IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


මියන්මාරයේ සයිබර් කඳවුරුවලට ලාංකිකයන් විකිණීමේ ජාවාරමක්

(යොහාන් භාසුර)

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් කණ්ඩායම් වශයෙන් මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යැවීම ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එම කඳවුරුවලට අලුතින් එක්වී ඇති ශ්‍රී ලාංකකියන් සංඛ්‍යාත්මක ඉහළ යාමක් නිරීක්ෂණය වන බවට තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය පවසයි.

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීමේ වැඩිවීමක් ඇති වී තිබෙන බව පෙර අවස්ථා කිහිපයකදී මහජනතාව වෙත අනතුරු ඇඟවීම් නිකුත් කළ බවත් විදෙස් රටවල ආකර්ශණීය වැටුප් ලැබෙන රැකියා අවස්ථා දෙන බව පවසා තොරතුරු තාක්ෂණ දැනුම ඇති වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් මිනිස් වෙළෙදාම කරන පුද්ගලයන් මෙය කරන බවට කරුණු අනාවරණය වී ඇති බවත් එම බලකාය සඳහන් කරයි.

රැකියා සම්මුඛ පරීක්ෂණයන්ට සහභාගී කරවන මුවාවෙන් ඩුබායි වැනි රටවලට ගෙන ගොස් නීති විරෝධි අන්දමින් මියන්මාරයේ සයිබර් අපරාධ කරන කඳවුරුවල සේවය සඳහා බලහත්කාරයෙන් යොමු කර ඇති බව කී ජාතික කාර්ය සාධක බළකාය මෙම සයිබර් අපරාධ කඳවුරුවලදී ඔවුන්ට මානසික වධ හිංසනයන්ට මෙන්ම විදුලි සැර ඇල්ලීම් වැනි ම්ලේච්ඡ ශාරීරික වධහිංසාවන්ට ද ලක්කර ඇති බව මෑතකාලීන විමර්ශනවලින් අනාවරණය වූ බව ද එම පාලකාය සඳහන් කරයි.

එවැනි සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව 011-2102570 හෝ 076-8447700 යන දුරකථන අංකවලට හෝ [email protected]  ඊමේල් ලිපිනයනට හෝ දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද එම බලකාය කීය.



අදහස් (0)

මියන්මාරයේ සයිබර් කඳවුරුවලට ලාංකිකයන් විකිණීමේ ජාවාරමක්

ඔබේ අදහස් එවන්න

දියත

හිතුමතේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය තහනම්
2024 නොවැම්බර් මස 13 30 0

පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 510 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ඇමැති බංගලා විදෙස් සංචාරකයන්ට?
2024 නොවැම්බර් මස 13 147 0

ඇමැතිවරුන්ගේ බංගලා සංචාරක නිවස ලෙස යොදා ගන්නැයි ඉදිරිපත් වී ඇති යෝජනාවක් ගැන රජයේ අවධානය යොමු වී ඇත.


උඩරට දුම්රිය ධාවනය යථාතත්වයට
2024 නොවැම්බර් මස 13 96 0

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න සහ පට්ටිපොළ ප්‍රදේශයේ දී පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ කොළඹ කොටුව බදුල්ල අතර දුම්රිය ධාවනය අද (13) ප


පළමුවරට මුහුදු ගිය ධීවරයා මරුට
2024 නොවැම්බර් මස 13 448 0

හික්කඩුව ධීවර වරායෙන් ඉකුත් (09)වන දින මුහුදු ගිය බහුදින යාත්‍රාවක ධීවරයෙකු මුහුදේ දී මියගොස් ඇති අතර ඔහුගේ මළ සිරුර අද(13)වැනි දින හික්කඩුව ධීවර වරාය වෙත


මෙරට අංශ කිහිපයක සංවර්ධනයට නෙදර්ලන්ත මහාචාර්ය සහය
2024 නොවැම්බර් මස 13 471 1

මෙරට කෘෂිකර්ම, අධ්‍යාපන, සංචාරක සහ රාජ්‍ය සේවයේ ප්‍රවර්ධනය වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහය සහ මූල්‍ය පහසුකම් ලබා දීමට නෙදර්ලන්ත රජයේ අවධානය යොමුව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 203 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 533 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1622 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site