(කේ. බුද්ධික කුමාරසිරි)
මුහුණු පොතෙන් එකතු වූ තරුණ තරුණියන් පිරිසක් එක්ව බියගම ප්‍රදේශයේ හෝටලයක් තුළ සංවිධානය කර තිබූ සාදයක් වටලා 29 දෙනකු අද (16) උදෑසන අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි
මෙම සාදය ඊයේ (15) දින රාත්‍රී කාලයේදී ආරම්භ කර ඇත.
මධ්‍යම රාත්‍රී කාලයේදිත් අධික ශබ්දයක් නගමින් ප්‍රදේශවාසීන්ට හිරිහැර වන පරිදි අදාළ හෝටලය තුළ සාදයක් පැවැත්වෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් ගොස් අදාළ පරිශ්‍රයට පමණක් ඇසෙන පරිදි සාදය පවත්වන ලෙස දැනුම් දී තිබූ නමුත් ඒ පිළිබඳව නොසලකා හැර අදාළ පිරිස අලුයම වන තෙක්ම ඝෝෂාකාරී ශබ්ද නගමින් එම සාදය පවත්වා තිබූ බවද පොලිසිය පවසයි.
ඒ අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට එහි සිටි පුද්ගලයන් තිදෙනෙකු සන්තකයේ තිබී මත්වීමට යොදාගන්නා මත්ද්‍රව්‍ය හමු වූ බවද පොලිසිය පවසයි අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 18 ත් 30 ත් අතර තරුණ තරුණියන් වන බවද පොලිසිය පවසයි
නීතිඥ ස්වස්ථිකා අරුලිංගම් මහත්මියට ලිංගික හිංසන කරන ලදැයි කියන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සුදුසු ස්ථාවර නියෝගයක් අනුව කටයුතු කරන්නැයි සභානායක අමා
ග්‍රෑන්ඩ්පාස් ජබොස්ලේන් ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසලදී පුද්ගලයන් දෙදෙනකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාල තවත් පුද්ගලයන් 4 දෙන
මන්ත්‍රීවරු කොන්ත්‍රාත් කරන, කප්පම් ගන්න, පගා ගහන දේශපාලනය වෙනුවට මන්ත්‍රීවරු නගරාධිපතිවරු නගරාධිපතිවරියෝ ජනතාව එක්ක එකතු වී වැඩ කරන දේශපාලන සංස්කෘ
පරිසර පනත ඉතා ඉක්මනින් සංශෝධනය කරන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පෙනහළු ආසාදනයකට ලක් වී, මාසකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි වතික
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් 1960 දෙනකු පමණ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරනු ලැබ ඇතැයි බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ 3 වැනි පරිච්ඡේදයේ සඳහන් වන බව
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මුහුණු පොතේ සාදයකදී 29 ක් අත්අඩංගුවට
ගොං සේතං Sunday, 16 March 2025 03:55 PM
අත්අඩංගුවට ගත යුත්තේ හෝටලේ පාරිභෝගිකයින්ද? නැතිනම් කලමනාකරුවන්ද? පිළිතුර, කළමනාකරණය මිතුරන් නම් පාරිභෝගිකයින් අත්අඩංගුවට ගැනීමේ වරදක් නැත. සිස්ටම් චේන්ජ් එක දැන්වත් එනවා නම් හොඳයි.