(උපාලි රණවීර)
යක්කල පිටුවල්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට ඇතුළු වූ කොල්ලකරුවන් පිරිසක් අවුරුදු 78 ක පස් දරු මවක ඝාතනය කර රන්බඩු හා මුදල් කොල්ලකා ඇතැයි ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.
මියගිය කාන්තාවගේ සහ නිවසේ සිටි තවත් කාන්තාවන් ගේ අත් පා බැඳ කටට රෙදි පාන්කඩ දැමීම නිසා අසාධ්‍ය තත්වයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පස්දරු මව මියගොස් ඇත.
මියගිය පස්දරු මව හා ඇගේ තනියට තවත් කාන්තාවක සිට ඇති අතර හදිසියේ නිවසට ඇතුළු වූ සොරුන් දෙදෙනෙකු මෙසේ ඔවුන්ගේ අත් පා කට බැඳ දමා එහි අල්මාරිවල තිබූ රන් බඩු හා මුදල් කොල්ලකා ගෙන ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත
මෙහිදී කොල්ල කන ලද මුදල් හා රන් බඩු වල වටිනාකම මෙතෙක් ගණනය කළ නොමැති බව පොලීසිය කියයි
මෙම සිද්ධියෙන් පිටුවල්ගොඩ පදිංචි ජී පී නන්දාවතී අවුරුදු 78 නමැති පස්දරු මව මියගොස් ඇත
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්ව සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරල මහත්වරුන්ගේ උපදෙස් මත මල්වතු හිරිපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත මුණසිංහ මහතාගේ මෙහෙයුමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යක්කල 78 පස්දරු මව මරා නිවස කොල්ල කයි
Senarath Sunday, 10 October 2021 12:25 PM
මේ අපරාධය කල අයට අම්මලා නැතිද.?
fairoos Sunday, 10 October 2021 12:50 PM
දැන්නම් රට හොඳටම පිරිහිලා... මිනිස්සුන්ට ජීවත් වීමට ඉතාම අමාරුම කාලයක් මේ ගෙවන්නේ...
LHwijesenade silva Tuesday, 12 October 2021 09:49 PM
ඉතා හොඳ වෙබ් පිටුවක්
jayarathna Liyanage Thursday, 14 October 2021 11:28 PM
මෙ ආන්ඩුවේ ඉන්නේ හිගන්නු .රන්ජන් රාමනායක මහාතා කියපුවා බොරැ නොවෙයි .මුන් හොරැ ගොටා හිඟා නොකා හිඟා කනවා