මියන්මාරයේ 73 වැනි නිදහස් සමරු උළෙල නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා හත් නමකට හා එක් ගිහියෙකු ඇතුළු අට දෙනෙකුට ගෞරව සම්මාන ප්‍රදානය කීරිමට මියන්මාරයේ ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
ථේරවාදී බෞද්ධ භික්ෂූන් වහන්සේ උදෙසා මියන්මාර රජය පරිනමන ඉහළම සම්මානය වන අග්ග මහා පණ්ඩිත ගෞරව නාමයට පාත්‍ර වු ශ්‍රී ලංකාවේ කිර්තිමත් භික්ෂූන් වහන්සේ සිවිනමක් සිටීමද විශේෂත්වයකි.
තවත් ගෞරව නාමයන් කිහිපයක් ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා තුන් නමකට සහ එක් ගිහියෙකු වෙත පිරිනැමීමට මියන්මාර ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
ඒ අනුව , දෙහිවල ශ්‍රී මහා බෝධි මහා විහාරයේ මිහිරිපැන්නේ සෝභිත ස්වාමීන් වහන්සේ, කැලණිය රජමහා විහාරය සහ කිත්සිරිමෙවන් රජ මහා විහාරයේ ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත මහානායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී අමරපුර ධර්මරක්ෂිතවංශ මහා නිකායේ තිරිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ සහ ශ්‍රී කල්‍යාණිවංශ අමරපුර මහා නිකායේ දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක ස්වාමීන් වහන්සේ වෙත අග්ගමහාපණ්ඩිත ගෞරව නාමය පිරිනමා ඇත.
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය, ආචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම ස්වාමීන් වහන්සේ වෙත අග්ග මහා සද්ධම්ම ජෝතික ධජ ගෞරව නාමය පිරිනමා ඇත.
පිලියන්දල තුම්බෝවිල පුරාණ මහා විහාරයේ තුම්බෝවිල ධම්මරතන ස්වාමීන් වහන්සේ සහ දම්රිවි පදනමේ විශ්‍රාමික මහාචාර්ය අසංග තිලකරත්න මැතිතුමාට මහා සද්ධම්ම ජෝතික ධජ ගෞරව නාමය පිරිනමා ඇත.
අග්ග මහා පණ්ඩිත යනු මියන්මාර රජය විසින් විශිෂ්ට ථේරවාදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙත පිරිනමනු ලබන ගෞරවනීය බෞද්ධ නාමයකි. අග්ග මහා පණ්ඩිත යන්නෙහි අරුත “ප්‍රමුඛතම, ශ්‍රේෂ්ඨ හා ඥානවන්ත” යන පාලි පදවලින් උපුටා ගන්නා ලද්දකි.
මෙම ගෞරව නාමය පිරිනමනු ලබන්නේ ධර්මය ඉගැන්වීම පිළිබඳ ඉහළ දැනුමක් ඇති බෞද්ධ භික්ෂූන් වහන්සේලාටය. වාර්ෂික උත්සවයක් ලෙස මියන්මාරයේ ජනාධිපතිවරයා විසින් මෙම ගෞරව නාමය පිරිනමනු ලබන්නේ, මියන්මාරයේ සංඝයා වහන්සේලා අධීක්ෂණය හා නියාමනය කිරීම සඳහා රජය විසින් පත් කරන ලද ඉහළ පෙළේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සංගමය වන මහා නාහිමිවරුන්ගේ කමිටුව විසින් යම් භික්ෂුවකගේ ප්‍රඥාව සහ ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව ගැඹුරින් විමසා බැලීමෙන් අනතුරුවය.
ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා ගණනාවක් වෙත අතීතයේ දී මියන්මාර රජය විසින් අග්ග මහා පණ්ඩිත ගෞරව නාමය පිරිනමා ඇති අතර, අවසන් වරට මෙම ගෞරව නාමය 2020 වසරේ දී මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ වෙත පිරිනමන ලදී.
අග්ග මහා සද්ධම්ම ජෝතික ධජ සහ මහා සද්ධම්ම ජෝතික ධජ යන ගෞරව නාමයන් ද බොහෝ දුරට අධ්‍යාපනය සඳහා විශිෂ්ට සේවයක් කළ හා ධර්මයෙහි විශිෂ්ටයන් වූ භික්ෂූන් වහන්සේලා අගය කිරීම සඳහා මියන්මාර රජය විසින් පිරිනමනු ලබන ගෞරව නාමයන් වේ. සමහර අවස්ථාවල දී ධර්මය වෙනුවෙන් ඔවුන් කළ සේවය අගය කිරීම සඳහා ගිහි පුද්ගලයින් කිහිප දෙනෙකු වෙත ද මහා සද්ධම්ම ජෝතික ධජ යන ගෞරව නාමය ප්‍රදානය කර ඇත.
පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැව
කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා
රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’ නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ
මුදල් විසුද්ධීකරණය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට සහය ලබා දී,නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවුරා ල
මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද 08 වනදා පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට ව තිබිණ.
මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහයතිවර සිව්නමකට අග්ගමහා පණ්ඩිත පදවි
රසික Tuesday, 12 January 2021 12:37 PM
අග්ග මහා පණ්ඩිත යනු බුරුම රජයෙන් පිරිනැමෙන ඉහළම සම්මානය වශයෙන් හැඳින්වීම දොස් සහිත බව මගේ වැටහීමයි. අග්ග මහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමි වෙත අභිදජ මහා රට්ඨගුරු යන ගරු නාමය බුරුම රජයෙන් පිරිනැමුණු බව මට හොඳින් මතකයි.