(පද්මසිරි ගාර්දියවසම් )
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දෙසට දිවෙන මංතීරුවේ අගුණකොළපැලැස්ස පොලිස් බල ප්‍රදේශයෙ 178.5 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (12) මාර්ගය හරහා පැමිණි මී ගව රංචුවක් මෝටර් රියක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇතැයි පොලිසිය පැවසීය .
වාහන වල ගැටුණු මීගවයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර මෝටර් රියේ ගමන් කළ දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පැවසීය .
මීගවයින් ගැටුණු මෝටර් රථයටද දැඩි අලාභහානි සිදුවී තිබේ . මීගවයින් මාර්ගයේ ගමන් ගත් බස් ර ථයක සහ ලොරි රථයක ගැටීමෙන් එම වාහන වලටද අලාභහානි සිදුවී තිබේ. මේ හේතුවෙන් පැයක පමණ කාලයක් මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණහිට තිබු බවද පොලීසිය කියයි.
මීගවයින් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත දැල් වැට කඩාගෙන මාර්ගයට පිවිසී ඇතැයි පොලිසිය කීවේය. ගව හිමිකරු අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසියට කැදවා තිබේ
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මීහරක් රංචුවක් දක්ෂිණ අධිවේගය කොටසක් පැයකට වහයි
janahitha Sunday, 12 January 2025 11:32 AM
දකුණේ පොහොට්ටු, ගෑස් සිලින්ඩර කට්ටිය ඔහොම තමයි. වරින්වර පාරට එනවා. ඔන්න ඕකයි තත්වේ.
karolisSunday, 12 January 2025 04:58 PM
ජනහිත මාලිමාවේ කට්ටිය තාම හානවා... ඒකයි පේන්න නැත්තේ එතැන...
ගමේ එකාලා Sunday, 12 January 2025 04:32 PM
මී හරක් ටික මැදමූලනේ ගාල් කෙරුවා නම් වැඩේ ගොඩ...
Nandalal de Silva - France Sunday, 12 January 2025 11:33 PM
මැදමුලන මී හරක් රංචුවම දැන් ඒ පැත්තෙ හොඳට හානවා, කුඹුරු මඩ කරනවා මාරෙට !!! ඒ උනත් පට්ටියෙන් පැන්න නාම්බෙක් දියවන්නා ඔය පැත්තේ මහ ගෙදරට කඩා පැනලා තප්පු ලනවා, පිස්සු නටනවා... මගේ සීයා කියන්නේ ලගදීම ඒකව රට උළු ගෙදරට දක්ක ගෙන ගියහම ඒ වසංගතයත් අවසාන වෙයි කියලයි....
Nandalal de Silva - France Sunday, 12 January 2025 05:29 PM
ඒකෙන්ම පේනවා කකුල් හතරේ මී හරකුන්ට කඩාගෙන යාමට පුළුවන් තරමේ ශක්තිමත් "මී හරක් වැටවල්" බැදීමට තරම් දක්ෂ "කකුල් දෙකේ මී හරක්", සතර පිරින් පිරි සිරි ලංකාවේ තවමත් සිටින බව !!! ජයවේවා !!!
මැක්ස් Sunday, 12 January 2025 05:44 PM
ඕක මොකක්ද දැන් මාස 3-කට විතර කලින් පාලනය බාර ගත්තු මී හරක් රංචුව නිසා රටම ආපස්සට යන්නේ ඩොලර් එක ඉහළ යනවාටත් වැඩිය වේගෙන්...!
ලසා Sunday, 12 January 2025 08:29 PM
ඔය මාර්ග අධිකාරියට විරුද්ධව නඩු දමා අලාභය අයකර ගත යුතුයි.