IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


මහර කැරැල්ලේදී මියගිය රැඳවියන් 9කට කොරෝනා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහර බන්ධනාගාරය තුළ ඇතිවූ කැරැල්ලේ දී මියගිය රැඳවියන් 9දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට  පී. සී. ආර්. පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි රාගම රෝහලේ අධ්‍යක්ෂක  වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසීය.

තවත් රැදවියන් දෙදෙනකුගේ  පී සී ආර් පරීක්ෂණ අද(02) දින සිදු සිදුකිරීමට නියමිතව ඇතැයි අධ්‍යක්ෂවරයා කීය. .

මේ වනවිට රාගම   රෝහලේ  මළ සිරුරු තැන්පත් කර ඇති අතර ඔවුන්ගේ හඳුනාගැනීමේ ලේඛන ද පිලිස්සීමෙන් විනාශ වී ඇති බවද මේ හේතුවෙන් ඔවුන් කවුදැයි නිශ්චිතව හඳුනා ගැනීම දැඩි අපහසුතාවයක් වී ඇතැයි  අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (22)

මහර කැරැල්ලේදී මියගිය රැඳවියන් 9කට කොරෝනා

අශෝක Wednesday, 02 December 2020 04:12 AM

අසරණ ජීවිත, තමන් කොරෝනා උවදුරෙන් බේරගන්න කියල කෑ මොර දුන්න අහිංසක මිනිස්සු, කවුරු කලත් මේවා අහස පොලොව නුහුලන අපරාධ.

:       6       61

ලුම්බිණි Wednesday, 02 December 2020 04:53 AM

අපරාදේ නැති වූ ජීවිත. මේකෙදී නඩු දාන්න යන්නේ වෙඩි තියපු මිනිසුන්ටද වෙඩි කාපු මිනිසුන්ටද?

:       4       36

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 02 December 2020 04:59 AM

රටක පිළිගත් අධිකරණ සම්ප්‍රදාය අනුව විනිසුරුවරයෙකුගේ තීන්දුවලින් තොරව සිරකරුවන් මෙසේ සිරගෙය තුලදී රෝගීවූ අවස්ථාවක මෙසේ වෙඩි පහරින් මියයාම සිදුවේ නම්, එම රටේ ඇති මානුෂීය මට්ටම කුමක්දැයි හදවතට තට්ටු කොට සිහිණුවනින් කල්පනා කොට බැලීම වටී... එහෙත්, හිත් පිත් නැති ඇතැම් දේශපාලන වහළුන් අපහට දොස් නැඟූ අයුරු දුටිමි. එය එසේ වුවත්, කෝවිඩ් වැළඳී ප්‍රතිකාර නොලබා සිටි මේ අසරණ සිරකරුවන් හට කලට වෙලාවට ප්‍රතිකාර නොකොට සීමිත ඉඩකඩක ඔවුන් සිරකොට තබා මෙසේ අමානුෂික අයුරින් ඔවුන්ගේ දිවි තොර කිරීම අපහට කිසිසේත්ම සංවේදී මිනිසුන් ලෙස සර්ව සාධාරණය කළ නොහැකිය. මේ ගැන රජය කුමක් කරන්නේදැයි රට හා ලෝකය බලාසිටිනා බව වගකිවයුතු අංශ සිහිතබා ගැනීම වැදගත්ය. රජය තමන්හට කහිනා නිවට කැණහිලුන් ගැන නොසිතා සැබෑ ජනතා සේවය කිරීමට වගබලාගත යුතුයි.

:       3       52

නන්දසිරි Wednesday, 02 December 2020 05:55 AM

කර්මය කියලා කියන්නේ මෙන්න මේකට. කර්මය ගැන ඉගෙන ගන්න හැමෝටම අවස්ථාවක්. මැරෙන වේලාව ආවාම ඇමරිකාවෙ හිටියත් මැරෙනවා. ආණ්ඩුවට දොස් කියලා වැඩක් නෑ. කර්මට අප සැමටම පොදුයි...

:       33       3

KumaraWednesday, 02 December 2020 04:51 PM

ඕනෑම මිනීමරුවෙකුට කියන්න පුළුවන් "මම මැරුවේ නැතත් එයාගේ කරුමේ හැටියට එයා මැරෙන්න හිටියේ, මම කරේ කරුමේ පලදෙන්න උදව් කරන එක කියලා විතරයි. ඒ නිසා මාව හිරේ දාන්න එපා" කියලා...

:       0       0

යසන්ත Wednesday, 02 December 2020 05:56 AM

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වා මතකයි පී.සී.ආර්. නොකරන අය ද්‍රෝහීන් කියලා, මේ රැඳවියෝ පී.සී.ආර්. කරන්න කියලා ඉල්ලුවම වෙඩි තිබ්බා. දැන් එතුමා තමන්ගේ හදවතට තට්ටු කරලා බලන්න...

:       2       40

Kamal KoyralaWednesday, 02 December 2020 07:43 AM

එක රටක්.... එක නීතියක්... බයිසන්ලා 69ට නැතිව..

:       2       21

Nadeera Wednesday, 02 December 2020 06:11 AM

තවත් සමූල ඝාතනයක් කොරෝනා පිටින් අලුවෙලා යයි වගේ...

:       3       39

සඳුන් Wednesday, 02 December 2020 06:12 AM

කොවිඩ් 19 අසාධිතව සිටියදී හදිසියේ වැදුණු උණ්ඩයක් හේතුකොට ගෙන ඇතිවූ මරණ ලෙස වාර්තා විය.

:       3       27

Rohana Wednesday, 02 December 2020 06:27 AM

සිරකරුවන්ට මානුෂීයව සැලකීමට පුරුදුවෙමු. වෙඩි තැබීම්, අඩන්තේට්ටම් කිරීම් හෙලා දකිමු.

:       0       22

prasanna Wednesday, 02 December 2020 06:50 AM

පෝයට සිල්ගන්න ගිහිල්ලා හිරේ ගිහින් වගේ මෙකෛ දාලා තියෙන සමහර කමෙන්ට් දැක්කාම හිතෙනවා. හිර කාරයෙක් වුණත් හැසිරෙන විදිහක් තියෙනවා. පමණ ඉක්මවා ගියාම වෙඩි තියන්නේ නැතුව ඉන්නේ කොහොමද? ඒ අය එළියට පැන්නොත් අහිංසක මිනිස්සු කීයක් මැරෙන්න බැරිද? සමහරු පහුගිය දවස්වල මරණ දඬුවම ගේන්න කියලත් මේ විදිහටම තර්ක කළා. අපි විතරයි ඒකට විරුද්ධ වුණෙත්.. මොනවද මේ පිස්සු කතා. ජේලර්වරුන්ට අදාළ බලය තමයි පාවිච්චි කරලා තියෙන්නේ.. ඒ මිනිස්සු කරන්නේත් රාජකාරියක් බව මේ මිනිස්සුන්ට පේන්නේ නැහැ.

:       28       4

banda.meWednesday, 02 December 2020 08:31 AM

ප්‍රසන්න මහත්තයෝ..., කෝච්චියේ හොරෙන් ගිහින් දඩ ගෙවාගන්න බැරි අයත් මෙතන ඉන්නවා. පොල්ගෙඩි 02 හොරකම් කරපු අයත් මෙතන ඉන්නවා.. නමුත් මැරුම් කන්න තරම් වරදවල් නොවේ. මේ මරලා තියෙන්නේ කොරෝනා රෝගීන්...

:       0       26

Puppa Wednesday, 02 December 2020 10:30 AM

කොල්ලෝ මොළය මාරුවෙලාද කියලා බලන්න මගේ පුතේ... ?

:       0       5

Nihal Wednesday, 02 December 2020 01:17 PM

අපි කියන්නේ ඔබතුමා මේ ආණ්‌ඩුවේ කවුද? කතාව නම් ජනාධිපති හරි අගමැති වගේනේ. කවුද කියමු බලන්න. නැත්නම් ආණ්ඩුවේ මාධ්‍ය ඒකකයක කෙනෙක්ද?

:       0       3

de silva Wednesday, 02 December 2020 06:52 AM

නිහඬව සිටියා නම් කොරෝනාවෙන් මරුට.., පරීක්ෂණ කරන ලෙස උද්ඝෝෂණය කළොත් වෙඩි උණ්ඩෙන් මරුට. සර් පාස්... සිරකරුවෝ ෆේල්...

:       1       25

Aho Lanka Wednesday, 02 December 2020 07:43 AM

දී කිරට බළලුත් සාක්කිලු...

:       1       12

Nisha Wednesday, 02 December 2020 08:04 AM

ආණ්ඩුවට කත්අදින තිරිසන්නු දෙන්නෙක්, තුන්දෙනෙක් මේකෙ ඉන්නවද? මේ මිනිස්සු හිරකාරයින් වුණාට කොරෝනා රෝගීන් බව මතක තබාගත යුතුයි. ආණ්ඩුවේ ම්ලේච්ඡත්වය ආණ්ඩුව වෙනුවෙන් මේකේ පෙනී ඉන්න අයගේ අදහස්වලින්ම පේනවා. කවුරු මොන විදිහට කිව්වත් නීතිය කොහොම තිබ්බත් අසරණ රෝගීන්ව මෙහෙම වෙඩි තියලා මරන්න එපා.

:       1       18

nisar Wednesday, 02 December 2020 08:21 AM

ඒ අයගේ මෘත ශරීර ගිනි තියලා පිච්චුවා නම් අායේ නෑ මරණ පරීක්‍ෂණ, සාක්‍ෂි කිසිවක් අනගතයට නෑ. දැන්වත් ගිණි තැබීමට එරෙහි වෙමු..

:       5       10

banda Wednesday, 02 December 2020 08:32 AM

PCR කරන්න කියලා ඉල්ලපු කොරෝනා රෝගීන් මරපු එකම රට ලෙස ලංකාව ඉතිහාසගත වේවි...

:       1       14

banda Wednesday, 02 December 2020 08:35 AM

අටලුගම මිනිස්සුන්ට බලෙන් PCR කරන්න හදනවා. නැතිනම් නීතිය ක්‍රියාත්මක කරන්න හදනවා. PCR ඉල්ලපු හිරකාරයෝ මැරෙනවා. මේකද එකම රටක්.., එකම නීතියක්.. කියන්නේ?

:       0       15

Puppa Wednesday, 02 December 2020 10:26 AM

මේක පොළව නුහුලන අපරාධයක්.. මේ වෙඩි කා මැරුණු තරුණ ජීවිත දිහා බැලුවාම. දෙයියනේ මේ අපි වගේ මිනිසුන් නේද? පපුව කකියනවා. ඔවුන්ගේ අතේ ආයුධත් නැහැ pcr පරීක්ෂණ කරන්න කියලා මේ අය ඉල්ලා තියෙන්නේ. දෙවියනේ මේ අපරාධය කළ අයට දඬුවම් ලබා දෙන්න.

:       0       6

saman Wednesday, 02 December 2020 12:35 PM

අපරාදේ වෙඩි තිබ්බේ. එහෙම නොවුණා නම් හිරකාරයෝ දොර කඩාගෙන ගිහින් කෙලින්ම රාගම හොස්පිටල් එකට ඇඩ්මිට් වෙන්න තමයි ඉඳලා තියෙන්නේ... පව් අහිංසකයින්.

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 226 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 825 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 562 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 231 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 850 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 199 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1014 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site