(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මීගොඩ සහ පනාගොඩ ප්‍රදේශවල පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් සිදු කළ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු අද (30) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ ඕවිටිගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේදී ඉකුත් (14) දා රාත්‍රී ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමක් සිදුකර තිබූ අතර එහිදී මීගොඩ නාගහවත්ත පාර අංක 231 / 01 හි පදිංචි නලින් සඳුන් කල්දේරා නොහොත් (බබා) නමින් හඳුන්වන (32) හැවිරිදි සමෘද්ධි අමාත්‍යාංශයේ කාර්යාල කාර්යය සහායකයෙකු මියගොස් තිබුණි.
ඒ ඔහුගේ ඥාති නිවසක පැවති සාදයක් නිමවා සිය බිරිඳ හා බිළිදු දරුවා සමග මෝටර් රථයෙන් නිවසට පැමිණෙමින් සිටියදීය.
මීට අමතරව පනාගොඩ , පැලෑදගොඩ පාර , රණවිරු ගම්මානයේ නිවසකට ඉකුත් 18 දා අලුයම යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල ගිනි අවියකින් නිවස දෙසට වෙඩි තබා පලා ගොස් තිබු අතර ඉන් කිසිවකුටත් හානියක් සිදුව නොතිබූ අතර නිවසේ ජනේලයකට හා බිත්තියකට පමණක් සුළු හානි සිදුව තිබුණි.
පසුව සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හයදෙනෙකු ටී 56 වර්ගයේ ගිනිි අවියක්, උන්ඩ විසි හයක් , මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයක් , උන්ඩ 10, ත්‍රී රෝද රථයක් යතුරුපැදියක් විමර්ශනය නිලධාරීන් සොයාගෙන තිබුණි.
පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම වෙඩි තැබීමේ සිද්ධීන් දෙකම මීගොඩ පදිංචි පුද්ගලයකු විසින් මෙහෙය වූ බවට තොරතුරු අනාවරණය වී තිබූ අතර ඒ අනුව ඔහු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි
කොටුව පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පස්වන මහලේ සවිකර තිබූ සී සී ටී වී කැමරා හතක් සහ ඩී වී ආර් යන්ත්‍රයක් කිසිවකු විසින් ගලවා සොරා ගෙන ගොස් ඇතැයි ක
’’සිරකරුවෝද මනුෂ්‍යයයෝය’’ යන වදන සිහිපත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සිරකරුවන්ට සතුන්ට මෙන් නොසලකන ලෙස බන්ධනාගාර අධිකාරියට නියෝග
උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවැති වැසි තත්වය තාවකාලිකව අඩුවිමක් අද දිනයේ සිට බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජීව විද්‍යා ඒකකය මගින් ප්‍රථමවරට පවත්වන ලද ඔක්ස්ෆර්ඩ් නැනෝසිදුරු තාක්ෂණය මගින
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 28 ක අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙනුවෙන් ගණිතය විෂය සදහා පැවැත්විමට යෝජිතව තිබු ගණිත ක
පවුලේ සාමාජිකයන් අතර සමගිය, සහයෝගය හා දියුණුව ගොඩ නැගිම පිණිස ක්‍රියාත්මක කෙරෙන “මෙන් කයර්” නමින් නවමු වැඩ සටහනක් අනුරාධපුර ප්ලැටිනම් හෝටලයේදි අනුරා
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
මීගොඩ - පනාගොඩ වෙඩි තැබීමට 2ක් සැකපිට