IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මහල් නිවාස 8000 කට සින්නක්කර ඔප්පු

(අංජුල මහික වීරරත්න)

කොළඹ මහල් නිවාස හිමියන්ට හිමිකම් ඔප්පු ලබා දීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ලබන මාසයේ දී නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල් නිවාස 8000කට සින්නක්කර ඔප්පු ලබා දීමට කටයුතු යොදා ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මීට අමතරව ජාතික නිවාස සංවර්ධන අධිකාරියද ඔප්පු 1070ක් ලබා දීමට සැලසුම් කර තිබේ.

කොළඹ මහල් නිවාස හිමියන් 50000කට නිවාස හිමිකම් ඔප්පු ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය අයවැයේදී ප්‍රකාශ කළ අතර මෙම හිමිකම් ඔප්පු ලබා දීම සිදු කෙරෙන්නේ ඒ අනුවයි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් සින්න පදනමින් ලබා දී ඇති සහාධිපත්‍ය නිවාස ඒකක 22ක 14559ක් අඩු ආදායම්ලාභී ජනතාව වෙත ලබා දී තිබෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව ප්‍රථම අදියර යටතේ හිමිකම් ඔප්පු ලබාදීම මිහිඳු සෙන්පුර, සිරිසර උයන, මෙත්සර උයන, ලක්මුතු සෙවණ, සිරිමුතු උයන යන ව්‍යාපෘති කේන්ද්‍ර කර ගනිමින් සිදුකෙරේ.

ඊට අමතරව ලක්සඳ සෙවණ, රන්දිය උයන, ලක්මුතු උයන, මුවදොර උයන, සියසත සෙවණ, පුරදොර සෙවන, ජයමග සෙවන, මිහිජය සෙවන, හෙළමුතු සෙවන, සියපත සෙවන, ලක්සෙත සෙවන යන ලක්හිරු සෙවන යන නිවාස ව්‍යාපෘති වල හිමිකම් ඔප්පු මේ වසර අවසන් වීමට පෙර ලබා දීමට කටයුතු සැලසුම් කර තිබේ.

 

 



අදහස් (5)

මහල් නිවාස 8000 කට සින්නක්කර ඔප්පු

kasun Monday, 24 June 2024 01:59 PM

කප්පම්කාරයා...!

:       1       10

NAMAL Monday, 24 June 2024 01:59 PM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !!

:       2       10

nimal Monday, 24 June 2024 02:43 PM

අනේ ගන්න මේක අමාරුවෙන් හම්බ කරපු සල්ලි වලින් හදපුවානේ

:       1       5

බද්රානි Monday, 24 June 2024 03:04 PM

කප්පන් ගන්න විතරක් නෙමේ, ඡන්ද ලබා ගන්න කප්පන් දෙන්නත් මෙවුන් හපන්නු...රටේ නීතිය අනුව අයිතීන් දෙනවා වෙනුවට, මුන් කියන්නේ හරියට, මෙවුන්ගේ අම්ම අප්පාගේ බුදලය පිනට බෙදනවා වගේනේ...

:       1       5

පිටිගල මිලානෝ Monday, 24 June 2024 04:05 PM

මේ ඔප්පු සතුටින් බාර ගන්න. මේවා ඔබට උරුම දේවල්. ඒත් මේ කපටියෝ මේවා කරන්නේ කපටි චේතනාවෙන් ඔබව මෝඩයාට අන්දවලා ඡන්දය හොරකම් කරන්න. මේවාට අහුවෙන්න එපා. බුද්ධිමතෙක් ලෙස තටයුතු කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 211 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1805 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 219 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 831 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 987 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1209 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37575 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24765 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site