IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


මැතිසබේ හෙදියන්ටත් නිල ඇඳුම

(සුජිත් හේවාජුලිගේ)

නියමිත නිල ඇඳුමින් සැරසී රාජකාරි කරන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ හෙද නිලධාරීන් සහ නිලධාරිනියන්ට නියෝග කර ඇත.

හෙද නිලධාරිනියන් මේ දක්වා රාජකාරි කර ඇතැයි පැවසෙන්නේ සාරි වලින් සැරසීගෙනය.

හෙද නිලධාරීන්ද සාමාන්‍ය ඇඳුමෙන් රාජකාරිය කර ඇති බව පැවසේ.

කතානායකවරයා පසුගියදා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ කටයුතු හදිසියේම නිරීක්ෂණය කළේය. ඔහු මෙසේ උපදෙස්දී ඇත්තේ ඒ අවස්ථාවේදීය.

මේ අතර පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානය කුඩා කාමරයක පවත්වාගෙන යන හෙයින් එය පුළුල් කරන ලෙස කතානායකවරයා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.

ඒ අනුව එම කාර්යාලය පුළුල් කිරීමෙන් කටයුතු ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයේ රාජකාරී සඳහා යොදවනු ලැබ සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයන් පිරිසකි.

 



අදහස් (4)

මැතිසබේ හෙදියන්ටත් නිල ඇඳුම

අදි Friday, 28 March 2025 07:18 AM

හොඳ තීරණයක්. හැම වැඩක්ම ඒ අදාල ක්‍රමවේදය පිලිපදිනවනම් වැදගත් විදියට වෙයි.

:       1       24

Sameera Friday, 28 March 2025 07:22 AM

කන්න බොන්න දිලා බෙහෙතුත් දිලා බලාගන්න හදන්නේ!

:       14       5

බද්රානි Friday, 28 March 2025 02:16 PM

සාරි ඇඳගෙන හෙදකම කරන්න පුළුවන්ද..? මෙච්චර කල් මේ කෝලම් නොදැක්ක සෞඛ්‍ය බලධාරීන්ගේ ඇස් අන්ධ වෙලාද තිබුනේ..? බලාගෙන ගියාම මේක පිස්සන්ගේ රාජධානියක්නේ.. දැන් ඉතින් මේක අල්ලාගෙන අර දොස්තොර මාෆියා කල්ලියේ එවුන් ස්ට්‍රයික් කරයිද දන්නේ නැහැ.

:       2       10

senai Saturday, 29 March 2025 11:21 AM

එක්තරා වරප්‍රසාදයක්. 1990 පටන් 2015 පමණ තෙක් යම් අය විශේෂ වරප්‍රසාදයක් ලෙස මෙහි සේවය කළා. ඇය මැති ඇමැතිවරුන්ට සුවිශේෂී සේවා සැපයීමෙන් තම පැවැත්ම තහවුරු කරගත්තා... බොහෝ විට අපි දකිනවා මැති ඇමැතිවරුන්ට බෙහෙත් වටටෝරු මලු රහසින් ගෙන වාහනයටම දමනවා. හෙදි නිල ඇඳුම නම් අයින් කරේ මනමාල මන්ත්‍රීවරුන්ගේ කේස් එකකට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

රාමසාන් උත්වය අදයි
2025 මාර්තු මස 31 154 0

ඉස්ලාමයේ අනුගාමිකයන් ප්‍රධානතම ආගමික උත්සවය වන රාමසාන් උත්සවය අද (31) දිනයට යෙදී තිබේ.


ටොංගා අසල භූමි කම්පාවක්: සුනාමි අනතුරු
2025 මාර්තු මස 30 3367 0

පැසිෆික් සාගරයේ, ඕස්ට්‍රේලියාවටත් නවසීලන්තයටත් ඔබ්බෙන් පිහිටි ටොංගා දූපත් සමූහය්‍ අසල රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් සටහන් කළ භූමිකම්පාවක් හටගත්තේය


පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් අප්‍රේල් 21ට පෙර කියනවා
2025 මාර්තු මස 30 1291 0

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් අප්‍රේල් 21 වැනිදාට පෙර හෙළිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙයියන්දර දී අද (30)පැවසීය.


නීතීඥ සංගමයේ නව සභාපති රජීව් අමරසූරිය දිවුරුම් දෙයි
2025 මාර්තු මස 30 729 0

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා දිවුරුම් දුන්නේය. ඒ අනුව නීතිඥ රජීව් අමරසූරිය මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 29 වැනි සභාපතිවර


චාමරගේ මෙට්ට සිහිනය බොඳ වේ
2025 මාර්තු මස 30 5240 0

මූල්‍ය වංචා චෝදනාවක් මත වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නිදාගැනී


අනුර - මෝදි අතර ගිවිසුම් රැසක්
2025 මාර්තු මස 30 1084 0

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට අ


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 617 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 730 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1462 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site