(අමදෝරු අමරජීව)
මුතූර් තාහා නගර්හිදී සිය මිත්තණිය හා මිත්තණියගේ වැඩිමහල් සහෝදරිය ඝාතනය කළ බව කියන පහළොස්හැවිරිදි දැරිය ගම්පහ රන්මුතුගල පරිවාස නිවාස භාරයට පත්කරන ලෙස මුතුර් මහේස්ත්‍රාත් නස්ලීම් මොහොමඩ් පවුසාන් මහත්මිය ඊයේ (15) නියෝග කළාය.
මෙලෙස ඝාතනය වුයේ මුතුර් තාහා නගර් පදිංචිකාරිනියන් වන සිරිදරන් රාජේෂ්වරි (68) හා ශක්තිවේල් රාජකුමාරි (74) යන විශ්‍රාමික ගුරුවරිය හා විශ්‍රාමික හෙද නිලධාරිණියයි.
සිය මිත්තණිය තමන්ට ආදරය නැති බවත් හදාගත් වෙනත් දරුවන් දෙදෙනෙකුට ආදරය කරන බවත් , නිතරම තමන් හා තම මව සමඟ අඩ දබර කර ගන්නා බවත්, මව පියගෙන් වෙන්වීමට හේතුව මිත්තණිය බවත් කියමින් කාලයක් මිත්තණිය සමඟ වෛරයෙන් සිටි නිසා මෙම ඝාතන සිදුකළ බවත් එම ඝාතනය දුටු මිත්තනියගේ සහෝදරියද ඝාතනය කළ බවත් දැරිය ප්‍රකාශ කරන්නේ යැයි පොලිසිය මහේස්ත්‍රාත් හමුවේ පැවසීය.
පවුල් සෞඛ්‍ය සේවිකාවක් වන දැරියගේ මව එම අවස්ථාවේ මුතූර් මූලික රෝහලේ රාත්‍රි රාජකාරි යෙදි සිට ඇති බව පොලිස් පරික්ෂණ වලින් අනාවරණය වි ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විභාගය ලබන මාර්තු 24දාට කල්තබා පශ්චාත් මරණ පරික්ෂණ සදහා මළ සිරුරු ත්‍රිකුණාමලය අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමු කරන ලෙසද පොලිසියට නියම කළේ ය.
පුද්ගලයකුට අත් කියතකින් පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් යුදහමුදා මේජර් වරයෙකු අත් අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.
වන සත්ව සංගණන ආදිය විහිළුවට ලක්වීම සුදුසු දෙයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කොළඹ - පුත්තලම මාර්ගයේ බත්තුළුඔය ප්‍රදේශයේදී අද( 17) පෙරවරුවේ සිදුවු බස් රථ අනතුරකින් 12 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව ආ
මලයගම් ජනතාව සමග එක්ව මෙවර ජාතික වෙසක් උත්සවය අනුව නුවරඑළිය කේන්ද්‍ර කර ගනිමින් සමරන බව බුද්ධ ශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් ස
අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
මැදපෙරදිග අපේ ශ්‍රමික කාන්තාවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන්නැයි රජයට යෝජනා කරන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි අධිනීති
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මිත්තනිය ඝාතනය කළ බව කියන දැරිය පරිවාසයට
ගුණරත්න Sunday, 16 March 2025 03:59 PM
ඔන්න මාලිමාවුන්ගේ කාලේ හැටි, පොඩි අය ආච්චිලා මරණ කාලයක්!. ගිය ආණ්ඩුව කාලේ ඔහොම දෙයක් වුණා නම් මාලිමාවුන් පොඩි එකාගේ මානසික තත්වයේ ඉඳන් විශේෂඥ හෑලි ලියයි, ඒකත් සීයාගේ වැරැද්ද කියලා.