(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
මහවැලි සංවර්ධන අධිකාරියේ සංචාරක බංගලා විසි හත 2021 වර්ෂයේදී රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම පාඩුව සිදුවී ඇතැයි පැවසෙන්නේ එම සංචාරක බංගලා ආදායම ඉක්මවා වියදම් දරා තිබීම හේතුවෙනි.
සංචාරක බංගලාවල ආදායම අඩු වෙමින් පැවතියදීත් 2021 වර්ෂයේ සිට මේ දක්වා ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් කාර්යාලය යටතේ පවත්වාගෙන යන සංචාරක බංගලා පහ අන්තර්ජාලයෙන් වෙන් කිරීම හා බාහිර පුද්ගලයන්ට නිකුත් කිරීම නවතා දමා තිබූ බව නිරීක්ෂණය වී යැයිද විගණන වාර්තාවේ දැක්වේ.
එසේම සේවා අවශ්‍යතාවය වෙනුවෙන් සංචාරකයන්ට බැහැර කිරීමද තාවකාලිකව අත්හිටුවා ඇති බව විගණනයේදි තොරතුරු හෙළිවී ඇත.
මේ අතර අධිකාරියේ පැළ තවාන් එකොළහකින් පැළ තවාන් අටක්ම පාඩු ලබා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. එම පැළ තවාන් වලින් 2021 වර්ෂයේදී ලැබූ පාඩුව රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයකට වැඩිය.
ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලි
ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100
කලාපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කරන ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට ඉරානය කැමැත්ත පළ කරන බවත්, ඉරානයේ සහාය එම සාම වැඩපිළිවෙළට හිමිවන බවත් ඉරාන ජනාධිපති මොහ
පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.
රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ආන්දෝලනයට තුඩු තුන් 2024 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය යළි නොපැවැත්වීමට තීරණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මහවැලි බංගලා 27 න් කෝටි 4 ක පාඩුවක්
Vimukthi Tuesday, 15 August 2023 02:37 PM
ඔය හදන්නෙ ඔය බංගලා ටික කුණුකොල්ලයට ආණ්ඩුවේ හෙංචයියන්ට දෙන්න. ඕවා බංකොලොත් වුණා නම් වුනේ 226යි, ඔවුන්ගේ බත් බැලයෝයි නිකන් බුකින් දාලා නැතුව සාමාන්‍ය මිනිස්සු ගිහින් නෙවෙයි...
Hasith Tuesday, 15 August 2023 03:31 PM
මේ ඔක්කොම පාඩු .නාස්ති කාර වියදම ගෙවාගෙන මේ රටේ මේ විදියට හරි තාමත් ජීවත් වෙලා ඉන්න එකනම් පුදුමයක්
ravin Tuesday, 15 August 2023 03:40 PM
මෙම වකවානුව තුල කොවිඩ් 19 තදින්ම පැතිරුණු අවදියත් ඇතුලත්ද ?සංචරණ සීමා ?