(අංජුල මහික වීරරත්න)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරය කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.
මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්ම මහත්මීන් සමග ද්විපාර්ශ්වි සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද අමාත්‍යාංශය කියයි.
මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීමට සහ ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමට නියමිතය.
මෙම සංචාරයේදී දෙරට අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කරගැනීම ද සිදුවනු ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙම සංචාරය සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය,ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක,ඉන්දීය විදේශ ලේකම් සහ ඉන්දීය රජයේ තවත් ජ්‍යේෂ්ඨ නිලධාරීහු කිහිපදෙනෙක් සහභාගී වෙති.
අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට අද (31) අලුයම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇතැයි පොලීසිය ක
ශ්‍රී ලංකාව විවිධත්වයෙන් පොහොසත් ජාතියක් වන අතර, අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාවය තුළින් අනාගතය ශක්තිමත් කිරීමට අප සැම එක්ව ක්‍රියා කළයුතු බව අග්‍රාමා
මහජන මුදල් සහ රාජ්‍ය දේපළ විනාශ කරන අශිෂ්ට දේශපාලන සංස්කෘතියක් වෙනුවට අල්පේච්ඡත්වය සහ පරිත්‍යාගය සහිත අනෙකාගේ සංවේදනා හමුවේ සංවේදී වන සහකම්පනීය දේශ
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑලිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන ඒවා පානය කරමින් සිටි වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍යවරයකු හා ඔහුගේ මිතුරකු මාතර දීයගහ ප්‍රදේශයේ කඩ කාමරයක්දී සැකපිට ප්‍රශ්
ඉස්ලාමයේ අනුගාමිකයන් ප්‍රධානතම ආගමික උත්සවය වන රාමසාන් උත්සවය අද (31) දිනයට යෙදී තිබේ.
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
මෝදි දින තුනක් ලංකාවේ
රම්බොඩ Friday, 28 March 2025 11:52 AM
යන්න බෑ කියයිද ?
ජිල්බු Friday, 28 March 2025 12:01 PM
ඔය කියන දවස්වල මම ටිකක් බිසි. වෙලාව තිබුණොත් කියන්නං. එතකොට එන්න පුළුවන් මාව හම්බ වෙන්න.
chandima Friday, 28 March 2025 10:02 PM
බයකරලා වැඩි ගාණට විදුලිය ගන්න ගිවිසුමක් ගහන්න කියන්න වෙන්න ඇති...?
Thambuththegama pacha mashima Saturday, 29 March 2025 06:57 AM
ඉන්දියානු ව්‍යාප්තවාදය කියන්නේ මේකට. ටිකක් කල්පනා කරලා බලන්න.
නිමල් පෙරේරා Saturday, 29 March 2025 08:17 AM
එක්ටා අත්සන් කරන්න නේද?