IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


යතුරු පැදියේ ගිය තරුණිය මරු හා යයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

අතුරුගිරිය පෝරේ හංදියේදී යතුරු පැදියක් කැබ් රථයක ගැටී සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන්ගත් තරුණියක මියගොස් ඇති බව අතුරුගිරිය පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම හබරකඩ බෝධිරාජ මාවතේ පදිංචි සචිනි යශෝධා නමැති 22 හැවිරිදි අවිවාහක තරුණියකි.

ඇය තම ස්කූටි යතුරුපැදියෙන් නිවසේ සිට මාලබේ දෙසට යමින් සිටියදී අතුරුගිරිය පෝරේ හන්දිය ආසන්නේ ගෝවින්න මාවතේ සිට ප්‍රධාන මාර්ගයට ගත් කැබ් රථයක ගැටි විසි වී මාලබේ දෙස සිට අතුරුගිරිය දෙසට ප්‍රති විරුද්ධ මංතීරුවේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක ගැටී මෙම ඩඅනතුර සිදුව තිබේ.

අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් අවිවාහක තරුණිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙසේ මියගොස් තිබේ.

 



අදහස් (4)

යතුරු පැදියේ ගිය තරුණිය මරු හා යයි

මාතලී Saturday, 13 May 2023 08:11 PM

මේ කාලයේ කැබ්‍ රථ මෙන්ම ලොකු ලොකු වාහන හිමියන් අතුරු මාර්ගවල සිට ප්‍රධාන මාර්ග වලට වාහන ගන්නේ තමුන් විතරයි. පාරේ යන්නේ කියලා හිතාගෙන වගේමයි ඔවුන්ට මාර්ග නීති කිසිවක් අදාල නැහැ පාර මැදද නැවැත්වීම අවසර තියෙන තැනක්ද? සමහරක් ධනවතුන්ට අදාල නැහැ රාත්‍රියේ යනවා නම් යන්නේ ඉදිරියට එන වාහනයට මෙන්ම ඉදිරියේ යන වාහනයටත් හෙඩ් ලයිට් ඩිම් නොකර පීඩාවට පත්කරමින් කියලා කියන්න පුළුවන්... ඒවා සැඟවී පාරට පනින උන්දැලා දකින්නෙත් නැහැ මේ වනවිට යතුරු පැදි කියන්නේ සතියකට දෙතුන් දෙනෙක්වත් මරණයට පත්කරන වාහනයක් වෙලා ඉවරයි...

:       7       42

BamunuarachchiSunday, 14 May 2023 10:19 AM

පිස්සු කෙලින්න එපා හලෝ. පොටෝ එක බලනවා පිකප් වාහන පාරේ මැදත් පහු කරලා. ස්කුටියේ ආපු එකා දැනගන්න ඕනේ දකුණෙන් එන වාහනයට ඉඩ දෙන්න තමන්ගේ වාහන නවත්වා ගන්න. "මාවතේ සිට ප්‍රධාන මාර්ගයට ගත් කැබ් රථයක ගැටි," ස්කූටිය කැබ් එකේ ගැටිලා තිබෙන්නේ. ස්කූටියේ යන උන්දැලා ගැන අවධානයෙන් ඉන්න. හෙල්මට් එකක් නැති ළමයෙක් පිටුපස තියාගේ ස්කූටියක ආපු උන්දෑ කෙනෙක් මගේ වාහනයේ වම්පැත්තේ පිටුපස දොරේ ඇන්නා. උන්දැලා බ්‍රේක් ගහන්නේ පාරට කකුල් දෙක තියලා. අපි පරිස්සමින් පදවන නිසා උන්දැලා නොමැරී ඉන්නවා. ස්කූටියේ නැග්ගාම හිතේ Porsche එකක් පදිනවා කියලා.

:       1       0

mangalaSunday, 14 May 2023 04:06 PM

''ඇය තම ස්කූටි යතුරුපැදියෙන් නිවසේ සිට මාලබේ දෙසට යමින් සිටියදී අතුරුගිරිය පෝරේ හන්දිය ආසන්නේ ගෝවින්න මාවතේ සිට ප්‍රධාන මාර්ගයට ගත් කැබ් රථයක ගැටී විසිවී මාලබේ දෙස සිට අතුරුගිරිය දෙසට ප්‍රතිවිරුද්ධ මංතීරුවේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.'' මේ කියන විදියට කැබ් රථය තමයි ප්‍රධාන මාර්ගයට දාලා තියෙන්නේ ගොනෙක් වගේ. ''පිකප් වාහන පාරේ මැදත් පහුකරලා. ස්කූටියේ ආපු එකා දැනගන්න ඕනේ දකුණෙන් එන වාහනයට ඉඩ දෙන්න තමන්ගේ වාහන නවත්වා ගන්න. '' මරු තියරිය. දකුණෙන් තියා කොහෙන් ආවත් ප්‍රධාන මාර්ගයට දාන්න නම් මාර්ගය නිදහස් වෙන්න ඕනෑ. ඕක දන්නේ නැතුව තමා වාහන පාවිච්චි කරන්නේ නේද? මේ කියන විදියට කැබ්කාරයා ස්කූටිය පෙනි පෙනී දාලා තියෙන්නේ, එහෙමත් නැත්නම් ස්කූටිය එන පැත්ත බලලාවත් නැහැ. කොහොමත් ස්කූටිවල යන අයගේ මාර්ග නීති දැනුම නම් කතාකරලා වැඩක් නැහැ. නමුත් දන්නවා කියලා හිතාගෙන ඉන්න අයගේ දැනුම ඔහොම නම් කවර කතාද? කොහොමත් ලංකාවේ අය තමන් වැරැද්ද කරලා ඒක අනිකාගේ ඇඟේ ගහන්න හරි දක්ෂයි. එහෙම නැත්නම් තමන් කරන්නේ වැරැද්දක් කියලා දන්නෙම නැහැ. මාර්ගයේ හරි විදියට යන එකා තමා අන්තිමට වැරදි.

:       0       0

Bunny Preena Monday, 15 May 2023 09:57 AM

වාහනය හසුරුවන කට්ටියගෙ ලොකුම දුර්වල කම තමා කිසිම විනීතකමක් නොමැතිව, ඉවසීම, හික්මීම නොමැතිකම සහ හදිස්සිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 221 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 167 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 56 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 476 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 700 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site