත්තෙක් සිටි බ
’’අස්වැන්න නෙලීමේ උත්සවය’’යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි.
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ජනතා අදහස් විමසීමේදී විදුලි ගාස්තු සියයට 20 ත් 30 ත් අතර ප්‍රතිශ
අධික වැසි සහිත කාලගුණයෙන් වෙහෙරගල ජලාශය සහ ලුණුගම්වෙහෙර ජලාශය ජලධාරිතාව ඉහළ ගොස් ඇති හෙයින් එම ජලාශ දෙකෙහි පිට වාන් දොරටු විවෘත කිරීමට සිදුවූ බව ජලාශ
සෞඛ්‍ය වෘත්තිකයා වෘත්තීය තෘප්තිමත්භාවයෙන් තැබීමෙන් මෙරට ජනතාවට වඩාත් ඵලදායී, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා දිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මහනුවර හෙද විදුහල නාය යයි