IMG-LOGO

2025 ජනවාරි මස 05 වන ඉරිදා


මුහුද මැද නතර වූ යාත්‍රාවේ මගීහු ධීවර යාත්‍රා මගීන් බේරා ගැනෙති

( රොමේෂ් මධුෂංක)

යාපනය නෙඩුන්තීවු දූපතේ සිටි මුහුදු මර්ගයෙන් මගීන් ඇතුලු 60 දෙනෙකු පටවා ගත් යත්‍රාවකට හදීසියේම මුහුද මැදදී ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් එම යාත්‍රාවේ සිටි මගීන් ධීවර යාත්‍රා මගින් බේරා ගොඩට ගෙන ඒමට ප්‍රදේශවාසී ධීවරයින් විසින් පියවර ගෙන ඇත.

ඊයේ (01) සවස නෙඩුන්තීව් දූපතේ සිට කූරිකඩ්ඩුවාන් ජැටිය දක්වා මෙලෙස මගීන් ඇතුලු යාත්‍රාවේ සේවකයින් 60 දෙනෙකු පමණ අදාල යාත්‍රාවේ ගමන් කරමින් සිටින අතරවාරයේදී මුහුදේ අතරමැද යාත්‍රාවේ එන්ජිමේ ඇති වූ දෝෂයක් හේතුවෙන් නැවතී තිබිණි.

පසුව මුහුදේ තිබූ රලු ස්වභාවය හේතුවෙන් යාත්‍රාවේ ගමන්ගත් මගීන් අතර නොසන්සුන්තාවයක් ඇතිව උදව් ඉල්ලා ඇති අතර ඒ පිළිබඳව අසල මසුන් අල්ලමින් සිටි ධීවර යාත්‍රාවකට නිරීක්ෂණය වී තිබේ.

අනතුරුව අදල ධීවර යාත්‍රාව මගින් තවත් ධීවර යාත්‍රා කිහිපයකට මේ පිළිබඳ දැනුම් ධී නැවතී තිබූ මගී යාත්‍රාවේ සිටි මගීන් සියලු දෙනා ආරක්ෂිතව ගොඩට ගෙන ඒමට කටයුතු කොට ඇති අතර මගී යාත්‍රාවද ගොටඩ ඇදගෙන ඒමට ධීවර යාත්‍රා සහය වී ඇත.

 

 



අදහස් (5)

මුහුද මැද නතර වූ යාත්‍රාවේ මගීහු ධීවර යාත්‍රා මගීන් බේරා ගැනෙති

Lalla Thursday, 02 January 2025 02:02 PM

මනුෂ්‍යත්වයේ ක්‍රියා. පැසසිය යුතුයි.

:       1       30

Lakshmi Nagodavithane Friday, 03 January 2025 09:49 AM

අනවසර සංක්‍රමණිකයන් විය හැක, ඔවුන් ආපසු හරවා යැවිය යුතුය, එසේ නොවුවහොත් එය අපේ මාතෘ භූමියට විශාල ප්‍රශ්නයක් වනු ඇත.

:       0       2

Prabash Friday, 03 January 2025 11:36 AM

මනුෂ්‍යත්වය හොදයි එත් අවශ්‍ය දේවල් දීලා මේ අය වහාම නැවත යන්න ක්‍රියාත්මක කරන්න නැත ගියාද කියලා හොයලා බලන්න මේ දවස් වල හරියට ලංකාවේ කිට්ටු මුහුදු තීර වලට බෝට්ටුවල මිනිස්සු පිරිලා එනවා

:       0       0

Patel Friday, 03 January 2025 11:51 AM

අනිවාර්යෙන් මේ අය ආපසු යවන්න වැඩ පිළිවෙළක් හදන්න ගියාද කියලා හොයලා බලන්න

:       0       0

nimal Friday, 03 January 2025 11:53 AM

කෝ නාවික හමුදාව නිදිද? නැත්නම් අයින් කරලාද? මේ අය කවුද කියලා හොයලා බලන්න මේවා නැත්නම් ලොකු කරදර

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බල්ලොත් එක්ක සහල් ප්‍රවාහනය කරලා
2025 ජනවාරි මස 04 821 0

බලන්ගොඩ නගරයේ වෙළෙඳ සල්වලට බෙදාහැරීමට රැගෙන ගිය සහල් තොගයක් සමග සුනඛයින් දෙදෙනකු ද රැගෙන ඒම නිසා එම ලොරි රථය සහ රියදුරු සමග සහයකයා බලන්ගොඩ මහජන සෙඛ්‍


හොර වෛද්‍යවරයකු ලෙසින් රන් බඩු කොල්ල කෑ සාත්තු සේවකයා අල්ලයි
2025 ජනවාරි මස 04 501 0

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිය මව බැලීමට පැමිණ සිටි කාන්තාවකගේ රන් බඩු වංචනිකව සොරාගත් වෛද්‍යවරයෙකු ලෙස පෙනීසිටි සාත්තු සේවකයෙකු අත්අඩ


පුස්තකාලයෙන් රැගෙන ගිය පොත දශක 3 කට පසු ආපසු
2025 ජනවාරි මස 04 1990 0

දශක 30 කට පමණ පෙර, එක්සත් රාජධානියේ ක්‍රෙඩිටොන් පුස්තකාලයෙන් රැගෙන ගිය ළමා කතා පොතක්, පසුගිය නත්තල් දා යළි පුස්තකාලයට ලැබී ඇත.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර අගැයීම අරඹයි
2025 ජනවාරි මස 04 470 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර අගැයීම මේ මස 08 සිට 12 දක්වා ආරම්භ කරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවසීය


නිදහස් දින උළෙලේ සංවිධාන කමිටුව අගමැතිනිය හමුවෙයි
2025 ජනවාරි මස 04 635 1

පෙබරවාරි මස 4 වැනිදාට යෙදීී ඇති 77 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පැවැත්වීමට නියමිත නිදහස් දින සැමරුම් උත්සවයේ සංවිධායක කමිටුව සහ අග්‍රාමාත්‍ය ආචා


ලාෆ් ගෑස් මිල ගැන තීරණය සඳුදා
2025 ජනවාරි මස 04 290 0

ලාෆ් ගෑස් මිල මෙම මස (ජනවාරි) සංශෝධනය කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන සඳුදා ප්‍රකාශ කරන බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 414 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 211 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 201 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site