(රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය පොලිසියට යාබදව පිහිටි සතිපොලට අවුරුදු 75 පමණ වයසැති මහළු මවක් ගෙනත් දමා අතරමං කර ඇතැයි නුවරඑළිය පොලිසිය කියයි.
එම මවගේ භාරකරුවන් පිලිබදව කිසිවක් නොකියන එම මව නුවරඑලිය මාගස්තොට ප්‍රදේශයේ සිටි බවත්, තවත් විටක නුවරඑලිය ලබුකැලේ පදිංචිව සිටි බවට පොලිසිය වෙත පවසයි.
නුවරඑලිය සතිපොල භුමියේ භාරකරුවෙක් නොමැති මහළු මවක් සිටින බවට ප්‍රදේශවාසින් විසින් පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් මක නුවරඑලිය පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇත.
සිය අනන්‍යතාවය තහවුරු නොකරන එම මව පිලිබදව නුවරඑලිය පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇත.
මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසාවිනිසුරු දිනිදු සමරසිංහ මහතා අද නියෝග ක
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්
නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහළු මව සතිපොළට ගෙනත් දමලා
අබිලින් Wednesday, 01 September 2021 12:12 PM
මේ අම්මා ගෙනාපු අයගේ දෙමාපියන්ට අකීකරු දරුවෙක් ඉන්නවා වෙන්න පුලුවන් ඒනිසා උන් දන්නවා කවදා හෝ එහෙම වෙන්න ඉඩ තියෙනබව මේ අම්මගෙන් එම ස්තාතානය ඒ අයට සුදුසුද බලනවා වෙන්න පුලුවන්.
Prase Wednesday, 01 September 2021 12:30 PM
මෙහෙම පාරට වැටෙන්නේ තමන්ට අයිති දේපල දරුවන්ට ලියපු දෙමව්පියන්.
SUNIL MILANO Wednesday, 01 September 2021 01:01 PM
මෙන්න මේ අපරාධවලටත්.. කාලකණ්ණි දරුවන්ට අඩුම ගානේ අවුරුදු 10ක් වත් සිර දඬුවම් දෙන නීති වහාම සම්පාදනය කළ යුතුයි. පව් අහිංසක දෙමව්පියන්.. ජීවිත කාලෙම කඹුරලා දරුවන් පොෂණය කරලා ... අවසන් කාලයේවත් සතුටින් අවසන් ගමන යන්න නොදෙන අය...
ඇම්ඩන්Wednesday, 01 September 2021 05:07 PM
මේ අම්මා ගැන වැඩිහිටි ලේකම් කාර්යාලයේ අයත් වැඩිහිටි සමිතිවල අයත් ලබන මාසේ පළමුවැනි දිනට යෙදෙන වැඩිහිටි දිනදී උත්සවයක් එහෙම තියලා සලකා බලාවි. අපේ ගමේ වැඩිහිටි සමිතිය මෙතෙක් නම් වැඩිහිටි අයගෙන් කිසිදා තොරතුරක්වත් ලබාගෙන නැහැ. අපූරු සමිති නේද?
Nihal Wednesday, 01 September 2021 04:42 PM
අනිත් අයට හොද පාඩම් .පුලුවන් කාලේ හම්බකරලා ටිකක් තියාගන්න. කිසිම කෙනෙක් විශ්වාස නැ
Rasika Wednesday, 01 September 2021 05:13 PM
නුවරඑළිය සුන්දරත්වය හා සදාචාරය විනාශ කළ හිටපු පුරපති දොඩම්පේ පවුල කෝටිපතියන් වෙලා ජනතාවට ආණ්ඩුවෙන් ලැබෙන බලපත්‍ර ඉඩම් බලෙන් අල්ලාගෙන කරපු අපරාධ අද ජනතාව මහමග...