IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


යුක්රේන ආධාර ගැන රුසියවෙන් ඇමෙරිකාවට චෝදනාවක්

ඇමෙරිකා එක්සත් ජනපදය යුක්රේනයට ලබා දුන් ආධාර ගිණුම්ගත කිරීමේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක වැඩිපුර සටහන් වී ඇතැයි රුසියන් ටුඩේ නාලිකාව වාර්තා කර ඇත.

යුක්රේනයට ලබා දුන් ආධාර වල සැබෑ වටිනාකමට වඩා වැඩිපුර ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක් මුදලක් ආධාර ගිණුම් ගත කිරීමේදී ඇතුළත් වී ඇතැයි එම නාලිකාව පෙන්වා දී තිබේ.

ඒ පිළිබඳ ධවල මන්දිර ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් සී.එන්.එන් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වා තිබේ.

එහිදී පසුගිය වසරේ සිට යුක්රේනය වෙත යවන ලද ආයුධ නෞකා 37 සහ වෙනත් ආධාර පිළිබඳ අධීක්‍ෂණයක් සිදු නොවීම හේතුවෙන් මෙම ගිණුම්කරණ දෝෂය සිදු වූවා දැයි මාධ්‍යවේදියා ප්‍රශ්න කර ඇත.

එයට පිළිතුරු දෙමින් ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් සතයක්වත් අතුරුදන් වීමක් හෝ වැරදි ලෙස ගණනය කිරීමක් සිදුව නොමැති බව ජේක් සුලිවන් පෙන්වා දී ඇත.

යුක්රේනයට යුද උපකරණ ලබා දීමේදී එම උපකරණ වල සැබෑ වටිනාකම නොව ඒවා නැවත ලබා ගැනීමට වැය වන මුදල සටහන් කරන බව සුලිවන් ප්‍රකාශ කර තිබේ. ඒ හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක මුදලක් ගිණුම්වල සටහන් වී ඇති බවත් ඉන් අදහස් වන්නේ යුක්රේනයට තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක යුද උපකරන ලබා දිය හැකි බවත් යැයි ජේක් සුලිවන් පෙන්වා දී ඇත.

034



අදහස් (0)

යුක්රේන ආධාර ගැන රුසියවෙන් ඇමෙරිකාවට චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

දියත

පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 226 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


ඝාතන
2024 නොවැම්බර් මස 18 4 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 391 1

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 715 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 1306 3

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 75 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 21166 28


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18836 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 359 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 636 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1818 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site