(යොහාන් භාසුර)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා එම අමාත්‍යාංශයේදී අද (20) වැඩ භාරගත්තේය.
ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් වැඩ භාරගත් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට වැඩභාර ගැනීමෙන් අනතුරුව පැමිණි සිටි නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සුභ පැතුම් එක් කළහ.
විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මීට පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම අතිරේක ලේකම් වරයෙක් ලෙස ද සේවය කළේය. ඒ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජිතවරයෙක් ලෙස කටයුතු කළ අතර මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල සේවාවක් කළ ඒ මහතා කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකි.
මෙම වැඩ භාර ගැනීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු වන ගීතාමනී කරුණාරත්න, වත්සලා ප්‍රියදර්ශනී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මිහූ ඇතුලු පිරිසක් සහභාගී වුහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.
යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහීපාල වැඩ අරඹයි
Kazi Shajahan Monday, 20 November 2023 04:08 PM
සර් අපේ මිනිස්සු මැරෙන්න බලා බෙහෙත් ගෙනාපු හොර නඩය මුලින්ම අල්ලන්න...