IMG-LOGO

2024 ජුනි මස 30 වන ඉරිදා


මිහින්තලේ ලොකු අනතුරක්

(බී.ජී. චතුරංග)

මහනුවර - යාපනය ඒ 9 මාර්ගයේ දී එළවළු  තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවත් එක් අයෙකුගේ තත්ත්වය බර පතල බව මිහින්තලේ පොලිසිය පවසයි.

එම මාර්ගයේ,  මිහින්තලය - පලුගස්වැව ප්‍රදේශයේදී අද (20) අලුයම 3.00 ට පමණ අනතුර සිදුව ඇති තිබේ.

අනතුරින් මෙලෙස රෝහල ගත කර ඇත්තේ,  එළවළු ලොරියේ ගමන් ගත් රියදුරු සහ ලොරි සහායකයා වන බව පොලිසිය කියයි.

තුවාල ලැබු ලොරි රථ රියදුරා සහ රිය සහයක  යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

එළවළු ලොරි රථය, යාපනය ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු තොගයක්  ප්‍රවාහනය කරමින් තිබියදී  මාර්ගයේ නවතා තිබූ ඉන්ධන බවුසරයක  පිටු පස ගැටීමෙන්  එළවළු ලොරි රථය මාර්ගය හරහා පෙරලි  ගොස් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කලේය.

එළවළු ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කරන බව අනතුර සම්බන්ධයෙන්  පරීක්ෂණ සිදු කරන පොලිසිය කියයි.  

මෙම අනතුර සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත රථ වාහන අංශය වැඩි දුර විමර්ශන සිදු කරති. 



අදහස් (2)

මිහින්තලේ ලොකු අනතුරක්

අසේල Friday, 21 June 2024 05:21 PM

උතුම් පොසොන් පෝය දවසේ, කිසිවකුට කරදරයක් නොවේවා! දෙදෙනාටම ඉක්මන් සුවයම ලැබේවා..!

:       0       2

Akila Weerasakara Friday, 21 June 2024 05:22 PM

හොද වේලාවට තෙල් බවුසරේ පිපිරුවේ නැත්තේ?

:       9       41

ඔබේ අදහස් එවන්න

දියත

ඩයනාට යළි අල්ලස් කොමිසමෙන් විමර්ශන
2024 ජුනි මස 30 244 0

ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව දනිමින්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් වසර 04කට ආසන්න කාලයක් කටයුතු කිරීමෙන් රාජ්‍ය මුදල


පෙට්‍රල් - සුපිරි ඩීසල් මිල බස්සයි
2024 ජුනි මස 30 937 0

පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) අද රාත්‍රී නිවේදනය කළේය.


අධිවේගයේ කඩවත - මීරිගම කොටස යළි පටන් ගනී?
2024 ජුනි මස 30 522 0

චීන අපනයන සහ ආනයන බැංකුව සමඟ මෙරට ණය සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමත් සමඟ ණය අර්බුදය හේතුවෙන් අතරමග නවතා දමා තිබූ ව්‍යාපෘතිවලට වෙන්වී තිබූ ඇමෙරිකානු ඩො


මාතරින් නව දේශපාලන ගමනක් ඇරැඹුවා
2024 ජුනි මස 30 1161 8

අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


වෙරි වූ රියැදුරා කෝච්චිය මග දමා දුවලා
2024 ජුනි මස 30 2242 9

කොළඹ සිට මහනුවර බලා අද පෙ.ව. 10 .40 ධාවනය වූ දුම්රියේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර කලබලකාරී ලෙස හැසීරී දුම්රිය මහනුවර නගරයට ආසන්න සුදුහුම්පොල පෙදෙසේ ස්


මෙතෙර වෛද්‍යවරුන් 5000ක් එතෙර විභාග සමත් වෙලා
2024 ජුනි මස 30 496 1

මෙරට රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් 5000 ක් විදේශයන්හි වෛද්‍ය වෘත්තියේ නිරත වීම සඳහා අවශ්‍ය විභාග සමත්වී ඇති බවත් එය සෞඛ්‍ය අමාත්‍යාංශයට බරපතළ ගැටළු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 431 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1524 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3341 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site