IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


යුක්රේනයට දුන් සැලකිල්ල පලස්තීන ප්‍රශ්නයටත් දෙන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

යුක්‍රේන ප්‍රශ්නය ඇතිවූ අවස්ථාවේදී  ජනාධිපතිවරයා ක්ෂණිකව ඒ සම්බන්ධව ප්‍රතිචාර දැක් වූ ලෙසින් පලස්තීන  ප්‍රශ්නයේදීත් විවෘත හා පැහැදිලි ස්ථාවරයක් ගත යුතුව තිබෙන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අද පලස්තීන ප්‍රශ්නයේ හරි වැරැද්ද  කළු සුදු මෙන් පැහැදිලි තත්වයක් බවද මන්ත්‍රීවරයා කීය.

යුක්‍රේන ප්‍රශ්නයේදී අනුගමනය කළ සිද්ධාන්ත,මූලධර්ම අනුව යමින් ජනපති  විවෘත හා පැහැදිලි ස්ථාවරයක් ගත යුතුව තිබෙන බවද බාකීර් මාකර් මහතා පැවසීය.

නිවැරදි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටිමින් මිනිස් සංහාරය වහාම නතර කිරීමටත් කොන්දේසි විරහිතව වහාම සටන් විරාමයකට යාමටත්  පැහැදිලිව හඬ නැගිය යුතුව තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.

මාස දෙකකට අධික කාලයක් තිස්සේ පලස්තීන භූමියට ඊශ්‍රායල ගුවන් හමුදාව බෝම්බ දමමින් සිටින බවත්  ගාසාවේ උතුරේ සිටින  පලස්තීනුවන්ට උපන් ගම්බිම්, වාසස්ථාන අත්හැර ජීවිත බේරාගෙන දකුණට යන්නැයි නිවේදනය කර තිබෙන බවත් ඉමිතියාස් බාකීර්  මාකර් මහතා කීය. පාසල්, රෝහල්, වාසස්ථාන, ඉස්ලාමීය, ක්‍රිස්තියානි සියලු දේවස්ථාන භේදයකින් තොරව පොලවට සමතලා වී ඇතැයි ද මන්ත්‍රීවරයා කීය.

මෙහිදී අදහස් දක්වමින් විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසූයේ රජයක් ලෙස පලස්තීන ජනතාව වෙනුවෙන් ලංකාව  පෙනී සිටින බවයි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී එම ස්ථාවරය පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙන බවද විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (7)

යුක්රේනයට දුන් සැලකිල්ල පලස්තීන ප්‍රශ්නයටත් දෙන්න

සල්ලි Thursday, 07 December 2023 03:05 PM

උබට වෙන ප්‍රශ්න නැතිද බන්?

:       6       20

පියනන්ද Thursday, 07 December 2023 04:00 PM

ඔයාගේ ජාතියේ, ආගමේ අය අන්තවාදී වීම නතර කරා නම් මේ ප්‍රශ්නය ඇති නොවෙන්න තිබුණා. තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ දිහාත් බලන්න.

:       1       0

Bamunuarachchi Thursday, 07 December 2023 06:07 PM

ඉස්ලාමීය ත්‍රස්තයින්ට උදව් කරන්න කියලා නේද මේ කියන්නේ? මොලේ මඥ්ඥන් වෙලාද? ඉස්ලාම් කාරයෝ අතුගාලා දාන්න ඕනේ වෙලාවේ ඒ අයට සපෝට් එක දෙන්නලු.

:       1       1

කමල් Thursday, 07 December 2023 10:35 PM

කොටි ත්‍රස්තවාදීන්ට අපේ සිංහල ගම්මානවලට පැනලා දරුවෝ අම්මලා තාත්තලා, ආච්චිලා, සීයලා කපලා කොටලා මරලා දාන්න පුහුණු කලේ හමාස් සංවිධානය. එතකොට හමාස්ලාට ඇමෙරිකාව උදව්කරන කාලේ... අද ඒකේ ප්‍රථිඵල ඔවුන්ට ඇස්පනාපිටම හම්බවෙලා තියෙනවා. එතකොට අරගලය කරලා අපේ රට පස්සට ඇදලා දාපු ඇමෙරිකාව ප්‍රමුඛ කැනේඩියානුවන්ට, යූරෝපීයයන්ට හා නැමිලා දෙන අරගල කරුවන්ට යුක්ක්‍රේනයේදී සුපිරියට කෑම ලැබෙනවා. බලන්න ස්වභාවධර්මය සලකන ආකාරය...!

:       1       0

chandima Thursday, 07 December 2023 11:02 PM

අර සමුළුවේදී හම්බ වුණු කවුරුවත් අඩුතරමින් ප්ලේන්ටියක් බොන්න කතාකළේවත් නැති කොට මොනවට ඒ ගැන සැලකිල්ලක් දක්වනවාද?

:       0       0

Shelton wijesiri Friday, 08 December 2023 06:14 AM

යුක්‍රේනය කියන්නේ රුසියානු ආක්‍රමිකයාට ගොදුරු වූ අහිංසක මිනිස්සු ඉන්න රටක්.පලස්තීනය කියන්නේ අසල්වැසි සාමකාමී ඊශ්‍රායල්්ජනතාව මරා දමන,ස්ත්‍රී දූෂණය කරන,කුඩා දරුවන් කපා කොටා මරා දමන ම්ලේච්ඡ හැතිකරක්.එනිසා පලස්තීනුවන් කිසිසේත් යුක්රේන ජනතාවට සම නොකල යුතුයි.

:       1       0

Yass Friday, 08 December 2023 08:40 AM

අනුන්ගේ ප්‍රශ්නවලට ඇඟිලි ගහන්නේ නැතිව හිටියා නම් තමයි හොඳ ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 357 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 930 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1404 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 190 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 783 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 900 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25653 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site