IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


මහියංගනයේ තනි අලියා ග්‍රාමසේවා වසම් 16ක් හොල්ලයි


(පාලිත ආරියවංශ)
 
නිවාස සහ වගාබිම්වලට හානිකරමින් මහියංගනය ප්‍රදේශයේ සැරිසරන තනි අලියෙකු නිසා, ග්‍රාම සේවා වසම් 16ක ජනතාව පීඩාවට පත්ව භීතියෙන් පසුවන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ඩී.එම්.එල්.එච්.දිසානායක මහතා බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අද(04) පැවැසීය.
 
ඉකුත් දින කිහිපය තුළදී පමණක් එම අලියා නිවාස 20 කට හානි කර ඇති බවද බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා කියාසිටියේය.
 
අද පැවති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙණිපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, එහිදී  දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
 
අලි උවදුර දැනුම් දුන් විට වනජීවී නිලධාරින් ක්‍රියාත්මක නොවන බවට ජනතාව මැසිවිලි නගන බව සුදර්ශන දෙනිපිටිය මහතා පැවසූ අතර එහිදී, අලි නිර්වින්දනය කර අල්ලා අභය භූමියකට රැගෙන ගොස් නොදමන්නේ ඇයිදැයි කම්කරු ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා  වනජීවී නිලධාරීන්ගෙන්  ප්‍රශ්න ක‍ළේය.
 
එම ප්‍රශ්නයට පිළිතුරු දුන්  අඩවි ආරක්ෂක සිසිර රත්නායක මෙසේ පැවසුවේය.

“එක යුනිට් එකකට තියෙන්නේ, එක වාහනයක් හා නිලධාරින් 13 ක් පමණයි. ග්‍රාමසේවා වසම් 35 ක අලි උවදුරු මැඬලීමට මේ නිලධාරින් ගණන ප්‍රමාණවත් නොවන නිසා ප්‍රමාදවනවා. ඇතැම්විට වසම් කිහිපයකට එකවර අලි පැමිණීමේදි මේ තත්වය මතුවනවා.
 
හොරොව්පොතාන  අලි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබිය හැකි ප්‍රමාණයට මේ වන විට අලි රඳවා තබාගෙන සිටිනවා. ලුනුගම්වෙහෙර අලි රැදවුම් මධ්‍යස්ථානය  සකස් කර අවසන් වූවාට පසුව අලි අල්ලා රැගෙන ගොස් එහි දමන්න පුලුවන්” යැයිද පැවසීය.
 
කෙසේ නමුත් මෙම තනි අලියා ඇල්ලීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවට රත්නායක මහතා සඳහන් කළේය.
අලි ගමන් කරන මාර්ගයට අවශ්‍ය ඉඩම් ලබාදීමට ජනතාව කැමැත්තෙන් පසුවන නිසා ඉක්මණින් අලිවැටක් ඉදිකිරීමට පියවරගත යුතු බව ග්‍රාමීය හා පාසැල් යටිතල පහසුකම් ප්‍රවර්ධන  රාජ්‍ය ඇමති තේනුක විදානගමගේ මහතා මෙහිදී  අවධාරණය කළේය.
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, චාමර සම්පත් දසනායක සහ වඩිවේල් සුරේෂ්  යන මහත්වරුද  මෙම රැස්වීමට සහභාගි වූහ.

(ඡායාරූප - බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අවස්ථා)



අදහස් (4)

මහියංගනයේ තනි අලියා ග්‍රාමසේවා වසම් 16ක් හොල්ලයි

saman Friday, 04 September 2020 12:02 PM

දුප්පත් ගම්වැසියන්ට තර්ජනයක් වෙන මෙම අලින්ට වෙඩි තැබිය යුතුයි. එසේ නොමැති නම්, මෙවැනි අලි පලවා හැරීමට නගරබදව සිට බෙරිහන් දෙන පරසරවේදීන් පිටත් කර යැවිය යුතුයි.

:       14       1

සෑම් Friday, 04 September 2020 01:43 PM

වැස්සකින් බේරෙන්නවත් ඉස්කෝලෙකට ගිහිල්ලා තියනවද?

:       1       10

බද්රානි Friday, 04 September 2020 03:53 PM

අනේ! හරිම හුරතල් තනි අලි පැටියෙක්.... ඔයාගේ තව යාළුවෝ ඉන්නවා නම් ලංකාවේ අනිත් පැතිවලටත් යවන්න ඔවුන් හරිම ආදරෙන් ඔයාලව පිළිගනීවි...

:       10       2

Tharaka. Friday, 04 September 2020 05:22 PM

සෙනෙවිරත්න දැන් වන අලියෙක් වගේනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 503 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 901 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 465 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1250 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 702 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3061 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1889 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site