IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


යුක්තියට කුඩු කිලෝ 35 වත්තලින් අසුවේ

(ගයාන් සූරියආරච්චි සහ සරත් චින්තක)

වැඩබලන පොලිස්පති වරයාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කෙරෙන යුක්තිය මෙහෙයුමට සමගාමීව වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකින් හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 35, ග්‍රෑම් 522ක්, හෙරොයින් ග්‍රෑම් 622ක් සහ අයිස් ග්‍රෑම් 10 ක සහ මිලිග්‍රෑම් දහයක් සමග යුවළක් අද අලුයම අත්අඩංගුවට ගත් බව වත්තල පොලිසිය පවසයි.

සැකකාර පුද්ගලයා අවුරුදු (34) සහ ඔහුගේ බිරිය අවුරුදු (30) වන ආදුරුප්පු වීදියේ පදිංචි අයවලුන් බව පොලිසිය පවසයි.

සැකකාර යුවළ මීට මාසයකට පෙර ආදුරුප්පු වීදියේ සිට වත්තල ප්‍රදේශයට පදිංචියට පැමිණ ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරිහු එක්ව මෙම වැටලීම සිදු කළහ.

කැලණිය කොට්ඨාස භාර i ජෙෂ්ඨ පොලිස් අධිකාරී වයිබී ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි කැලණිය දිස්ත්‍රික් i බාර පොලිස් අධිකාරි ප්‍රසන්න සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ වත්තල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන, වැඩ බලන ස්ථානාධිපති අසේල පෙරේරා, පොලිස් කොස්තාපල්වරුන් වන (10524) මදුශංක, (33281) සුමිත්, කාන්තා පොලිස් කොස්තාපල් (13278) වත්සලා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

 



අදහස් (4)

යුක්තියට කුඩු කිලෝ 35 වත්තලින් අසුවේ

Prabha Monday, 18 December 2023 01:37 AM

ඔයා පොලිස්පති පුටුව බලන් කරන වැඩ මීට කලින් කරන්න බැරි උනේ මොකද ?මීට කලිනුත් බස්නාහිර භාරව නේද හිටියේ ?

:       0       4

sam Monday, 18 December 2023 02:07 AM

"හෑෂ්" කිලෝ තිස්පහ "කුඩු" කියලා හඳුන්වලා තියෙන්නේ දේශබන්දුව බේරා ගන්න වෙන්න ඇති!

:       1       3

Akila Monday, 18 December 2023 07:17 AM

දැන් මේ වැඩ බලන පොලිස්පති නේද මෙච්චර දවසක් බස්නාහිර පළාත බාරව හිටියේ ? ඇයි ඒ කාලේ මේව කරන්නේ නැතිව බස්නාහිර මෙච්චර අපරාද වර්දනය වෙන්න දුන්නේ ?

:       0       4

මැක්ස් Monday, 18 December 2023 09:02 AM

පින් අයිති වන වැඩ!

:       2       2

ඔබේ අදහස් එවන්න

දියත

පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 298 0

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 257 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 821 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 940 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 494 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 869 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39259 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25623 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1105 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site