(පද්මසිරි ගාර්දියවසම්)
රන්න බටඅත ගොවිපළ අසලදී අද (11) රාත්‍රි 7 ට පමණ කැබ් රියක් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හුංගම පොලිසිය පැවසීය.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්බලන්තොට පොලිසියට අනුයුක්තව සේවය කළ අන්ද්‍රාහැන්නදිගේ මංජුල ප්‍රියනාත් නමැති 54 හැවිරිදි පොලිස් සැරයන් වරයාය.
ඔහු අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .
පොලිස් සැරයන් වරයා යතුරුපැදියෙන් රන්න දෙස සිට හුංගම දෙසට ගමන් කරමින් සිටියදී හුංගම දෙස සිට රන්න දෙසට ගමන් කරමින් තිබූ කැබ් රථයේ ගැටී ඇතැයි පොලිසිය පැවසීය .
කැබ් රථයේ රියදුරුට වේගය පාලනය කරගත නොහැකි වීමෙන් යතුරුපැදියේ ගැටී ඇතැයි පොලිසිය පැවසීය .
ජීවිතක්ෂයට පත් පොලිස් සැරයන්වරයාගේ දේහය රන්න ග්‍රාමීය රෝහලේ තැන්පත් කර තිබේ .
කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. හුංගම පොලිසියේ රථවාහන අංශය අනතුර ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යතුරුපැදි අනතුරකින් පොලිස් සැරයන් මරුට