(අංජුල මහික වීරරත්න)
අධික වර්ෂාව සමඟ ඉදිරියේදී මාතර දිස්ත්‍රික්කයේ ඇති විය හැකි ගංවතුර තත්ත්වය අවම කර ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශවල නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ජනාධිපති ලේකම්වරයා මෙම උපදෙස් ලබා දුන්නේ අදාල ගැටලුව හා සම්බන්ධ සියලුම අමාත්‍යාංශ හා ආයතනවල නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදීය.
නිල්වලා ලවණ බාධක ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මීට පෙර පැවති සාකච්ඡාවේ ප්‍රගතිය විමසා බැලීම මෙහිදී සිදු කෙරිණි.
එම සාකච්ඡාවේ දී නිල්වලා ලවණ බාධකය හේතුවෙන් මාතර ප්‍රදේශයට බලපාන ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා දිගුකාලීන සහ කෙටිකාලීනව ගත හැකි ක්‍රියාමාර්ග රැසක් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා පියවර ගැනීමට සියලුම පාර්ශ්ව එකඟ විය.
ඒ අනුව දීර්ඝකාලීන විසැඳුම් සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තා කරන ලෙසට පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා අනුබද්ධිත ඉංජිනේරු සැලසුම් මධ්‍යස්ථානය වෙත පවරා ඇති බව නිලධාරීහු දැනුම් දුන්හ. ලවණ බාධකය ඉදිකිරීමෙන් අනතුරුව ප්‍රදේශයේ පැන නැඟී ඇති තත්වයන් සැලකිල්ලට ගෙන විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බවටද කරුණු ඉදිරිපත් විය.
කෙටි කාලීන විසැඳුම් ලෙස හදිසි ගංවතුර තත්වයක් ඇති වුව හොත් ජලය වේගයෙන් බැස යා හැකි ලෙස ගඟේ අවහිරතා ඉවත් කිරීම, ඇළ වේලි සුද්ද පවිත්‍ර කිරීම, මීට පෙර ජල සම්පාදන මණ්ඩලය විසින් වැලි කොට්ට යොදා ඉදිකරන ලද තාවකාලික ලවණ බාධකය ඉවත්කිරීමට කටයුතු සිදු කර ඇතැයි මෙහිදී තොරතුරු වාර්තා විය.
අප්‍රේල් මාසය වන විට නිල්වලා ගං මෝය ගැඹුරු කිරීමටත්, ගංවතුර තත්ත්වයකදී අමතර ජලය තාවකාලිකව රඳවා ගැනීමට හැකිවන පරිදි ඇළ මාර්ග ගැඹුරු කිරීමටත් පියවර ගෙන ඇති බව ද නිලධාරීහු කීහ. ජලය කඩිනමින් ඉවත් කිරීමට යොදවා ඇති ජල මෝටර්වල ධාරිතාව ඉහළ නැංවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙහිදී යෝජනාවක් ඉදිරිපත් කළේය.
මීට අදාළව ගන්නා සෑම ක්‍රියාමාර්ගයක්ම මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ඉදිරිපත් කරන ලෙසද ජනාධිපති ලේකම්වරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මාතර නිල්වලා ගඟේ ඉදි කර තිබෙන ලවණ බාධකය, ඒ අවට ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය ඉහළ යාමට හේතු වී ඇති බවටද, කරදිය කුඹුරු කරා පැමිණීම හේතුවෙන් වගා හානි වන බවටද ප්‍රදේශවාසීන් මෙන්ම ගොවි ජනතාව වෙතින් කරුණු ඉදිරිපත් වී තිබේ.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ නිල නිවාසලාභීන්ගේ ජලය සහ විදුලි වියදමවූ රුපියල් එක්කෝටි තිස් හත් ලක්ෂයක් එම විශ්ව විද්‍යාල අරමුදලෙන් ව
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රසය (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) අමතද්දී, කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් අප්‍රිකාවට අයත් ලෙසතෝ නමැති කුඩා රාජ්
හැටන් කොටගල නගරයේ පිහිටි හින්දු කෝවිලක පැවති පෙරහරට රැගෙන ආ අලියකු කෑම දීමට ගිය තරුණයකුට අලියා පහර දීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර 5න් 3ක්ම බිදවැටී ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
උදළු තලයෙන් පහරදී තම මිතුරාට මරා දැමී යැයි සිද්ධියක් සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ පොළොන්නරුව පළාත් බ
විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක් ව විද්‍යුත් විකාශන සමුළුවක් (Broadcasting Symposium) ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම තීරණය විය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මාතර ගංවතුර මඩින්න කඩිනම් පියවර