IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


යුගදනවියට එරෙහිව හිටපු ජවිපෙ මන්ත්‍රීවරුන් ගොනු කළ පෙත්සම් සලකා බැලීමට දිනයක්

 ( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

කෙරවලපිටිය යුගදනව් බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට හතළිහක් අමෙරිකානු සමාගමක් වෙත පැවරූ ගිවිසුම බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ යන  මහත්වරු  ගොනු කල රිට් පෙත්සම ලබන වසරේ  පෙබරවාරි මස 01 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද ( 22) තීරණය කළේය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල  හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.

එහිදී පෙත්සමෙහි වග උත්තරකාර වෙස්ට් කෝස්ට් පවර් පෞද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ  සංජීව ජයවර්ධන මහතා සදහන් කලේ මෙම පෙත්සමට මුල් වූ කරුණු සම්බන්ධයෙන්ම  මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක්  මේ වන විට ඉදිරිපත් කර තිබෙන බවය.

මෙහි පෙත්සම්කරුවකු වන වසන්ත  සමරසිංහ  මහතා විසින් ද එක්  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන  බව සදහන් කල ජනාධිපති නීතීඥවරයා පෙන්වා  දුන්නේ එම මූලික අයිතිවාසිකම් පෙත්සම්  මෙම  26වැනිදා කැඳවීමට තීරණය කර තිබෙන බවය.

එම පෙත්සම්  පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලෙස  නීතිපතිවරයා  අධිකරණයෙන් ඉල්ලා ඇති බවද ඒ මහතා  කීය.

එසේ තිබියදී  එම පෙත්සම්කරුවකුම මෙම අධිකරණයට  පැමිණ  සහන  ඉල්ලා  සිටින මෙබදු  පෙත්සම්  දිරිමත් නොකල යුතු බව ඒ මහතා  පෙන්වා දුන්නේ ය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා සදහන් කලේ එම පෙත්සම් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීම සම්බන්ධයෙන්  ශ්‍රේෂ්ඨාධිකරණයට   ඉදිරිපත් කර ඇති අතර  මෙම පෙත්සම්  වග උත්තර කරුවන්ගේ ක්‍රියා  සම්බන්ධයෙන්  ගොනු කර ඇති බවය.

කෙසේ වුවද මෙම  පෙත්සමට අදාළව  ලියකියවිලි  කිහිපයක් ඉදිරිපත් කිරීමට  අවශ්‍ය  බැවින්  ඊට අවසර දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

කරුණු සලකා බැලූ අධිකරණය එම ලියකියවිලි  සති හතරකදී ගොනු කරන ලෙස නියම කලේය.

 මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් , වේස්ට් කෝස්ට් පවර් පෞද්ගලික සමාගම , ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි පිහිටි නිව් ෆෝට්‍රස් සමාගම , ලංකා විදුලි බල මණ්ඩලය , ලක්දනවි සමාගම , මහජන උපයෝගිතා කොමිසම , එහි සභාපති ඇතුළු සාමාජිකයින් ,මුදල් අමාත්‍යාංශ ලේකම් , ලංකා ඛනිජ තෙල් සංස්ථාව , ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍ය මණ්ඩලය  ඇතුළු 43 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

අදාළ ගිවිසුමට එළඹීමේ දී රජය විසින් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත  විනිවිදභාවයකින් තොරව වන අතර එවැනි  තීරණය ගැනීමට පෙර ජාතික ආර්ථිකය හා ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට වග උත්තරකාර අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවට පෙත්සම් කරුවෝ චෝදනා කරති.

එබැවින් අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක වීම වළකාලන අතුරු නියෝගයක්  හා එම තීරණය බලශූන්‍ය කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද  පෙත්සම් කරු වෝ ඉල්ලා සිටිති.

නීතීඥ සුනිල් වටගල මහතාගේ  උපදෙස් මත නීතිඥ  ශාන්ත ජයවර්ධන මහතා  පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා වේස්ට් කෝස්ට් පවර් පෞද්ගලික සමාගම වෙනුවෙන් ද ජනාධිපති නීතීඥ පාලිත කුමාරසිංහ මහතා ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් ද පෙනී සිටියහ.


 

 



අදහස් (3)

යුගදනවියට එරෙහිව හිටපු ජවිපෙ මන්ත්‍රීවරුන් ගොනු කළ පෙත්සම් සලකා බැලීමට දිනයක්

sharm warn Monday, 22 November 2021 04:13 PM

ඔය නිව් ෆෝට්රස් එකේ රාජපක්ෂ නමක් ඇත්තෙම නැද්ද? අධ්‍යක්ෂ මණ්ඩලේ එහෙම? නෑ මම මේ නිකන් ඇහුවේ..?

:       0       0

NIMAL Monday, 22 November 2021 05:28 PM

සිය ගාණක් ට්‍රාන්ස්ෆෝමර්ස් විනාශ කරපු ජවිපයේ අය අද කොහොමද යුගදනවියට එරෙහි වෙන්නේ...?

:       6       0

ravin Monday, 22 November 2021 05:41 PM

අනේ මන්දා... අපේ නම් බලාපොරොත්තුව ගරු අමරදේවයන්ගේ ‘‘පින්කෙත හෙළ රන් දෙරණේ‘‘ ගායනා කරන්න මිස, ගරු නන්දා මාලනීගේ ‘‘ඉඳිකටු ඇණ ඇඟිලිතුඩින්... කුමට මෙරට...‘‘ ශබ්ද නගා ගායනා කරන්න නොවේ.

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 12 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 234 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 209 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 458 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 552 1

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 78 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26356 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18862 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 377 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 646 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1855 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site