IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මහරගම නගරසභාව උණුසුම් වෙයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ඉදිරිපත් කර තිබූ රුපියල් ලක්ෂ දහ නවයක සංවර්ධන යෝජනාවක් , රතු පෑනින් කපා කොටා , මකා දමා, රුපියල් ලක්ෂ දහ තුනක ට අඩු කොට , ගෙවීම , විනිවිදභාවයෙන් තොර ව සිදුවූවක් බව පවසමින් , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ,මහරගම නගරාධිපතිවරයාට එල්ල කළ චෝදනාවක් හේතුවෙන් , උණුසුම් වූ මාසික මහා සභා රැස්වීම , පැය භාගයක් ඇතුලත අවසන් කිරීමට , මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් මහතා (24) පියවර ගත්තේය .

මෙම විරෝධතාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසි පස් දෙනාගෙන් විසි එක් කෙනකු,ස්වාධීන මන්ත්‍රීවරයකු,සහභාගි වූ අතර ,සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් , නමදෙනා ,එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී වරයා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පස් දෙනා විරෝධතාවට සහභාගි නොවීම විශේෂ කරුණක් ලෙස දක්නට ලැබුණි .

මෙම විරෝධතාවට හේතුවූයේ මහරගම පමුණුව ප්‍රදේශයේ පෙරමුසු අංගනයක්  ඉදිකිරීමට පසුගිය මහා සභාවේ දී , රුපියල් ලක්ෂ 19ක යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර , ඊට ,පාලක පක්ෂයෙන් එල්ල වූ විරෝධතාව හේතුවෙන් , ඉන් රුපියල් ලක්ෂ 6ක මුදලක් අඩුකොට , රුපියල් ලක්ෂ 13 ක් ගෙවා තිබීම බව පැවසේ.

එසේම ඉදිරිපත් කර තිබූ එම යෝජනා රතු පෑනෙන් කපා කොටා මකා දමා ඉදිරිපත් කිරීම විනිවිද භාවයෙන් තොරව සිදු වූවක් බැවින් මේ තුල මූල්‍ය වංචාවක් සිදුව ඇති බව පවසමින් මන්ත්‍රීවරු මෙසේ විරෝධතාවය නියැලුණහ .

 



අදහස් (13)

මහරගම නගරසභාව උණුසුම් වෙයි

gamunu Saturday, 25 September 2021 04:59 AM

ශ්‍රී ලංකාවේ වර්තමාන දූෂිත දේශපාලන ක්‍රම වෙනස් කිරීමට ජනතාව පෙළ ගැසෙමින් සිටියි. ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්ව පාර්ලිමේන්තුව තුළදී සිදුකරනලද මත්පැන් පානය, ගුටිබැට හුවමාරු, කතානායකවරයාගේ අසුන පෙරලා, සෙංකොලය පැහැරගෙන යාම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක් තුළ සිදු නොවිය යුතු බොහෝ සිදුවීම් පිළිබඳව ජනතාව සිටිනුයේ දැඩි කලකිරීමකින් වේ. ඉදිරි මැතිවරණයේදී අවංක, දූෂිත නොවන කණ්ඩායමකගේ නාමලේඛනයක් ජනතාවට ඉදිරිපත් කරන ලෙස ජනතාව නුදුරේදීම ඉල්ලා සිටිනු ඇත. මේ වනවිට තරුණයින් ඉල්ලා සිටිනුයේ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් කඩකළ කිසිවකුට ඔවුන්ගේ ඡන්දය ලබා නොදෙන බවකි. ඉදිරියේදී ශ්‍රී ලංකා දේශපාලනයේ සිදුවීමට නියමිත ප්‍රබල දේශපාලන සුනාමිය පිළිබඳව මේ වනවිට බොහෝ දෙනෙකු අවධානය යොමු කර තිබේ. මෙම සිදුවීමට නියමිත දේශපාලන සුනාමිය දූෂිතයන් ඉවත් කොට ශ්‍රී ලංකාව නිවැරදි මාර්ගයට යොමු කරනු ඇත...

:       0       18

Siripala Saturday, 25 September 2021 07:58 PM

ශ්‍රී ලාංකිකයන් වශයෙන් පක්ෂ පාට දේශපාලනයෙන් තොර අවංක දුෂිත නොවන නාමලේඛනයක් ජනතාවට ඉදිරිපත් කරන්න. අපටත් ඒ පිලිබදව අදහස් දැක්වීමට අවස්ථාව ලබා දෙන්න. එවිට සුදුස්සන් තෝරා ගත හැකිවනු ඇත. ඉදිරි මැතිවරණයට පෙර ජනතවට සිතන්න සහ වෙනස් වීමට අවස්ථාවක් ලබාදෙන්න.

:       0       4

sisira Saturday, 25 September 2021 05:45 AM

ශ්‍රී ලංකාවේ වෛරී දූෂිත දේශපාලනයට තිත තැබීමට නම් ජනතාව කළයුතු වන්නේ කුමක්ද?

:       0       7

සේනක~ඉතාලියSaturday, 25 September 2021 02:18 PM

බත් පැකට් එකටයි, අරක්කු බෝතලයටයි ඡන්දය දුන්නා නම් හරියනවා...

:       0       11

janahithaSunday, 26 September 2021 09:16 AM

මෙවර චන්දය දුන්නේ බත් පැකට් එකට නොවේ ,ආගමික අන්තවාදයට එරෙහිව පැවතුනු ආණ්ඩුව කටයුතු නොකිරීම බ=නිසාත් යහපාලනයට ඇවිත් මහ බැංකුව කපු නිසාත් ,නමුත් ඉඟුරු දීලා මිරිස් ගන්න අපේ ජාතිය ඉතිහාසගත වුනු ජනතාවක් .මෙවරත් අපිට වැරදී ඇත

:       0       1

ඒකනාය​කෙ Saturday, 25 September 2021 12:20 PM

මෙතන මා දැක්ක ලොකුම ප්‍රශ්නය තමා මහරගම නගර සභාවේ මන්ත්‍රීවරු 41 දෙනෙ​කු සිටීම. මෙතන අවශ්‍ය සංඛ්‍යාව මෙන් දෙගු​ණකටත් වඩා මන්ත්‍රීවරු ඉන්නවා. අද ලංකාවේ හැම පළාත් පාලන ආයතනයකම තත්වය මෙහෙමයි. මේ අයට ගෙවන්න මොනතරම් මහජන මුදලක් නාස්ති වෙනවාද? පසු ගිය පළාත් පාලන මැතිවරණයට පෙර මේ වගේ තත්වයක් තිබුනේ නැහැ. මේ තත්වය ඇති කළේ එවකට හිටපු පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා විසිනුයි. මහජන මුදල් කාබාසිනියා කරන මේ නීති වෙනස් විය යුතුයි.​

:       1       55

ChannaSaturday, 25 September 2021 01:42 PM

ඇත්තටම මේක අපේ සමාජයට ගැලපෙන්නේ නැහැ. මේ වැඩ ටික ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මීට වඩා හොඳට කරන්න පුළුවනි.

:       1       52

දර්ශණSaturday, 25 September 2021 02:58 PM

ඔබේ අදහසට මාත් එකඟයි...

:       0       9

අප්පුහාමිSunday, 26 September 2021 06:56 AM

මහ නගර සභාවක ලේකම් තනතුරේ වසර කීපයක් කටයුතු කර ඇති මමත් චන්න මහතාගේ අදහසට සියයට දාහකින් එකඟයි...

:       0       2

Sir sabava Saturday, 25 September 2021 03:03 PM

රතු පෑනෙන් කපා කොටා දැමිය නොහැක... 6" වත් මන්න පිහියක් භාවිතා කරන්න.. ලංකාවේ පවතින අකාර්යක්ෂම සහ විනයක් නැති නූගත් නගර සභාවක් සර්...

:       0       10

sir Saturday, 25 September 2021 03:06 PM

මා සිත ළඟම නැවතිලා කියලා ලියපු බෝඩ් ලෑල්ල අල්ලන්න සර්... ඔක්කොම හරි..

:       0       7

sampath Saturday, 25 September 2021 08:38 PM

ඔය නගර සභා ප්‍රාදේශීය සභා පළාත් සභා වලින් මුල්‍ය බලතල ඉවත් කරලා ව්‍යාපෘති අධීක්ෂණය ප්‍රමුඛතාවය ලබා දීම වගේ නිර්දේශ විතරක් කරන්න ඉඩ දෙන්න ඕන

:       0       5

palitha Saturday, 25 September 2021 11:54 PM

ඔය කියන විදියට මහරගමට පොහොට්ටු මන්ත්‍රීවරු නැහැ .බයිසිකලයෙන් ඉල්ලපු ස්වාධීන කණ්ඩායමක් දින්නේ .හිටපු නගරාධිපති පොහොට්ටු අපේක්ෂකයින්ගේ නාම යෝජනා කැන්සල් උනා .දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ හිටපු නගරාධිපතිට ඒ තැනට එන්න .මෙතන කව්රු හරි වැරදි වුනත් හිටපු නගරාධිපති නම් නගරාධිපතිකමට ගෙන්න එපා

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1458 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1299 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2044 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2374 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 564 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1134 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35889 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site