(මනෝප්රිය ගුණසේකර)
පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් නිකුත් කළ සිතාසිය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොනු කළ රිට් පෙත්සම නව විනිසුරු මඩුල්ලක් හමුවේ පෙබරවාරි 06 වැනිදා සිට විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (28) දින නියම කළේය.
මෙම පෙත්සම විභාගයට ලැබූ විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් කිහිප දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස උසස්වීම් ලැබීම හේතුවෙන් පෙත්සම විභාග කිරීමට නව විනිසුරු මඩුල්ලක් පත් කිරීමට තීරණය කරනු ලැබමෙන් අනතුරුව එලෙස දින නියම කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොල සහ දමිත් තොටවත්ත යන මහත්වරුන් හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී එලෙස් දින නියම කරනු ලැබීය.
පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා සහ එම ත්‍රස්ත ප්‍රහාරයට ලක් ව තුවාල ලැබූ ජේසුරාජ් ගනේෂන් නමැත්තා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෞද්ගලිකව පැමිණිලි ගොනු කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර හිටපු ජනාධිපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් තමන් අපරාධ චෝදනා යටතේ සැකකරුවකු ලෙස නම් කරන්නැයි ඉල්ලා ඇතැයිද සඳහන් කර ඇත.
පැමිණිල්ල සලකා බැලූ කොටුව හිටපු මහේස්ත්‍රාත්වරයා එම පැමිණිලි සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් තමන්ට සිතාසියක් නිකුත් කර ඇති බව සඳහන් කරන හිටපු ජනාධිපතිවරයා එම සිතාසිය අත්හිටුවන්නැයි ඉල්ලා මෙම රිට් පෙත්සම ගොනු කර ඇත.
කිලිනොච්චිය, කන්නකිපුරම් ප්‍රදේශයේ මාර්ගය අසල පිහිටි ගස් කිහිපයක බැඳ තිබූ ඹඹර කූඩු ඇවිස්සීමෙන් මාර්ගයේ ගමන්ගත් පාසල් ළමුන් ඇතුලු 15 දෙනෙකුට දෂ්ඨ කිරී
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිව සිටි රමාල් සිරිවර්ධන මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුරේ වැඩබැලීම සදහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේව
වාද්දුව තරු පන්තියේ හෝටලයක පෝලන්ත ජාතිකයින් පිරිසක් පිහිනුම් තටාකයේ අවේලාවේ දියනාමින් සිටියදී එයට විරෝධය පලකල පිළිගැනීමේ නිලධාරිනියක පිහිනුම් තට
කිලිනොච්චිය පෙරියකුලම් වැවේ දියේ ගිලීමෙන් දෙදරු පියෙකු ඊයේ (29) දින මිය ගොස් ඇතැයි කිලිනොච්චිය පොලීසිය පැවසීය.
ඇමෙරිකන් එයාර් ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සහ ඇමෙරිකන් හමුදාවට අයත් ‘බ්ලැක්හෝක්’ වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ඊයේ (29) රාත්‍රියේ පියාසර කරමින්
සිදුකළ විශේෂ මෙහෙයුමකදී පිළිගත් ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මුදලට කාන්තාවන් සපයන ස්ථාන හයක් වටලා කාන
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මෛත්‍රීගේ රට් පෙත්සම පෙබරවාරි 6 විභාගයට